ලක්මාල් ධර්මරත්න තිර රචනය කර අධ්යක්ෂණය කළ වාලම්පුරි සිනමා පටය අසූව දශකයෙන් පසු ශ්රී ලාංකේය සිනමාවේ නව වාර්තා ගණනාවක් තැබීමට සමත් වී ඇත.
තිරගත වූ දිනයේම වාර්තාගත රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ඉපයීමට සමත් වූ සිංහල සිනමා පටය ලෙස box office වාර්තා තැබීමත් සිංහල සිනමා පටයක් වාර්තා කළ හොඳම සතිඅන්ත වාර්තාගත මුදල රුපියල් මිලියන 20ක මුදලක් ඉපයීමටත් සමත් වී ඇත.එමෙන්ම දින දහයක් ඇතුළත රුපියල් ලක්ෂ 600ක් සිංහල සිනමාවේ ආදායම් උපයමින් වාර්තා තැබීමට මේ වන විට සමත් වී ඇත. දිවයින පුරා සිනමා ශාලා 72 ක තිරගතවන වාලම්පූරි සිනමා පටය දර්ශන වාර 180ක් මේ වන විට දිනපතා ප්රේක්ෂකයන් වෙනුවෙන් තිරගත වන අතර අසූව දශකයෙන් පසු වැඩිම ජන ගඟක් ගැලූ යුගය ලෙස සටහන් වේ.
වාලම්පුරිය හෙවත් හීන හතහමාරක් අසංක දොඩන්තැන්න හා ප්රදීප් පෙරේරාගේ විධායක නිෂ්පාදනයක් වන අතර Green light film නිෂ්පාදනයකි.