ජනප්රිය රංගන ශිල්පියෙකු වන ලාල් වීරසිංහ අධ්යක්ෂණය කළ ” රැයක් හෝ පැයක්” චිත්රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතයි.
මෙහි ලාල් වීරසිංහ, චන්න පෙරේරා, දිලුක්ෂි වීරප්පෙරුම, නොෂින්ද සිල්වා, රාජිත හිරාන්, කුමාර ජනකාන්ත රංගනයෙන් දායක වෙති. මීට අමතරව දකුණු ඉන්දීය රංගන ශිල්පීන් වන රුද්රා , සංජනා නයිදු, යෝගී රාම් ඇතුළු ජනප්රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.
රැයක් හෝ පැයක් කතාව, තිරරචනය සහ සම්බන්ධීකරණය ආර්. කුලන්දායි යේසුගෙනි. කැමරාකරණය තංගයියා මාඩසාමි විසිනි. සංස්කරණය එල්.යූ. කේ වොෂ් විසින් සිදුකර ඇත.එස්.එන් අරුණගිරි විසින් සංගීතය සහ තනු නිර්මාණය කර ඇති මෙහි නොයෙල් රාජ් පීරිස්, චම්පා කල්හාරි, නොෂින්ද සිල්වා ගීත ගායනයෙන් එක්වෙති. පසුබිම් සංගීතය සජිත් ඇන්ඩර්ගෙනි.