Home » ලතා වල්පොලගේ ජීවිත කතාව මනෝ වීරසේකර සිනමාවට නඟයි

ලතා වල්පොලගේ ජීවිත කතාව මනෝ වීරසේකර සිනමාවට නඟයි

by Thanushika
August 28, 2025 12:30 am 0 comment

සම්මානනීය ගායන ශිල්පිනී ලතා වල්පොලගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘ලතා’ සිනමාපටය ළඟදීම ප්‍රේ‍ක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාවව උදාවේ.

එසේම මෙය ජීවතුන් අතර සිටින කලාකරුවෙකුගේ හෝ කලා කාරිනියකගේ ජීවිත කතාව ඇසුරින් සිනමාපටයක් නිර්මාණය වන ප්‍රථම අවස්ථාව ද වෙයි.

ලතා වල්පොලගේ චරිතය මෙහි නිරූපණය කරනුයේ ජනපි‍්‍රය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න විසිනි. ධර්මදාස වල්පොල ලෙසින් ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර එක්වේ.

චින්තක වාස්, ප්‍රියංකා සමරවීර, නිහාරි වික්‍රමආරච්චි, චතුර ගයාන්, නෙතුකි නෙතුමලි, ප්‍රසාද් දැකුම්පිටිය, දසුනි නවංජනා, තිලාන් වර්ණජිත් සමඟ ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති.

අධ්‍යක්ෂණය මනෝ වීරසේකර තිරපිටපත සහ නව ගීත නිර්මාණය මෙල්රෝයි ධර්මරත්න, රූගත කිරීම් පිටපත් සංස්කරණය දිලීප අබේසේකර, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සංස්කරණය ඉරෝෂ ගමගේ, සහය අධ්‍යක්ෂණය නිරෝශන් එදිරිමාන්න කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය කුමාර කරව්දෙනිය, අංග රචනය ප්‍රේමලාල් ලියනගේ නිෂ්පාදන කළමනාකරණය ෂර්ලි සමරසිංහ ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT