Home » ලංකාවේ පළමු 4K සිනමාහල කුමක්ද?

ලංකාවේ පළමු 4K සිනමාහල කුමක්ද?

-රාම් සිනමා ශාලාවේ හිමිකරු ගෝකුල හර්ෂන් රාමනාදන්

by Thanushika
June 19, 2025 12:30 am 0 comment

කුඩා කල සිටම ඔහුගේ සිත තුළ ඇතිවූ සිතුවිල්ලක් ලෙසයි නව තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් නිර්මාණය කරන්නේ.තම ජීවිත කාලය තුළදී ඔවුන්ගේ සිතුම් පැතුම් හැමදාම ක්‍රියාත්මක වන්නේද මිනිසුන් වෙනුවෙන්මයි.නිර්මාණශීලී හැකියාව තුළ මිනිසුන්ගේ අරමුණු විවිධාකාරයි.තව මිනිසෙකුගේ සතුට වෙනුවෙන් ඔහුව සතුටු කරන්න පුළුවන් ඔවුන්ගේ දුක සැප දෙක එක ලෙස විඳගන්න පුළුවන් කොට්ඨාසයක් අප අතර ඉන්නෙත් අල්පයකි. ඒ අතර සුවිශේෂ චරිතයක් වන්නට අද ඔහුට හැකි වී ඇත. කොළඹ නාගරිකරණ පරිසරයෙන් ඔබ්බට විනෝදාස්වාදය වෙනුවෙන් යමකුට දෙන්න පුළුවන් උපරිම වින්දනය වෙනුවෙන් ලාංකේය සිනමා ඉතිහාසයේ 4ඬ සිනමා ශාලාවක් ලෙස ස්ථාපිත කිරිමට අද ඔහුට හැකි වී ඇත. පළමු සිනමා ශාලාව ලෙස නම් වන්නෙත් මේ සිනමාහලයි. ඒ පසුගිය දින ජනතා අයිතියට පත් කළ රාම් සිනමා ශාලාව පමණයි. මනස්කාන්ත පරිසරයක් තුළ ඉතා කුඩා භූමි ප්‍රමාණයක ලාංකේය සිනමා ඉතිහාසයට අංග සම්පුර්ණ පහසුකම්වලින් යුත් සිනමා ශාලා තුනක් ප්‍රේක්ෂකයාට විවිධ ආකාරයෙන් සිනමා විනෝදාස්වාදය ලබා ගැනීමට, වත්තල දි ඉඩකඩ සලසා දී ඇත. මේ අලුතෙන් ස්ථාපිත කළ රාම් සිනමා ශාලාවේ හිමිකරු ගෝකුල හර්ෂන් රාමනාදන් සරසවිය සමඟ කළ කතාබහයි.

මෙවැනි සිනමා ශාලාවක් ස්ථාපිත කරන්න හිතුවේ ඇයි?

සිනමා ශාලාවක් ස්ථාපිත කරන්න මූලිකත්වය ගෙන කටයුතු කළේ මගේ පියායි. ඔහු නමින් පොන්නම්බලම් රාමනාදන්ය. පියා සිනමා ක්ෂේත්‍රය දැවැන්ත චරිතයක් නොවේ. ඒත් ඔහු ඉන්දීය සිනමාව සමඟ නිෂ්පාදන දායකත්වයෙන් හවුල් වී කටයුතු කරගෙන යනවා. ලාංකේය සිනමාවට ද තවත් යාළුවකු සමග එකතුවි ඉන්දීය සිනමා පට ගෙන්වීමටද මූලිකත්වය ගෙන කටයුතු කළා. ඔහු මේ ක්ෂේත්‍රයත් සමඟ දැනට අවුරුදු 20කට වැඩි කාල පරාසයක් තුළ ජීවත් වෙනවා. ඒ අනුව මේ සිනමා ශාලාව හදන්න 2017 තමයි අපි තීරණය කළේ.කොළඹ්න් ඔබ්බට සිනමා ශාලාවක් ගේනවා නම් හොඳයි කියන මතයේ අපි සමීක්ෂණයක් කරලා තීරණය කළා. ඒ අනුව අපි තීරණයකට පැමිණියා සියලු දෙනාම එකතුවෙලා වත්තල ප්‍රදේශය තමයි අලුත් සිනමා ශාලාවක් ස්ථාපිත කරනවා නම් හොඳම තැන කියලා.මේ ප්‍රදේශය තුළ විවිධ ජාතීන් ජීවත් වන නිසා එකිනෙකාගේ විනෝදාශය එකිනෙකට වෙනස්ය.එනිසා සිනමාව තුළද ඒ ආකාරයට සිදුවෙන නිසා ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් අපි සිනමා ශාලාවක් ගේන්න තීරණය කළා. 2019 වර්ෂයේ ගොඩනැගිල්ල හැදීමේ මූලික පියවරට අපි එළඹිය අතර සියලු වැඩ කටයුතු අවසන් වුණේ 2024 වර්ෂයේ ඔක්තම්බර්ය.එතැන් සිට අද වන විට සිනමා ශාලා තුනේම සිනමා පට ප්‍රදර්ශනයේ ආරම්භ වී තිබෙන්නේ.

මේ සිනමා ශාලාවේ තියෙන විශේෂත්වය මොනවගේද?

එදා නිල්මිණී තියටර් එක තිබුණ තැන තමයි ඉතාම මනස්කාන්ත පරිසරයක් තුළ.ප්‍රේක්ෂකයාට රාම් සිනමා ශාලා තුනක් ස්ථාපිත කරල තිබෙනවා. සිල්ව ස්ක්‍රීන් සිනමා ශාලාවේ ආසන තුන්සිය පනස් දෙකකින් 352කින් සමන්විත වෙනවා. 4 K, laser projector, සමඟ 7.1 Dolby At most ලංකාවේ පළමු 4k flat screen සිනමා ශාලාව බවට පත්වන්නේද රාම් සිනමා ශාලාවයි.

දෙවන සිනමා ශාලාවේ ආසන 152 කින් සමන්විත වෙනවා. 2K, Laser projector  හා 7.1 Dolby ,ද තුන්වන සිනමා ශාලාවේ ආසන 154 කින් සමන්විත වෙන අතර 2K Laser projector, සහ 7.1 Dolby  ලෙස මෙම සිනමා ශාලා තුන ඉන්දීය නිර්මාණ ශිල්පියකුගේ නිර්මාණශීලීත්වයෙන් තමයි නිර්මාණය කළේ. සිනමා අධ්‍යක්ෂකවරයකුට හා නිෂ්පාදකවරයෙකුට වෙනත් ප්‍රදර්ශනයකට ඔහුගේ මංගල දර්ශනයකට හෝ වෙනත් විශේෂ දර්ශනයකට සිනමාශාලා තුනේම ආසන 658ක් එකවර ලබා ගැනීමේ හැකියාවත් අපි ඔවුන් වෙනුවෙන් ඉටුකරලා දෙන්න සූදානම් වෙනවා. මෙහි විශේෂ පහසුකම් රැසකින් සමන්විත වන නිසා රථ වාහන 100ක් ගාල් කිරීමේ හැකියාවද තිබේන නිසා ඕනෑම ප්‍රේක්ෂකයකුට රථ ගාල් කිරීමේ අපහසුතාවයක් ඇති නොවන ලෙසයි නිර්මාණය කරලා තිබෙන්නේ.

ප්‍රදර්ශනය කිරීමට තීරණය කළේ මොන වගේ සිනමාපටද?

මේ වන විට සිංහල දෙමළ හින්දි සහ ඉංග්‍රීසි, කාටුන්, ඇනිමේෂන් සිනමා පට මෙන්ම විවිධ රටවල විවිධ භාෂාවලින් නිර්මිත සිනමාවට ප්‍රදර්ශනය වෙනවා.විශේෂයෙන් දෙමළ, සිංහල,හින්දි, ඉංග්‍රීසි කියලා වර්ගීකරණයක් කරලා නැහැ. පරිසරය තුළ ජීවත් වන මිනිසුන්ගේ දෙමළ සහ සිංහල,ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඇරගෙන ඔවුන්ගේ රුචිකත්වය අනුව තමයි සිනමාපට අපි ප්‍රදර්ශනය කිරීමට තීරණය කළේ.ඒ ගත්ත තීරණය අනුව අපි ප්‍රදර්ශනය කරන සිනමා පට රසවිඳීන පිරිසද වැඩි වෙලායි තියෙන්නේ. හැම වෙලේම ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් හිටගෙන තමයි අපි සිනමා පට ප්‍රදර්ශනය කිරීමට තීරණය කරන්නේ. අපිට ඕන සිනමා පට නොවේ අපි ප්‍රදර්ශනය කළ යුත්තේ සිනමා ශාලාවක් හැදුවට පස්සේ ප්‍රේක්ෂකයා ඉල්ලන සිනමා පටයි. ඒ අනුව අද හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඇදී එනවා සිනමා ශාලාව වෙත.ඒ අනුව අපිට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් අද උදාවෙලා තියෙන්නේ.

සිනමා ශාලාවේ ප්‍රදර්ශන වාර ආරම්භ වන්නේ කොහොමද?

පළමු දර්ශන වාරය ආරම්භ වන්නේ පෙරවරු 10.00 පැයේ සිට අවසන් දර්ශන වාරය වන්නේ රාත්‍රී 11.30ටයි එම දර්ශන වාරයේ අවසන් වෙනකොට පාන්දර 02.30 විතර වෙනවා.ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව දිනකට සිනමා ශාලා තුනේම දර්ශන වාර පහළොවක් විතර එකම සිනමා පටය තිරගත කරන වෙලාවල් තිබෙන. මේ වනවිට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඉල්ලන්නේ equal  සිනමා පට සඳහායි. ප්‍රේක්ෂකයාට හොඳ කතා තේමාවක් රැගෙන එනවා නම් ඕනෑම සිනමාපටයක් නැරඹීමට ප්‍රේක්ෂකයා ශාලාවල් වෙත ඇදී එනවා. 60.70.80කාල වකවානුවේ සිනමාව වගේ අදත් සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයා ඇදී එන යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒත් එයට හරියන්න හොඳ නිර්මාණ බිහිවන ප්‍රමාණය අඩු බවක් සිංහල සිනමාව තුළ තිබෙනවා. ඉන්දීය දෙමළ සිනමා පට නැරඹීමේ ප්‍රේක්ෂක ගාරයක්ද මේ ප්‍රදේශයේ වැඩිහරියක් දක්නට පුළුවන්. එයට සාපේක්ෂව හින්දි සහ ඉංග්‍රීසි සිනමා පට නැරඹීමේද ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.

අංග සම්පූර්ණ පහසුකම් වලින් යුත් සිනමා ශාලාවල් ස්ථාපිත කළාට එයට සරිලන සිනමා නිර්මාණයන් බිහිවෙනවාද?

සිංහල සිනමාව තුළ ප්‍රේක්ෂකයාට රසවිඳීමට ඇති සිනමා පට නිර්මාණය වන්නේ අඩු ප්‍රවණතාවයකින් තමයි. එයට හොඳම උදාහරණය තමයි පසුගිය දවස් වල නිර්මාණය වූ රාණි, නෙලුම් කුලුන සහ වාලම්පුරිය සිනමාපට ප්‍රේක්ෂකයා ඉල්ලන නිර්මාණ බවට පත්වුණා. එවැනි නිර්මාණ බිහිවිය යුතු බවයි මගේ අදහස. හොඳ සිනමා ශාලාවක පහසුකම් තියෙනවා නම් නිර්මාණය ගුණාත්මක භාවයක් ඒ ආකාරයෙන් තිබිය යුතුයි. සිනමා සාහිත්‍යය කියන්නේ පුළුල් පරාසයක ඇදී යන කර්මාන්තයක් විවිධ භාෂාවල් ජාති ආගම් ප්‍රේක්ෂකයාට රස විඳීමට අවශ්‍ය නැහැ. ඔහු හැම වෙලේම බලන්නේ නිර්මාණය ගුණාත්මක බව හා Entertainment පැත්තයි. ඉන්දීය සිනමා කර්මාන්තය වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ ඒ නිසයි. එයට සාපේක්ෂ නිර්මාණ හරි බිහිකළොත් ලාංකේය සිනමා කර්මාන්තය හොඳ තැනකට ගේන්න පුළුවන් වෙනවා. නෙලුම් කුලුන භාෂා ගණනාවකින් නිර්මාණය වුණේ ඒ නිසයි. එවැනි නිර්මාණ බිහිකිරීමට ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරුන් හැමවෙලේම නිර්මාණය තුළ ජීවත් විය යුතුයි. නෙලුම් කුලුන ප්‍රදර්ශනය වන විට එක දිනක සිනමා පට නැරඹීමට දෙදහකට අධික ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලා වෙත ඇදී ආවා. එවැනි ප්‍රවණතාවයක් ඇති වුණොත් ලාංකේය සිනමාවට හොඳ Trademark එකක් බවට පත්වෙනවා. දෙමළ සිනමාපටයක්වත් එච්චර ප්‍රේක්ෂක පිරිසක් ආවේ නෑ.

කොළඹ ඇතුළත පිහිටලා තියෙන සිනමා ශාලාවල් වලට සහ රාම් සිනමා ශාලාවට ඇදී එන ප්‍රේක්ෂක පිරිස අඩුද වැඩිද?

කොළඹ සිටියක ඇතුළේ සිනමා ශාලාවල් තිබුණට මට සීයට දෙසීයක් වත්තල හදපු රාම් සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා ඇදී එන ප්‍රවණතාවය වැඩි. ප්‍රේක්ෂකයා ඉල්ලන පහසුකම් සියල්ල මගේ සිනමාශාලාව තුළින් මම ලබා දීලා තියෙනවා. ලංකාවේ තිබෙන පළමු 4ඬ සිනමා ශාලාව වන්නේ රාම් සිනමා හලයි. සිනමා ශාලාවට ඇවිල්ලා එහි රසය වින්⁣දොත් පමණයි ප්‍රේක්ෂකයාට මෙහි තිබෙන පහසුකම් ගැන දැනගන්නට පුළුවන් වෙන්නේ. ප්‍රේක්ෂකයන් ඇවිල්ලා අඩුපාඩු කිව්වොත් පමණයි මට එය නිවැරදි කරලා දෙන්න පුළුවන් වෙන්නේ. මම ජීවත් වෙන්නේ හැම වෙලේම ප්‍රේක්ෂකයන් සමඟයි. ඒ පැමිණේන සියලු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හැට දෙනකුගෙන් යුත්ත කාර්ය මණ්ඩලයක් මගේ සේවය කරනවා. ඔවුන්ගේ පැමිණීම මම ආදරයෙන් අපේක්ෂා කරනවා රාම් සිනමා ශාලාව වෙත.

ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ තියෙන හිඩැස වහන්න නම් සිනමාශාලා හිමිකරුවකු හැටියට ඔබ හිතන්නේ කුමක් කළ යුතුද?

අධ්‍යක්ෂකවරු තාම නිර්මාණවලට ගෙන එන්නේ පැරණි රජ කතා සහ ඉතිහාස කතායි.එවැනි නිර්මාණ තුළ ජීවත්වන ප්‍රේක්ෂක ප්‍රමාණය අද අඩුයි.ඒ නිසා නව නිර්මාණකරණයට යොමු විය යුතුයි. හොඳ තිර රචකයන් හා දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරු , සංස්කාරකවරුන් වගේම එයට උචිත ටෙක්නිකල් කෲස් සිටිය යුතුයි. තරුණ පරම්පරාවට විශේෂයෙන් ක්ෂේත්‍රය තුළ ඉඩකඩ සලසා දිය යුතුයි. නව තරුණ පරම්පරාව සිතන සංකල්ප වෙනස්, ඔවුන් සෑම මොහොතකම නව තාක්ෂණයත් සමඟ හැමවිටම නිර්මාණකරණයේ යෙදීම කාලෝචිත වෙනවා. නව තාක්ෂණයත් සමග ලෝකයේ සිනමාකරණය ඉස්සරහට යනකොට ⁣අපේ නිර්මාණකරුවනුත් ඔවුන්ගේ පසුපසින් යා යුතුයි.නවීන සිනමා උපකරණ හා එයට සරිලන හොඳ ප්‍රැක්ටිකල් නොලේජ් එකක් තියෙන පිරිසක් නවීන උපකරණ භාවිතා කළ හැකි පිරිස් යොදාගත යුතුයි. එකම භාෂාවකින් පමණක් නිර්මාණය නොකර භාෂා දෙකකින්වත් අඩු තරමේ නිර්මාණය කළ යුතු වෙනවා. නිර්මාණකරුවා කළ පළමු නිර්මාණයට වැඩිය ඔහු කරන දෙවන නිර්මාණය ප්‍රේක්ෂකයා වැලඳ ගන්නා තැනට නිර්මාණකරණයේ යෙදුණොත් අද පවතින හිඩැසට විසඳුමක් සොයාගන්නට හැකි වෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකා වැනි මිත්‍ර සම්බන්ධතාවයකින් සිනමා කර්මාන්තය වැඩිදියුණු කළ හැකි තත්වයක් තිබෙනවාද?

ගොඩක් රටවල මිත්‍ර සම්බන්ධතාවය නිසා තමයි ඒ රටවල ඕනෑම කර්මාන්තයක් දියුණු වෙන්නේ. අධ්‍යාපනය හුවමාරුවීම තුළින් දැනුම බෙදා ගැනීමක් වෙනවා. ඒ නිසා ඒ කර්මාන්තය තුළ නිර්මාණකරුවා ඉදිරියට ඇදී යන ප්‍රවණතාවය වැඩියි. අපේ රටේ මුලින්ම නිර්මාණකරණයේ යෙදුණේ ඉන්දියාව වැනි සිනමා කර්මාන්තයේ ආභාසයෙන්, එනිසා ඔවුන් යම් උදව් උපකාරයක් අපි ඉල්ලුවොත් කරන්න සූදානම් වෙනවා. මගේ උසස් අධ්‍යාපනය ඉන්දියාවේදි කිරීම තුළින් මම එය සැබැවින්ම දුටුවා. එනිසා අපේ දැනුම බෙදා ගන්නට තිබෙන ඉඩකඩ හොඳටම තිබෙනවා. අපේ සිනමා කර්මාන්තය වෙත කාර්මික පැත්තෙන් වුණත් ඔවුන් උදව් කරන්න හැම වෙලේම සූදානම්ය. අද ලංකාව තුළ විවිධ රටවල සිනමා නම් වලින් සිනමාශාලා ස්ථාපිත වෙනවා. ඒත් හැබැයි ඔවුන්ගේ නවීන තාක්ෂණය වෙනස් වන විට දක්නට ලැබෙන්නේ නැහැ. මම හිතන විදියට ඒ වෙනස්වන හැම මොහොතකම අලුත් තාක්ෂණයේ මේ ශාලා වලට ගෙන ආ යුතුයි. ප්‍රේක්ෂකයා අද බලාපොරොත්තු වන්නේ ඒ දේයි.

රාම් සිනමා හල නිර්මාණය කරන්නට ඔබට ඉන්දියාවෙන් උදව් උපකාර ලැබුණා නේද?

රාම් සිනමාහල නිර්මාණය කළේ ඉන්දියාවේ සිනමාහල් හැත්තෑවක් නිර්මාණය කරපු රවින්ද්‍රන් මේ කිසිදු නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් ඔහු අපෙන් මුදල් අය කළේ නැහැ. මගේ පියාගේත් ඔහුගේ තිබෙන සම්බන්ධතාවය තුළ මට මේ සිනමා හල නිර්මාණය කරන්නට ඔහු උදව් කළා. මේ සිනමාහල් තුනේම තිබෙන්නේ ඉන්දියානු සංස්කෘතිය හා බැඳී පවතින නිර්මාණ හා කරණය හා අද දියුණු තාක්ෂණයත් සමඟ ලෝක සිනමාහල් නිර්මාණය කළ ආකාරයටයි.කවදා හරි දවසක ලාංකේය සිනමා ශාලාවක ඉතිහාසයට රාම් සිනමා ශාලාව එකතු වෙන බව මට නිසැකයි.

වත්තල රම් සිනමා හලෙන් පසු ඔබ තවත් සිනමා ශාලා නිර්මාණයකට යොමු වෙනවද?

මෙම සිනමා ශාලාවෙන් පසු මිගමුව ප්‍රදේශයේ නව සිනමා ශාලාවක් ස්ථාපිත කරන්නා අපේ අදහසක් තිබෙනවා. අපි සිනමා ශාලාවක් නිර්මාණය කරනවා නම් කුමන හෝ ප්‍රදේශයක ජාතීන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක්ම තෝරාගත යුතුයි. විශේෂයෙන් ලංකාව වැනි රටක නම් සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර්, වැනි බහු වාර්ගික ජන. කොට්ඨාශයක් ජීවත් වෙන ප්‍රදේශ තෝරාගත යුතු වෙනවා. අපි එක ජන කොට්ඨාසයක් පමණක් ඉලක්ක කරලා සිනමා ශාලාවක් නිර්මාණය කළොත් අපිට දෙමළ සිනමා පට පමණක් පෙන්නුවොත් මාස හයක් එවැනි කාලයක් පමණයි සිනමාශාලාව සිනමා පට ප්‍රදර්ශනය කරන්නට වෙන්නේ. ඒ නිසා ඒ බව නැති කරගෙන සිනමා ප්‍රදර්ශනය කළ යුතුයි. සිනමා ක්ෂේත්‍රයට නවකයකු වන නිසා මට අද සිටින සිනමා හිමිකරුවන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. අද රාම් සිනමා ශාලාව ස්ථාපිත වී තිබෙන්නේ එදා නිල්මිණී තියටර් එක ස්ථාපිත වී තිබූ තැනයි. එහි හිමිකරු වන නිල් රූපසිංහ මහත්තයා ලොකු උදව්වක් කරා සිනමා හළ ස්ථාපිත කරන්න. ඒ වගේම නන් අයුරින් මේකට උදව් උපකාර සියලු දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා මෙවැනි සිනමා හලක් ස්ථාපිත කරන්නට වචනයකින් හරි සහයෝගය දුන්නාට. ඒ වගේම තමයි මේ කර්මාන්තය ඉදිරියට ගෙනයාමට මට පවුලෙන් ලැබෙන සහයෝගය අපරිමිතයි කියලා සඳහන් කළ යුතුයි. ඔවුන් මගේ පිටුපස අද සිටියේ නැත්නම් මේ වගේ දුරක් මට එන්නට ලැබෙන්නැති වෙයි කියලා මම විශ්වාස කරනවා.ඔවුන්ගේ බලාපොරොත් සඵල කරන්නට මට හැකි වීම ගැන මම අද සතුටින් සිටින්නේ.වත්තල

රාම් සිනමා ශාලාවක සිනමා රසවින්දනයේ නොලබපු ඕනෑම කෙනෙකුට වරක් පැමිණ මෙහි රස විඳීන්න කියලා මං අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා

 

[email protected]

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT