සම්මානනීය සිනමා අධ්යක්ෂ අශෝක හඳගම විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන ‘රාණි’ අද (30 වැනිදා) සිට තිරගත වීම ඇරඹේ. මෙය අශෝක හඳගම 11 වැනි වෘත්තාන්ත සිනමා පටයයි. මින් කලකට ඉහත මෙරට ජනප්‍රිය මාධ්‍යවේදියකු, නළුවෙකු වූ රිචඩ් ද සොයිසාගේ ඝාතනයත් සමඟ ඇගේ මව වූ වෛද්‍ය මනෝරානි සරවනමුත්තුගේ චරිතය මූලික කොටගෙන රචනා වූ ‘රානි’ හි මනෝරානි චරිතය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගවේදිනි ස්වර්ණා මල්ලවාරච්චි විසිනි. රිචඩ් ද සොයිසාගේ චරිතය නිරූපණය කරනුයේ ඉංග්‍රීසි වේදිකාවේ ප්‍රකට රංගන ශිල්පියෙකු වන රෙහාන් අමරතුංගය.
ලලිත් ඇතුලත්මුදලිගේ චරිතය ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක නිරූපණය කරන අතර සෙසු චරිත වෙනුවෙන් සෞම්‍ය ලියනගේ , බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු, සජිත අනුත්තර, අනුරාධ මල්ලවාරච්චි, මයුර කාංචන, රිතිකා කොඩිතුවක්කු , අනසුයා සුභසිංහ, කිංග් රත්නම්, නලීන් ලුසේනා ඇතුළු නළු නිළියන් රැසක් එක්වෙති. කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය ගෙනි. සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ, සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ, අංග රචනය සහ කේසා අලංකාර ප්‍රියන්ත දිසානායක, වස්ත්රාභරණ පියතිස්ස අකුරම්බොඩ, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ, දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්, නිෂ්පාදන සැලසුම්කරණය බිමල් දුෂ්මන්ත, රේඛීය නිෂ්පාදනය ඉරන්ති අබේසිංහ, නිෂ්පාද කළමනාකරණය මංජුල පෙරේරාගෙනි.