රාජ්‍ය නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධන කිරීමේ අරමුණින් විශේෂ තරඟාවලියක් පැවැත්වීමට සැලැසුම් කර ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසිනි.
මෙම තරඟාවලිය සඳහා කෙටි කතා, ගීත රචනා, පද්‍ය රචනා, ළමා සාහිත්‍ය නිර්මාණ, චිත්‍ර නිර්මාණ, ඡායාරූප, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට යන තරඟ අංශ ඇතුළත් වේ.
නිර්මාණ බාර ගන්නා අවසාන දිනය 2025 මැයි මස 15 වෙනිදා වන අතර කෙටි නාට්‍ය සහ කෙටි චිත්‍රපට නිර්මාණ බාර ගන්නා අවසාන දිනය 2025 ජූනි 30 වෙනිදා වේ.
ඔබගේ අයදුම් පත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, 8 වන මහල , බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ හැකිය.
වැඩි විස්තර සඳහා 0112861325 දුරකතන අංකයට ඇමතීමෙන් හෝ www.cultural.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.