බලාපොරොත්තු නොවූ සිද්ධියකින් මව්තයට පත් ඈ.කාමරයෙන් පිටව ඔහු දෙස බලා නැවතත් හැරී බලන්නේ ඔහු කොතෙක් තමා ආරක්ෂා කළාද?ඔහු පසුපස ගියත් එයින් කිසිම ප්‍රයෝජනයක් ඇති නොවිය. යන්න ඇගේ සිත තුළ මෙතෙක් දැවිමින් තිබුණද, දැන් ඒ අදහස නිවී ගියේ යැයි ඇයට සිතෙයි.. සියලු දොරකවුළු විවර කර ඇය මහල් නිවාසයෙන් පිටව යන්නේ දහස් මාවතේ සුළං රැළි ඇඟ දැවෙටෙමින් ඇගේ ආදරයේ උණුසුම ලද තරුණයා සමග දෙවැනි ජීවිත ගමන ආරම්භ කිරීමට විය හැකිය. ග්‍රාමීය පරිසරයක පීඩිත පංතියේ ජනජීවිතය සංකීර්ණ බව සමාජයට පසක් කරමින්. ස්ත්‍රියකගේ ආදරය සෙනෙහස පසකලා, ඇගේ රූ සපුවට වසඟ වන රාගයට මත් වූ බඹරුන් රැලක්ගේ ගොදුර රතිමද? ස්ත්‍රී ලෝලීන් රති දැක්කේ මොන ආකාරයෙන්ද? සමාජගතවන රති දෙවනවර ඔබ හමුවට එන්නේ මොන ආකාරයෙන්ද? ප්‍රශ්න වැලකට මැදිවන ඇය පොළොවේ පය ගහලා කෙළින් හිට ගන්න චරිතාංග නිළිය ඇයයි. ප්‍රේක්ෂකයාට රති ඒ ආකාරයෙන් දැනුණ නිසා 2024 වර්ෂයේ සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නට තිලක්ෂණි රත්නායකට මෙවර හැකි විය. මේ රති වු තිලක්ෂණි සරසවිය සමග කළ කතා කතාබහයි.
සරසවිය සම්මාන උලෙළේ වසරේ හොඳම නිළිය වීම ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ සිනමා කලාව වෙනුවෙන් තිබෙන එකම කලා පත්තරය වන්නේ සරසවිය පත්තරයයි. කුඩා කාලයේ මම සරසවිය පත්තරේ ඉන්න නළු නිළියෝ බලලා ඒ කට්ටිය මොනාද කරන්නේ ඒ කට්ටිය කොහෙද ඉන්නේ කියලා හරියට අවබෝධයක් ගත්තේ පත්තරේන්. හැම සතියකම අපේ ගෙදරට සරසවිය පත්තරේ නැති වෙන දවසක් නැහැ. මම ඒ තරම්ම සරසවිය පත්තරේට පෙම්බැන්දා. කුඩා කාලේ ෆිල්ම් බලන්න එක්ක යනවා ගෙදරින් අඩුයි. ඒ වෙනුවට මම කලේ පත්තරේ බලන එක තමයි මගේ විනෝදාංශය බවට පත්වුණේ. එවැනි ගෞරවාදරයකට පත්වුණ පත්තරයක් හා සම්මාන උලෙළක කවදාවත් මම ජීවිතේ බලාපොරොත්තු නොවුණු දෙයක් මට අද හිමිවුණා. එදා ඒ දැනුන සතුට මට හරියට කියාගන්න බැහැ. මේ සම්මානය වෙනුවෙන් මම කවදාවත් ප්ලෑන් කරල වැඩ කරෙත් නෑ. ටාගර්ට් එකක් තිබුණෙත් නැහැ, මම හැමදාම හිතන දේ තමයි අපි මහන්සි වෙලා යම් ක්ෂේත්රයක නියැලෙනවා නම් එහි ප්‍රතිඵලය සාර්ථකයි කියන එකයි. මේ හොඳම නිළිය සම්මානය ලැබීමත් සමග මට තහවුරු වුණා. මම රතීට සාධාරණයක් කළා කියලා රංගනය වෙනුවෙන් ජූරිය මාව අද හොඳම නිළිය බවට පත් කිරීම ගැන මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.
ඔබට ලැබුණ සරසවිය පළමු සම්මානය නේද ?
දුෂේනි හා තරින්දි මගේයි නිර්දේශිත නාමාවලිය තිරයේ දිස්වන විට මම ආපහු නැවත අතීතයට ගියා. එදා මම හරිම ආසා කළා ඒ චරිතයේ ෂොට්ස් කපලා තිබුණ ආකාරයට. සමන් ආතාවුදහෙට්ටි මහත්තයා චරිතයේ හේතු පාඨ කියන විටත් මට හිතාගන්න බැරිවුණා මොකටද මේ කියන්නේ කියලා. මගේ නම කියපුවාම මම ගියේ අධ්‍යක්ෂක තුමා වන චන්න දේශප්‍රිය ළඟටයි ඔහු රතීගේ චරිතයට මාව තෝරා ගත්තේ නැත්නම් මට මේ සම්මානය ලැබෙන්නේ නැහැ.රතීව ජීවත් කරවිවේ ඔහුයි. ඔහුගේ තමයි මේ මැජික් එකේ කතාව. ඒ නිහතමානී ගරුත්වය මම හැමදාම ඔහුට පුද කරනවා. මේ මට ලැබුණු පළමුවෙනි සරසවි සම්මානය.
ඔබට ලැබෙන පළමුවැනි සම්මානය වේදිකාවෙන්නේද?
වේදිකාව තුළින් තමයි මට පළමුවෙනි සම්මානය ලැබෙන්නේ. යෞවන සම්මාන, රාජ්‍ය නාට්‍යය සම්මාන, ප්‍රතිභා සම්මාන, යන සම්මාන සියල්ල මට ලැබුණා. නෙරන්ජන් චන්ද්‍රාදිත්‍යගේ රියැලිට් කෙටි නාට්‍යය මගේ පළමු කෙටි නාට්‍යය ලෙස සම්මාන ලබමින් මගේ ජීවිතේ වෙනත් ගමනකට යොමු කළා. ඒ ලැබුණ උත්තේජනය තමයි මාව අද මේ සම්මානය දක්වා රැගෙන ආවේ. මම මේ විෂය ක්ෂේත්රය ඉගෙනගෙන ආපු ගමනක් නෙවෙයි.ඉන්පස්සේ මගේ ඇකඩමික් පැත්ත මම වැඩිදියුණු කරගත්තා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරුවා. ඉන්පසුව සෝමලතා සුභසිංහ මහත්මිය ගාවට ගිහිල්ල ප්ලේ හවුස් එකේ රංගනය පිළිබඳ ඉගෙන ගත්තා. වසර දහයකට වැඩි කාලසීමාවක් මම ප්ලේ හවුස් එකේ වැඩ කළා. සොමලතා සුභසිංහ මහත්මියගේ වියෝවෙන් පස්සේ කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය යටතේ වැඩිදුරටත් වසර දහයකට වැඩි කාල සීමාවක් මම ප්ලේ හවුස් එකේ නිත්‍ය සාමාජිකාවක් බවට පත්වුණා. මේ හරහා මම වේදිකා නාට්‍යය ටෙලි නාට්‍ය හා සිනමාව යන ත්‍රිත්වය තුළම රංගනයට අවකාශ සැලසුණා. මගේ විෂය ක්ෂේත්රය මේක යයි මම හඳුනා ගත්තේත් නිර්මාණයක් තුළින් මාව ඇගැයීමකට පාත්‍ර කිරීම නිසයි. යම් චරිතයක් වෙනුවෙන් දහඩිය හෙලලා මහන්සි වෙලා චරිතයට සාධාරණයක් ඉෂ්ට කළාට පසු ප්‍රේක්ෂකයා විසින් තබන ලේබලය යටතේ අපි කොතනද ඉන්න කියන එක මට හොඳට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මගේ ගමනට හැම මොහොතකම මගේ ඉදිරියෙන් සිට ගත්තේ මගේ නිර්මාණ තුළ මම ඇගැයීමට ලක් කිරීමයි.ඒ යම් නිර්මාණකරුගේ ආත්ම විශ්වාසය ඇති කරන තැන බවට මම හිතනවා.ඕනෑම කලා ක්ෂේත්රයක් තුළ ඒ අංශයන් තුළ අඩු වැඩි නැතුව ඔවුන් කරන කැපකිරීමට අපට දිය හැක්කේ ඔවුන්ව ඇගයීම පමණයි.ඒත් නියම නිර්මාණයක් තුළ කිසිදු පුද්ගලයකුට හොර පාරෙන් ඇවිත් පඩිය තරණය කොට තමන්ගේ නිර්මාණය ඉදිරියට දා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ .
මම දකින විදියට නිර්මාණකරුවා හැම විටම ඉහළින් වැජඹෙන බවයි.නිර්මාණකරුවා ඉහළින් වැජඹෙන විට ඔහුව කාටවත් පහතට හෙළා දමන්නට අද හැකියාවක් නෑ.අසූව හැත්තෑව දශකයේ තිබ්බ යුගයේ නෙවෙයි අද තිබෙන්නේ. තාක්ෂණය අතින් ඉතාම ඉහළ තත්ත්වයක තිබෙන නිසා නිසි ක්‍රමවේදයක් තුළ ඇගයීමට ලක් වෙනවා කියලා මම හිතනවා.
අන්තර්ජාතික මට්ටමේ සම්මාන උලෙළ රැසක් නියෝජනය කරමින් ඔබ ඇගැයිමකට ලක්වුණාද?
මම කිසිදු විටකින් දුස්රා හි රති වෙනුවෙන් ඇගැයීමකට ලක් වුණේ නැහැ. එහෙත් දුස්රාහි වෙන අංශයන් අන්තර්ජාතික මට්ටමෙන් සම්මානයට පාත්‍ර වුණා. චන්න දේශප්‍රියගේ මැජික් එක පිටපත් රචනයක් බවට පරිවර්තනය කරලා production එකක් දක්වා ගෙන ගිය නිසාත් ලක්ෂාන් අබේනායක කියන නිහතමානී අන්තර්ජාතික මට්ටමේ රංගන ශිල්පියා නිෂ්පාදකවරයෙක් බවට දුස්රාට පණ දුන්න නිසා තමයි අන්තර්ජාතික මට්ටමේ සම්මාන රැසක් ලබා ගන්නට හැකි වුණේ. හොඳම සහාය නළුවා ලෙස ඔහුද මේ සම්මාන උලෙළේ නිර්දේශිත නාම අතරට එක් වීමද සම්මාන ලැබීමක් හා සමානයි.අන්තර්ජාතික මට්ටමෙන් රතිටට සම්මාන නොලැබුණාට, රතිගේ චරිතය ඒ හැම පිටුපසකම යෝධ සෙවණැල්ලක් වගේ හිටියා. විශේෂයෙන් කිවයුතුම දෙයක් තියෙනවා. අපි තිදෙනාම මොස්කව් අන්තර්ජාතික සිනමා උලෙළ වෙනුවෙන් සහභාගි වුණා. එදා ඒ සිනමා උලෙළේ ලංකාව නියෝජනය කරමින් අපි තිදෙනා පමණයි සිටියේ. විවිධ ජාතීන් මේ සිනමා උලෙළ නියෝජනය කිරමින් එදා දුස්රා බැලුවා. මගේ පළමු අන්තර්ජාතික සිනමා උලෙළක නියෝජනය ද සිදුවුණේ එදායි. එදා මට ඕන උනේ ඔවුන් මේ චරිතත් එක්ක කොහොමද ජීවත්වන්නේ කියලා සැබැවින්ම දැක ගන්නයි. මම එදා දැක්කේ රති හුස්මක් ගන්න තැනත් රති නවතින තැනත් ඔවුන් නැවතුණා. අතීත කරදරයක් වන විට උහුලන්නට ගත්තා. අන්තර්ජාතික මට්ටමේ ප්‍රේක්ෂකාගාරයක ප්‍රතිචාරය ලැබීමම රති සම්මානයක් ගත්තා හා සමානයි. මගේ ජීවිතයේ මට ලැබුණු වටිනාම දවසක් ලෙසයි මම එදා සලකන්නේ.
කොහොමද මේ වනවිට හොඳම නිළියට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම සුභවාදී ප්‍රතිචාර තමයි මට ලැබුණේ. මගේ ජීවිතයේ ළඟින්ම හිටපු සමීපතයන්ගෙන්, එක දවසක් හෝ මගෙත් එක්ක හිනාවෙලා කතා කරපු සියලු දෙනාම මට සුභ පතන්න අමතක කළේ නෑ. ගොඩක් දෙනෙක් මට කිව්වේ ඔය පටන් ගැනම පමණයි කියලා විතරයි. ඒ අදහස හරිම සුබවාදී අදහසක් බවයි මම තේරුම් ගත්තේ. ඒ අදහසින් ප්‍රකාශ කළේ ඔබ පඩි නැගලා ඉවර නෑ කියන එක තමයි. ගොඩක් දෙනෙක් හිතන්නේ සරසවිය සම්මාන උලෙළක හොඳම නිළිය වුණාට පස්සේ දැම්මට ලැබෙන්න ඕන හොඳම සම්මානයත් ලැබිලා ඉවරයි කියලායි. මම දකින දේ තමයි රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් කවදාකවත් එහෙම නොසිතිය යුතුයි කියන එකයි. හැම මොහොතකම සම්මානයක් ලැබුණත් අපි නැවත බින්දුවේ සිටිය යුතුයි කියන මතයේ මම නම් ජීවත්වන්නේ.
සරසවිය සම්මානය ලැබීමත් සමඟ අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද?
එහෙම විශේෂත්වයෙන් කතා කළ නිර්මාණ නැහැ.මට ප්‍රථමද මෙහෙම සම්මාන ගත්ත කිසිවෙකුට ද එහෙම නිර්මාණවලට දායක කරගෙන තියෙනවාද දන්නෑ. ඒත් නිර්මාණකරුවන් හැමවිටම උත්සාහ ගන්නේ චරිතයට හරියන නළුවෙක් හෝ නිළියෙක් වෙනුවට නිර්මාණයට දායක කරගන්න පුළුවන් කෙනෙක් යොදා ගැනීම පමණයි. ඒත් මේ වන විට තිර පිටපත් රචකයන් සහ අධ්‍යක්ෂකවරුන් හොඳ සාධාරණයක් වර්තමාන සමාජයට කරගෙන යනවා. මේ වසර සාර්ථක සිනමා වසරක් ලෙස දකින්නට පුළුවන්. ඒ පිළිබඳ හොද ප්‍රවණතාවයක් තිබෙන නිසා බලාපොරොත්තු දල්වාගෙන මම නම් සිටින්නේ. හොඳ ප්‍රේක්ෂකාගාරයක් මේ වන විට සිනමාවට හැදිලයි තියෙන්නේ. මේ වසර තුළ සිංහල සිනමාවේ නව පිබිදීමක් දක්නට පුළුවන්. එදා බහුතරය දෙමළ සහ හින්දි ඉංග්‍රීසි සිනමා පට නැරඹුවාට අද සිංහල ප්‍රේක්ෂකාගාරයක් විවෘත වී තිබෙන්නේ. හොඳ තිර පිටපත් සහ නවක අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු බිහිවෙයි කියන සංකල්පයත් මා තුළ තිබෙනවා.
මේ වන විට එන්න තියෙන නිර්මාණ මොනවාද?
මේ වන විට සිනමා පට තුනක් තිරගතවීමට තිබෙනවා.ඩිලංක රංගනාත් අධ්‍යක්ෂණය කළ ඩිංගා,පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය,සමග අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය වන “ධර්ම යුද්ධය 2” යන සිනමා පට තුනේ සියලු වැඩ කටයුතු මෙවන විට අවසන් කරලා තිබෙන්නේ.මේ නිර්මාණ ප්රේක්ෂකා ගාරයවෙත එනකම් මාත් මග බලාගෙන සිටින්නේ.
දුස්රා සිනමා පටයෙන් පසුව රති කියන්නේ කවුද? කියලා හොයන්න පටන් ගැනිමත් සමඟ තිලක්ෂිණී සිනමාවේ සලකුණක් ලෙස සටහන් වුණා නේද?
මට නම් ඒ බවක් තාම වැටහී ගියේ නැහැ. ඒත් දුෂ්රාගෙන් පස්සේ රති කියන්නේ කවුද කියන එක හරියට හොයන්න ගත්ත එක ඇත්ත.ඒ සියලු දෙනාටම ඕන වෙලා තිබ්බේ ඒ ඇත්තම රති ද කියන එක මගෙන් දැනගන්නයි. රති කියන චරිතය මම හරියටම ප්‍රේක්ෂකාගාරයට ගෙනැල්ලා කියන එකයි. මම හරිම සතුටු වුණා චන්න දේශප්‍රිය අධ්‍යක්ෂකවරයාගේ මැජික් එක හරියටම වැඩ කරා කියලා. ගොඩක් දෙනෙකුට මගේ නම හරියට කියන්න බැහැ. කොහේ හරි ඉස්පිල්ලක් පාපිල්ලක් හරි වරදිනවා. මගේ නම කෙසේ වෙතත් රංගනය මේ වගේ ප්‍රමිතියකින් විය යුතුයි කියලා ඔවුන් නිර්ණය කරනවා නම් ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. රංගනයක් කියන්නේ මෙහෙම දෙයක් රංගන ශිල්පිනියක් කියන්නේ මෙහෙම කෙනෙක් කියලා මට ප්‍රේක්ෂකාගාරයට අඟවන්න දනවන්න පුළුවන් වෙලා තියෙනවා නම් හරියම සතුටුයි. මගේ නම නෙවේ නම් දහයක් වුණත් මේ ඇතුලේ ඇඳීලා තිබෙනවා නම් ඒ ස්වභාවය ප්‍රේක්ෂකාගාරය තේරුම් අරගෙන ඉන්නවා කියන්නේ සිනමාවට හොඳ නිර්මාණ ඔවුන්ට දැක ගන්නට පුළුවන් කියන විශ්වාසය ඔවුන් තුළ ඇතිවෙලයි තියෙන්නේ. ප්‍රේක්ෂකාගාරයේ බලාපොරොත්තු වෙන්නේ අසූව හැත්තෑව දශකයේ තිබුණු සිනමාවේ ප්රබෝධය යළි ගොඩනැගිලා සිනමා ශාලා පිරී ඉතිරී යන තැනටනම් අපි එයට ඔවුන් ගෙනයාමට උත්සාහ කළ යුතුයි.
තිලක්ෂිණි හැමවිටම අභියෝගාත්මක චරිත නේද භාරගන්නේ?
මම මේ ක්ෂේත්රයට ඇවිල්ලා අහම්බෙන් සම්මාන ලැබිලා මම මේ ක්ෂේත්රයේ ඉගෙන ගන්නවා. මේ කාල වකවානුව තුළදී මම අතපය දිග ඇරලා හොඳට ඉගෙන ගත්තා. වරදින්න පුළුවන් තැන්වල හැමවිටම වැරදුණා. ඒ හැම මොහොතකම මට වැරදුණ තැන් මම හොඳට ගවේෂණය කළා. මගේ දෙවෙනි ගෙදර ලෙස සලකන සෝමලතා සුබසිංහ මහත්මියගේ පෙලේ හවුස් එක මගේ ගමනට තෝතැන්නක් වුණා. ඒ හරහා මම ඉගෙන ගත්ත දේ තමයි රංගන ශිල්පිනියකට චරිතයක කොච්චර දුරක් යන්නට පුළුවන්ද කියන එක ඒ සීමාව ඇතුළෙ ඉඳන් ඉටුකරන්නේ. මම ඒ තුළින් චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වෙනුවෙන් මම ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වෙලයි ඉන්නේ. මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසා මට ඒ චරිතයට අනුගත වීමේ හැකියාව වැඩියි. මේ සියලු දේවල් වටා මට පිටුවහලක් උනේ ඹධපඬ ඵඩධන සහ ඇකඩමික් පැත්ත සමඟ ප්‍රායෝගික ක්‍රියාකාරකම්ය. රංගන ශිල්පිනියක් හැටියට මට ලැබෙන කිසිදු චරිතයක් මම අභියෝගාත්මක චරිත ලෙස දකින්නේ නැහැ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඇකඩමික් පැත්ත පුහුණු වෙලා ඉන්න ඕනෑම කෙනෙකුට එවැනි චරිත ලැබීම ඇය හෝ ඔහු බලාපොරොත්තු වුණා දේ ලැබුණාම එය සතුටට කාරණයක් බඳුය. මම හැමවිටම කරන්නේ මට ඕන විදිහට නෙවෙයි චරිතයට ඕනි විදිහට රංගනයේදීමයි. මට ක්ෂේත්රය තුළ පැල් බැඳගෙන චරිත ලැබෙන්නේ නැහැ. ඒත් ලැබෙන සිනමා පටවල චරිතය සමාජයට සහ ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයි. මේ හැම සිනමා පටයකම හොඳ ටීම් එකක් එක්ක වැඩ කරන්නයි ලැබුණේ. මම කරපු හැම සිනමාපටයක්ම මට වෙනම දොරක් ඇරියා. මට වාසනාව ගෙන දුන්නා.
සිනමාවේ නව ප්‍රවණතාවය ගැන ඔබ මොකක්ද හිතන්නේ?
මම දකින විදියට අද දකින දේට වැඩිය හෙට දකින දේ වෙනස් වෙනවා. තාක්ෂණය දවසින් දවස යෝධ පිම්මක් පනිනවා. ඒ පනින පිමිවලට අපි ද සූදානම් වියයුතුයි. නවක නිර්මාණකරුවන් ක්ෂේත්රය තුළට පැමිණිය යුතුයි. ඒ සියලු දෙනා අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු, තිර පිටපත් රචකයන්, සංස්කාරකවරුන් සංඟිත අධ්‍යක්ෂකවරුන්, වගේම කර්මික කණ්ඩායම එකට ඇතුළත් වන සියලු දෙනාම ප්‍රවීණයන් වගේම නවකයන්ද ක්ෂේත්රය ස්පර්ශ කළ යුතුයි. ඒ වගේම අලුත් රංගන ශිල්පීන්ද ප්‍රවීණයන් සමග ඔවුන්ගේ උපදෙස් අරගෙන උරෙන් උර ගැටී ඉදිරියට යා යුතුයි. එසේ වුණොත් පමණයි ඊළඟ පරම්පරාවක් නැවත ක්ෂේත්රය ඉදිරියට රැගෙන යන්නේ කියන බලාපොරොත්තුව අපට තබාගන්නට පුළුවන් වන්නේ. බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ්, යන සිනමාවන් සමඟ අපට ෆයිට් කරන්නට බැරි වෙන්නේ ඔවුන්ගේ සිනමාව වෘත්තියක් නිසයි. ඒ සියලු දෙනාම ඔවුන්ගේ වෘත්තිය වෙනුවෙන් හැමදාම කැප වෙලා ඉන්නේ. අපේ සිනමාව තුළ එහෙම දෙයක් දකින්නට ලැබෙන්නේ නැහැ. අපේ නිර්මාණ අපිට අනන්‍ය වූ නිර්මාණයන් බවට පත් කරගත යුතුයි. ඕනෑම රටක ඔවුන්ට ආවේණික වූ සිනමාවක් තියෙනවා. අපි යා යුත්තේ ඒ මඟ සොයාගෙනයි. ඒ වගේම තමයි නිර්මාණයක් කිරීමෙන් පසු එය අලෙවි කරන්නේ කොහොමද කියන පාලම අපි සාදාගත යුතුයි. අපි ජීවත් වෙන්නේ පරිභෝජනවාදී සමාජයකයි.ඒ නිසා නිර්මාණය අලෙවි කරන චරිතයන්ගේ පවතින රික්තය අපි පුරවා ගත යුතුයි. නිර්මාණයක් හිතන කෙනෙකුට හෝ නිර්මාණයක් කරන කෙනෙකුට අලෙවිකරණ විදිහේ දැනුමක් නැතිවෙන්න පුළුවන් එත් ලෝකයේ නිර්මාණ කරණයේදි අපට ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට කොට්ඨාසයක් ඉන්නවා ඔවුන් තමා කලා ව්‍යවසායකයන්ගේ කියන්නේ. ඔවුන් තමයි නිර්මාණ අලෙවිකරණයේ යෙදෙන්නේ. (ඒපබ ඡ්ජධදධථඪජඵ) ඔවුන්ට කලාව අලෙවි කිරිම පිළිබඳ හසල දැනුමක් තියෙන්නේ. ගොඩක් දෙනෙක් හිතන්නේ කලාව කියන්නේ හරිම පාරිශුද්ධ දෙයක්, එකට අපි මිලක් කියන්න බෑ. මිලක් නොගෙන කළ යුතුයි. මම හිතන්නේ එක එක එක්කෙනාගේ පිළිගැනීම කියලයි. ඒ වගේම තමයි තමන් කරන කලාව පුද්ගල අනුබද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් අපි ක්ෂේත්රයක් හැටියට කලා ව්‍යවසායකයන්ගේ සහාය මේ සඳහා ලබා ගත්තොත් නිර්මාණකරණයේ යෙදෙන සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනැගෙනවා කියලා මට කියන්න පුළුවන්ය. ලෝකයේ විවිධ විශ්වවිද්‍යාලවල කලා ව්යවසාගත ගනිමින් කියලා ඉගෙන ගන්න විද්‍යාර්ථයෙන් ඉන්නවා. අපේ විශ්වවිද්‍යාලවලින්ද මේ විෂය ධාරාව ඉගෙනගත්ත සිමිත තරුණ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාම මේ විෂය පථය විශ්ලේෂණාත්මකව ඉගෙනගෙන තියෙන්නේ. ඔවුන්ට මේ ක්ෂේත්රයට එන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ක්ෂේත්රය ට එන්න ඉන්න කලාරසයක් තියෙන විද්‍යාව, ගණිතය, වාණිජ වැනි විෂය ධාරාව ඉගෙනගත්ත පිරිස් මෙතනට ඇවිල්ල මේ හිඩැසක්ව පවතින කලාව විකුණන එක. රික්තය පිරෙව්වොත් අපිට හොඳ පිම්මක් පැනලා ඉදිරි කාලයේ යන්න පුළුවන් කියලා මම හිතනවා.
ජීවිතයේ ජීවත් කරන්නෙ බලාපොරොත්තු කියලා කියන්න පුළුවන්නේද?
ඕනෑම නිර්මාණකරුවකුගේ,රංගන ශිල්පියෙකුගේ ශිල්පිනියකගේ පිටුපසේ යෝධ ශක්තියක් තියෙනවා.ඒ යෝධ ශක්තිය නොපෙනෙන හා පෙනෙන කියල දෙකක් තියෙනවා. විශේෂයෙන් කිව යුතුම දෙයක් තිබෙනවා. දුස්රා සිනමාපටයේ සාමාන්‍ය ගෑණු ළමයෙකුට මුහුණ දෙන්නට හා දරාගන්න බැරි ජීවිතේ වෙනවට බය හිතෙන සිදුවීම් ගොඩාක් තිබුණා. මේ ඇතුළේ වෙනම පරිසරයක් සහාය අධ්‍යක්ෂකවරයා ලෙස සිටිය දමින්ද මඩවල අයියා ගොඩනැගුවා. චරිතයක් නිරූපණය කිරීම වෙනුවෙන් ශිල්පීන්ගේ තිබෙන වෘත්තීය භාවය වෙනුවෙන් ඔහු කැප වුණා. මේ තාක් මගේ සිනමා පට වෙනුවෙන් ඔහු දුන්න සහාය මම නොපිරිහෙලා මතක් කළ යුතුයි. ඒ හින්දම තමයි මගේ ජීවිතේ ජීවත් කරව්වේ අද කියන්න පුළුවන්. අපේ ගමනේදී අපි බලාපොරොත්තු වෙන අපි ජීවත් කරවන බැඳීම් සහ නිර්මාණ තියෙන්නේ. මම නිර්මාණ භාර ගැනීමේදී වැඩි හරියක් ටෙලි නාට්‍යය භාර ගැනීම සිදු කරන්නේ නැහැ. මගේ රංගන සීමාව තුළ මා කාලසීමාවකට යටත් ටෙලි නාට්‍ය තමයි ගොඩක් බාරගන්නේ.. ඒත් වේදිකාව සහ සිනමාව මම වැඩි ඉඩ කොටසක් වෙන් කරලයි තිබෙන්නේ.අන්තර්ජාතික සිනමා උලෙළවල් නියෝජනය කරන්නට ගියාට පස්සේ ගොඩක් දෙනෙක් අපෙන් අහන්නේ ඔබ ඉන්දීය රංගන ශිල්පිනියක් ද කියලා.ඒත් මට කවදා හරි දවසක අවශ්‍යතාවය තියෙන අන්තර්ජාතික මට්ටමේ සිනමා උලෙළකදී ඔබ ශ්‍රී ලංකා රංගන ශිල්පිනියක් නේද කියලා දවසක් එනකම් බලාගෙන ඉන්නේ. ක්ෂේත්රයේ ඉන්න ප්‍රවීණයන් මාව හරිම ප්රශංසනාත්මක ලෙස දක්ෂතාවය ඇගැයීමට ලක් කළා. ඒ සියලු දෙනාටම ක්ෂේත්රය වෙනුවෙන් මම යමක් ඉදිරියට කරයි කියලා විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා. ඒක මගේ ජීවිතයට ආශීර්වාදයක් කියලා මම හිතනවා.
ඉදිරි නිර්මාණකරණය කොහොම සිදු වෙයිද?
මම මේ වෙනකම් ප්‍රහසනාත්මක රංගනයක යෙදිලා නැහැ. රංගන ශිල්පියෙක් ශිල්පිනියක් හැටියට හැදෑරිය යුතු ගොඩක් දේවල් තියෙනවා ප්‍රහසනාත්මක රංගනය තුළ මයින් තාක්ෂණවේදය, ක්ලර්විනින්, ෆ්පට්, ඉතාලි සම්භවයක් තිබෙනවා. ක්මේඩෙයා ඩෙලාටේ මේ දේවලුත් සමග ඉගෙන ගෙන හොඳ චරිතයක් කරන්නට, මගේ ජීවිතේ මේ තාක් දුර ගෙනාපු මගේ අම්මට තාත්තට වගේම මට උගන්නපු ගුරුවරුන්ට වැඳ නමස්කාර කරන්නට මම මේ අවස්ථාවක් කර ගන්නවා.ඔවුන් මගේ පිටුපස්සේ හිටියේ නැත්තං අද මට මෙවැනි තැනකට එන්න හම්බවෙන්නේ නැහැ. මගේ ආදරණීය ස්වාමියාටත් මට ලබා දෙන සහයෝගයට මම ස්තූතිවන්ත වෙනවා. මගේ පාසල් සමයේ සිට හිටපු මිතුරියන්.වසර 15ක් පුරාවට මගේ පිටුපස්සෙන් සිටි මේ ක්ෂේත්රයේ මිතුරු කැල, ඔවුන් නොසිටින්න මේ ක්ෂේත්රයේ දිගුකාලයක් මට ඉන්න හම්බවෙන්නේ නැහැ ඔහුගෙන් ලැබෙන සහයෝගය නිසයි, මාව විශ්වාස කරලා නිර්මාණවලට සම්බන්ධ කරගත්ත සියලූම අධ්‍යක්ෂකවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට සහ සියලූම ශිල්පීන්ට ස්තුති කරනවා මට මෙච්චර දුරක් එන්න උදව් කළාට. මේ තාක් දුර එන්න උදව් කළ ඥාති හිතෛෂී සහ වචනෙකින්හරි උදව් කළ සියලු දෙනාට ස්තූතිය පුද කරන්නවා.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න