තරිඳු රාමනායක ලාංකේය සිනමාව තුළ ස්ථානගත වන්නේ කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වශයෙනි. තරිඳු ඉන්දියාවේ සත්‍යජිත් රායි සිනමා හා රූපවාහිනි අධ්‍යයන පාසලෙන් සිනමාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකික විද්‍යාර්ථයා ලෙස වර්තමානයේ කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස කටයුතු කරයි. ඔහු අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිමිකෝෂ්’, ‘අණ්ඩජ’ වැනි චිත්‍රපට සම්මානලාභි නිර්මාණ වෙති. ඔහු මේ වසරේ අධ්‍යක්ෂණය කළ ‘This is a not a pearl’ පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටය Big syn ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය දිනාගනු ලැබුවා. මෙවර සරසවිය අවකාශය තුළ ඉඩ වෙන්වන්නේ තරිඳු රාමනායක විසින් අධ්‍යක්ෂණය කළ ‘This is a not a pearl’ සමිමානනීය චිත්‍රපටය පිළිබඳ කතාබහ සමඟිනි.
ඔබ අධ්‍යක්ෂණය කළ ‘This is a not a pearl’ කෙටි චිත්‍රපටය Big syn ජාත්‍යන්තර සිනමා උළෙලේදී ජාත්‍යන්තර පර්යේෂණ අංශයේ හොඳම කෙටි චිත්‍රපටය වෙනුවෙන් පිදෙන සම්මානය දිනා ගන්නවා. චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානය හිමිවීම දැනෙන්නේ මොන විදියටද?
ඕනෙම Filmmaker කෙනෙක් තමන්ගේ Film එකට ඇගයීමක් ලැබෙනවාට කැමතියි. එකේ ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි, Film එක බලලා එකේදී ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන engagement එක, Feedback එක සහ ආදරය. අනිත් එක තමයි සම්මානවලින් ලැබෙන ඇගැයීම. Art House and Experimental films ගොඩක් Wider Audience එකකට යන්නේ නැති නිසා ඒ වගේ චිත්‍රපටවලට ඇගැයීමක් ලැබෙනවා කියලා මම හිතන්නේ සම්මානයකින් හරි විචාරයකින් හරි. මම ගොඩක් දුරට හැදුවේ Controversial & Experimental films, මොකද Stayajit Ray Film & TeleVision Campus එකේ Filmmaking ඉගෙනගන්න ගමන් ම Try කරේ සිනමාවේ එක එක Boundaries කඩන ගමන් පර්යේෂණ කරන්න, ඒ සීමාවන් බිඳ දාන්න. මේ අපි හදපු Film එකත් සිනමාවේ Boundaries කඩන්න, Film Genre Merge කරන්න Try කරපු Film එකක්. ඒ වගේ Film ඵ ගොඩක් දුරට යන්නේ අර මම කිව්වා වගේ පොඩි audience එකකට. ඒ වගෙ Film එකකට අනිවාර්යයෙන්ම Awards වටිනවා. ඉතින් ඒකට ලෝකේ තියන ලොකුම Sustainable Film Festival එක වුණ Bigsyn Film Festival එකේදී පර්යේෂණ අංශයේ (ජාත්‍යන්තර) හොඳම චිත්‍රපටය ලෙස Award එක හම්බවීම මන් හිතනවා අපේ Film එකට හම්බ වුණ ඉහළම ඇගැයීම කියලා. ගොඩක් අය මගෙන් අහපු දෙයක් තමයි. මේ වගේ ෆිල්ම් එකක් කලේ NGO එකකින් ලැබුණු සල්ලී වලින්ද? කියන එක. නැහැ. ඇත්තටම අපි ඒක කලේ Nature එකට තිබුණු Concern එක වෙනුවෙන්. ඉතින් මේ වගෙ Sustainability Theme එකක් තියන Film Sustainability Theme එකකින් මේ ලැබුණ ඇගැයීම පරිසරයට තියෙන ආදරය වෙනුවෙන් අපට ලැබුණ දෙයක් කියලා මම හිතනවා.
චිත්‍රපටය නිර්මාණය වෙන්න පසුබිම සැකසුණේ කොහොමද?
අමා නෙත්මි තමයි මේකේ නර්තන ශිල්පිනිය ඇය මට යෝජනාවක් ගෙනාවා අපි Dance filmඑකක් කරමු කියලා. Dance film නැත්නම් Screen Dance කියන්නෙත් අලුත් subject එකක්. හැබයි Maya Deren කියන Experimental Filmmaker වගේ අය මීට ගොඩ කාලෙකට කලින් Dance Films කරලා තියනවා. දිගටම Experimental films කරපු නිසා මටත් ආසවක් තිබුණා Screen Dance කියන Subject එකට. ඒ අතරේ තමයි මේ යෝජනාව ආවේ. ඒත් එක්කම මට හිතුණා නිකන්ම Dance Movement විතරක් වෙනුවට මේ වෙලාවේ රටේ Social, Political Topic එකක් ගැන මොකක් හරි කරන්න ඔනේ කියන එක. X press pear සිද්ධිය ගැන මට කොහොමත් Film එකක් කරන්න ඕනෙ කමක් තිබුණා. මොකද ඒක ලොකේ වුණ ලොකුම සමුද්‍ර හනියන්ගෙන් එකක් සහ ප්ලාස්ටික් මුහුදට බැහැරවීමේ ලොකුම හානිය. ඉතින් ලංකාවේ Filmmakers ඒ ගැන කතා කරන්නේ නෑ කියන එක මට තිබුණු ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි හිතුවා Dance Film එක හරහා X press Pearl Disaster එක පෙන්වනවා කියලා. ලංකාවට කියන්නේ Pearl of Indian Ocean කියලා සහ මේ නැවේ නමත් Xpress Pearl, එක අහම්බයක්. මේ නැවෙන් කාන්දු වුණ ප්ලාස්ටික් ඇට දැක්කම එවා ගොඩක් දුරට මුතු ඇට වලට සමානයි. මම දැක්කා සමාජ මාධ්‍යයෙනුත් මේ මුතු ඇට නොවේ කියලා Share වෙනවා. මේකේ Character එක විදිහට මුතු බෙල්ලෙක් අරගෙන මුතු බෙල්ලාගේ Point of View එකෙන් මේ කතාව ඉදිරියට අරගෙන යනවා කියන Idea එක මට ආවේ, ප්ලාස්ටික් ඇට කරමල් අස්සේ හිර වෙලා මැරුණ මළුවෙක්ගේ රූපයකින්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන රටේ ජීවත් වුණ මුතු බෙල්ලෙක් එයාගේ ජීවිතය සතුටින් ගෙවනකොට X press Pear කියන භයානක මුතු ඇටයක් (නැව) ඇවිල්ලා (මතක තියාගන්න මේ නැව නිකන් ආව එකක් නෙමේ වන්දි බලාපොරොත්තුවෙන් ලංකා මුහුදු තීරයට රජයෙන් ගෙන්න ගත්ත බව. ඒ වන්දිය සම්පූර්ණයෙන්ම ලැබුණද කියන එක ප්‍රශ්නයක්. වන්දි මුදල් වෙනුවෙන් සමූද්‍ර පද්ධතියක්ම සහමුලින්ම විනාශ වීමට ඉඩහැරීම ඊට වඩා ලොකු ප්‍රශ්නයක්). සම්පූර්ණ එයාගෙ පරිසරයයි එයාවයි විනාශ කරන එක තමයි මේ කතාවෙන් කියන්න ඕනේ වුනේ.
මේ චිත්‍රපටයේ තිර පිටපත, පර්යේෂණය සහ නිෂ්පාදන කටයුතු සිදු වුණේ කොහොමද?
අපේ Research කණ්ඩායම මේ Film එක වෙනුවෙන් වෙනම Research එකක් කළා. මේ සිදුවීමෙන් වුණ හානිය මොන වගේද?, මේකෙන් වුණ දීර්ඝකාලීන බලපෑම් මොනවාද ? වන්දි ගත්තද ? Government එක මේ සිදුවීම සම්බන්ධ ව ගත්ත ක්‍රියාමර්ග මොනවාද ? වගේ දෙවල් සම්බන්ධව අපි Research එක අරගෙන ගියා. ඒ අතරතුරPerform Artist එක්ක මුතු බෙල්ලා කියන Character එක Develop කරන ගමන් Choreography වගේම Dance Movement වලින් මේ හැමදේම නිරූපණය කරන ආකරය වගේ දේවල් ඉස්සරහට කරගෙන ගියා. අනිත් දේ තමයි මට ඇත්ත Xpress Pearl Disaster එකේ Footage ගන්න ඔනේ උනා. ඒ දේවලුත් අපි එකතු කරගත්තා. මේ Film එකට Reference හොයද්දි තමයි අපිට තේරුණේ මේ වගේ Genre mix වුණ වැඩ අඩුයි කියන එක. ඉතින් ඒ නිසාම මේ Film එකේ Edit එක, Shoot කරන විදිහ හා Film එකට අවශ්‍ය හැඩය ගන්න Film එකටම අපි ඉඩ දුන්නා. නිෂ්පාදන කටයුතු ගැන අපි කතා කළොත් අපේ Crew එකේ හැමෝටම විශේෂයෙන් ස්තූති කරන්න ඕනෙ, මොකද මෙක ලොකු Budget එකක් තිබුණ වැඩක් නෙමෙයි. හැමෝම මේක කරේ Nature එක ගැන තියෙන Concern එක වෙනුවෙන්.
ඔබ මීට පෙර අධ්‍යක්ෂණය කළ සියළු චිත්‍රපට පර්යේෂණාත්මක ශානරයේ චිත්‍රපට. ප්‍රබන්ධ චිත්‍රපටවලට වඩා මෙි ශානරයට ඔබ මෙතරමි රුචිකත්වයක් දක්වන්නේ ඇයි?
ඔව් මම කරපු ගොඩක් Films පර්‍යේෂණාත්මක එහෙමත් නැතිනම් Experimental Films පැත්තට බර ෆිල්ම්ස් තමයි. David Lynch, Luis Bunuel වගේ Sxperimental, Avant Guard Films වලට මම ආස කරන එක ඒකට හේතුවක් වෙන්නත් ඇති හැබයි මම කරපු Films Full Experimental කියලා කියන්න බෑ. මම ගොඩක්ම Try කරේ Fictional Narration එකක් තියන, Story එකක් ඇතුලේ, ඒ කතාව යන අතරේ Experimental වැඩක් කරන්න. මම හිතනවා මගේ හැම Film එකකම ඒ Style එක තිබුණා කියලා. ඔයාගේ මේ ප්‍රශ්නෙත් එක්ක film school lifeඑක දිහා හැරිලා බලද්දී මට හිතෙන්නේ නිකන්ම චිත්‍රපට හදනවා වෙනුවට සිනමාව ඇතුළේ පර්‍යේෂණ කරන්නයි මට ඕනේ වුණා මොකද ඒ නිදහස මට Srfti එකේදි ලැබුණා. ඒකෙන් Campus එක ඇතුලේදීම Director කෙනෙක් විදිහට මෙගේ Style එක හදාගන්න මට පුලුවන් උනා සහ මම ඒ පර්‍යේෂණාත්මක වැඩ ඇතුලේ මාව Express කළා. මම හිතනවා කතාවක් කියන්නම චිත්‍රපටයක් හැදෙන්න ඔනේ නෑ. කතන්දරයක් තියෙන්න ඔනේ මම නෑ කියන්නේ නෑ, මොකද මිනිස්සූ කැමති කතන්දර අහන්න, Film කියන දේ නවකතාවකින් කතාවක් කියනවා වගේ වෙනුවට තව හැඟීමක් මිනිහෙකුට Express කරන්න පුළුවන් Medium එකක් නිසා මම හිතනවා ඒ වගේ Experimental වැඩ අනිවාරයෙන් තියන එක හොඳයි, ඒ වගේ වැඩ හින්දා තමයි Filmmaking කියන Medium එක තව දුරටත් Boundaries කඩාගෙන ඉස්සරහට යන්නේ.
මේ සිනමා ශානරය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් නේද?
ලංකාවේ ප්‍රේක්ෂකයන් ට විතරක් නෙමෙයි ලොකේ ප්‍රේක්ෂකයන්ට වගේම මේක අපිටත් අලුත් අත්දැකීමක්. මම කලින් කිව්වා වගේ මේක අපි කිසිම චිත්‍රපටයකින් ආභාසයක් ලබලා මෙහෙම හදනවා කියලා හදපු චිත්‍රපටයක් නෙමෙයි. ශානර ගොඩක එකතුවක් මේක. ඒ නිසා මොනCategory එකටද මේක අයිති වෙන්නේ කියන එකත් එක්ක Festivalවලට යන එකත් ලොකු ප්‍රශ්නයක් උනා. මේ ෆිල්ම් එකDance, Environmental, Experimental, කියන categories වලට අයිති වෙනවා. ලංකාවේ අපිට Documentary Film කිව්වම තාම පුරුදු GFU Documentaries නැත්නම් Song of Ceylon වගේ නිර්මාණවල ආභාසය ලබලා Narration එකක් Background එකෙ ඇහෙන (voice of god) එහෙමත් නැත්නම් interviews එක්ක ඉස්සරහට යන Documentaries වලට. අපි මේ film එකේදී dialog නැතුවInterview නැතුව Real Footages එක්ක Documentary එකක් අරන් එන අතරේ Dance එක හරහා ප්‍රබන්ධමය කතාවකුත් අරන් එනවා, ප්‍රකාශනයක් විදිහට Dance භාවිතා කිරීම නිසා මේක Dance ෆිල්ම් එකකුත් වෙනවා. මේකට අපි English වලින් කියනවා Genre Bending කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකයේ සමහර තැන් වල දැන් Trend එකක් වී ගෙන එනවා Documentary සහ Fictional film වල තියෙන Boundary එකට Merge කරන එක. මේක ඇතුලේ ඒ වගේ Genre කීපයක් Merge වෙලා තියනවා. මේ ෆිල්ම් එක ඇතුළේ සමහර සමහර දේවල් හිතලා කරපු දේවල් නෙමේ, මම විශ්වාස කරන දෙයක් තමයි Film එකක් හදාගෙන යද්දී Forcefu අපිට ඕනේ දේම ගන්නව වෙනුවට Film එකට ඕනේ හැඩයත් හදාගන්න Film එකටම ඉඩ දෙන්න ඕනේ.
චිත්‍රපටය නිර්මාණය කරනකොට ආපු අභියෝග මොනවද?
මේ නිර්මාණය කරනවා කියලා පටන්ගත්ත වෙලාවේ ඉදන්ම අපිට අභියෝගයක් ආවා කොහොමද මේක කියන්න යන්නේ කියන එකත් එක්ක Dance Film එකක් විදිහට මේක පටන්ගත්තට අපිට හිතුණා මේකට Documentary ත් ගාවන්න ඕනේ කියන එක, කොහොමද මේකේ හානිය මිනිස්සුන්ට ඇත්තටම දැනවෙන විදිහට කරන්නේ කියන එක. ලොකේ හා ලංකාවෙත් ඇත්තටම මේ ගැන අවදානයක් තිබුණේ නැහැ. ලංකාවේ නැව ගිලුන එක දන්නවාද ඇහුවාම ටයිටැනික් ද? කියලා අහපු අවස්ථාත් තිබුණා. මේ ගැන කිසිම Awareness එකක් නෑ සමහර අයට. මේක Dance එකක් හරහා විතරක් ගෙන්නත් බෑ, වර්තා චිත්‍රපට ගති ලක්ෂණ එක්ක ඇත්ත සිද්ධි හා ඇත්ත Footages මට පෙන්නන්න ඔනේ වුණා. මොකද එතකොට ඒකෙන් එන impact එක වැඩී. මම අර කලින් කිව්වා වගේ reference හොයනකොට මට ලොකේ කොහෙවත් reference හම්බ වුණේ නෑ. අපි කොච්චර උනත් reference බලනවා අපි කැමති directors ලාගෙන් අපි influence වෙනවා සහ inspire වෙනවා. ඒ මොකුත් නැති වීම තමයි මට ආව පළවෙනි අභියෝගය. Dance වලින් කොහොමද මේ සියලුදේ Express කරන්නේ කියන එකත් අභියෝගයක්. Shoot කරන්න ගියාම අපට ආව අභියෝග තමයි Budget Limitations. අපි එකම Location එකක් හෙව්වා. හැම දේම එකම තැනකින් කරගන්න. අපි ගොඩක් location හෙව්වා, අරුගම්බේ, මාතර වගේ. ඒත් අන්තිමට x press pear නැව ගිලුණ උස්වැටකෙයියාව ප්‍රදේශයේම තමයි Film එක Shoot කරන්න තෝරගත්තේ. ඒ හරියේ අදටත් මෙම ප්ලාස්ටික් ඇට දැකගන්න තියනවා, ඒ හානිය කියලා නිම කරන්න බෑ. අපි xpress pearl නැවේ අනුරුවක් හැදුවා එකත් අපිට ලොකු අභියෝගයක් උනා Budget එකත් එක්ක. මේ වගේ ටඪතථ එකක් කලින් කරලා නැති නිසා crew එකට ලොකු අභියෝගයක් වුණා කොහොමද? මේක camera එකට capture කරන්නේ කියන එක. එතන ආව Limitations ගොඩක් තිබුණා. අනිත් එක අපි Shoot කරපු පළවෙනි දවසේ Camera එක වතුරට වැටිලා අපිට Shoot කරන්න බැරි වුණා. ඉතින් අපට එක දවසින් Cover කරන්න උනා. ඒ අභියෝග හැම Film එකකම එන දෙයක්. ඒ අභියෝග නිසාම Film එක ඒ Film එකට අවශ්‍ය හැඩය තෝරාගත්තා කියලා මම හිතනවා.
චිත්‍රපටයේ තේමාව පර්ල් නෞකාවේ විනාශ හරහා පරිසරයට සහ මානවයාට සිදු වූ විනාශය ගැන. ලංකාවේ සමකාලීන ගැටලු පිළිබඳ ලාංකේය කෙටි චිත්‍රපටවලට හෝ වෘත්තාන්තමය චිත්‍රපටවල නිරූපණය වීම හෝ තේමා වීම ගැන තියෙන්නේ මොනවගේ අදහසක්ද?
මේක ඇත්තටම කතා කරන්න ඕනෙම මාතෘකාවක්. Period Films කරන්න ඕනේ නැත්තේ නෑ හැබැයි තමන්ගේ සමකාලීන සමාජය ගැන තියුණු ඇහැක් තියාගෙන ඒ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ. ඒක Director කෙනෙක් අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ කාර්යයක් කියලා මම හිතනවා. Short Films හා Fiction Filmsවල මේ ගැන කතා කරන එක ඇත්තටම වටිනවා. ඇත්තටම Filmmaking කියන එකේදී technique ඉගෙනගෙන craft එක ඉගෙනගන්න පුළුවන් ඕනෙම කෙනෙකුට. එත් කෙනෙක්ට Social, Political, Cultural, Philosophical දැක්මක් තියනවා නම් ඒ Worldview එක තමන්ට ආවේනිකයි. එතකොට ඒක අනුව තමයි එයා Film වලින් එයාව Express කරන්නේ. මේ මොහොතේ ලාංකීය සමජය ගැන එයා මොනවිදියට දකිනවාද ? දකින්නේ මොනවාද ඒක තමන්ගේ Film වල Represent වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. කාලයකට පස්සේ ලංකාවේ සමාජය ගැන කෙනෙක් හැරිලා බලනවා නම් ඒ ඒ කාලවල ලංකාව පසුකරගෙන ආ ගමන්මග අපිට ඒ Film හරහා බලන්න පුළුවන්. අපිට කලින් Filmmakers බැලුවා ම අපිට ඒක පේනවා. ඒ ඒ කාලයේ සමාජය පසුකරන් ආවේ මොනවගේ ගැටලුද ඒකට තරුණ තරුණියෝ කොහොමද මුහුණ දුන්නේ කියන එක. අපි මේ කතා කරන Films හරහා පේනවා. මම හිතන්නේ දැන් ඉන්න Filmmakers ලා Social Political Content ගැන කතා කරනවා නම් ඒක ඇත්තටම හොඳ දෙයක් සහ එයාලා මේ සමාජය ගැන consciousness ඉන්නවා කියන එක සෑහෙන්න වටින දෙයක්. මේ ෆිල්ම් එක ගැන කතා කළොත් මේක ලංකාවට හා ලෝකෙට වුණ ලොකුම පරිසර හානියක් ලංකාවේ Nature Concern, Social Concern Filmmaker කෙනෙක් නම් එයා මේ ගැන කතා කරලා තියෙන්න ඕනේ. මට මේක ගැන කතා කරන්නම ඕනෙ කියලා හිතුණා මට මේක ලංකාවේ සමකාලීන ගැටලුවක්. රටක රජයක් වන්දි බලාපොරොත්තුවෙන් ටොන් ගාණක රසායනික ද්‍රව්‍ය/ප්ලාස්ටික් ඇට පරිසරයට මුහුදේ ඉන්න සත්තුන්ට හානි වෙනවා කියලා දැන දැනම මුහුදට දානවා කියන එකම කොච්චර ගැටලුවක් ද ? මේ ප්ලාස්ටික් සහ අනෙකුත් දේවල් එකතු එකතු වීමෙන් මිනිස්සුන්ට වෙන හානියත් ඒ වගේමයි. ඔයා කියනවා වගේ සමකාලීන සමාජීය ගැටලු කතා කරනවා නම් මේ වගේ topic එකක් ලංකාවේ filmmakers ලට miss උනේ කොහොමද කියන එක මට හිතාගන්න බෑ. (එකම එක Documentary එකක් මම දැක්කා)
චිත්‍රපටය සාර්ථක කර ගන්න නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබුණේ මොනවගේ සහයෝගයක්ද?
මේකෙ නිෂ්පාදන කණ්ඩායම ගැන කතා කරද්දී. නිෂ්පාදිකාව හා නර්තන ශිල්පිනයක් විදිහට වැඩ කරපු අමා නෙත්මී ගෙන් ලැබුණ සහයෝගය ලොකු දෙයක්. එයා නිෂ්පාදන සහයෝගය හා choreography වගේම dancing පැත්තෙනුත් සහයෝගය දුන්නා. මේක stage එකක් සැහැල්ලුවෙන් කරන නර්තනයක් නෙමෙයි. කර්කශ අව්වේ මුහුදු වෙරළෙ කරපු කැපවීම ගැන කියලා නිමකරන්න බෑ. ඒ වගේම අපේ අනිත් Crew Members ලත් අපි වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා. Assistant Director, Production manager, Cinematographer, Art director මේ හැමෝම ස්වභාදහමට තියන ආදරය වෙනුවෙන් ම කරපු project එකක්. ලොකු මුදලක් වෙනුවෙන් නෙමෙයි හැමෝම වැඩ කළේ. මම කලින් කිව්වා වගේ camera එක වතුරට වැටුණ එකත් එක්ක අපි තිබුණේ එක දවසයි ඉතින් අපිට මුළු දවසම වගේ වැඩ කරන්න වුණා. ඒ ලැබුණ සහයෝගය කියල නිම කරන්න බෑ. Bigsyn festival එකේ රටවල් 120 film 500 ලැබුණ මේ award එක crew එක කරපු ඒ Dedication එකට ලැබුණු වටිනාකමක්.
ඉමල්ක විතානගේ