මොරටුව මහනගර සභාවේ සාහිත්යාංජනීද 2024 සාහිත්‍ය කලා මහෝත්සවය මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්රය මුල් කර ගනිමින් ‘ටෙලි රූ ධාරා’ නමින් මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී කලාකරුවන් සහ විශාල සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ටෙලි නාට්‍ය කලාවේ අනාගතය ප්‍රධාන මාතෘකාව ලෙස ගෙන ප්‍රධාන දෙසුම ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් පවත්වන ලදී. දැනට විකාශය වූ හා විකාශය වන ටෙලි නාට්‍ය ගීත හා නර්තනයන් ගායන වෘන්ද්‍ය හා නර්තන කණ්ඩායම විසින් ගෙන එනු ලැබූ අතර එය ප්‍රසංගය වර්ණවත් කළ අංගයක් විය.
ටෙලි නාට්‍ය කලාව වෙනුවෙන් කැපවුණු හා ඇගැයීමට ලක්වුණු මොරටු පුරවැසියකු වෙනුවෙන් පිදෙන ‘මොරටු පුත්‍ර ගෞරව සම්මානය’ මෙවර පිරිනමනු ලැබුවේ ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් වෙතයි.
සාහිත්‍යය තරඟවලින් ජය ලැබූ පාසල් සිසු සිසුවියන් සඳහා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම මොරටුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එල්,පී මනෝජා එස්. පතිරණද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල් ධම්මිකා, මොරටුව මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් තාරක මුණසිංහ, ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් සිදු කළහ.
සේයාරූ – ලාල් සෙනරත්