ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් තමන් වටා ඇද බැද තබාගනිමින් මෙරට ජනපි‍්‍රය රංග ශිල්පින් අතරේ ඉදිරියෙන් වැජඹෙන තැනැත්තියක් වන ඩිනක්ෂි පි‍්‍රයසාද් සරසවිය සම්මාන ඉතිහාසයේ තිස් පස්වැනි සරසවිය සම්මාන උලෙළේදී 2020 වසරේ ජනපි‍්‍රය නිළිය ලෙසින් සරසවිය සම්මානයට පාත්‍ර වූවාය. 2024 වසරේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණශාලාවේ පැවති සරසවිය සම්මාන උලෙළේ දී ඇය.. මෙම සම්මානනීය ඇගැයුමට ලක්වුවාය. චිත්‍රපට අධ්යක්ෂ දිනේෂ් පි‍්‍රයසාද්ගේ වැඩිමල් දියණිය වූ ඩිනක්ෂි සිනමාවට අත්පොත් තබනුයේ 1992 වසරේ පියා අධ්‍යක්ෂණය කළ අපායේ තත්පර අසූහාරදාහ චිත්‍රපටයේ රංගනයත් සමඟය. වයස අවුරුදු දෙක හමාරක දැරිවියකව සිටිනා අවධියේ සිනමාවට ප්රවිෂ්ටයක් ලබා ගන්නා ඩිනක්ෂි පේ්රක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත්වනුයේ 2014 වසරේ චන්ද්‍රන්රත්නම් අධ්‍යක්ෂණය කළ “මේ වගේ ආදරයක්” චිත්‍රපටය සමඟය. මෙම චිත්‍රපටයේ රංගනය උදෙසා ඩිනක්ෂි හා පුරා කියා සරසවිය සම්මානයකින් ගෞරවාදයට පත්වනුයේ සරසවිය කුසලතා සම්මානයක් දිනාගනිමිනි.
මේ වනවිට දෙවතාවක් සරසවිය සම්මානයට පාත්‍ර ව සිටින ඈ මුල්වරට 2015 වසරේ මේ වගේ ආදරයක් චිත්‍රපටයේ රඟපෑම උදෙසා සරසවිය කුසලතා සම්මානය 33 වැනි සරසවිය සම්මාන උලෙළේදි දිනාගත් අතර 2024 වසරේ පැවැති 35 වන සරසවිය සම්මාන උලෙළේ දී ඇය 2020 වසරේ ජනප්‍රිය නිළිය ලෙස සරසවිය සම්මානයට පාත්රවුවාය.
සිනමා රංග ශිල්පිනියක් හැරුණු කොට ටෙලි නාට්‍ය වේදිකා නාට්‍ය ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක නර්තන ශිල්පිනියක ද වන ඩිනක්ෂි මුල්වරට 2009 වසරේ ටෙලි රංගනයට පිවිසෙනුයේ ජානක සිරිවර්ධන අධ්‍යක්ෂණය කළ “වස්සාන සිහිනය” ටෙලි නාට්‍ය රංගනයත් සමඟය. එහි චාපාගේ චරිතය තුළින් ඉමහත් ජනපි‍්‍රයත්වයක් ලබා ගන්නා ඈ ඉන්පසු පියවි, රෑන, වෙස් දෝනි, කෙයා, පිරිමි ළමයි, ටේක්කෙයා, ඒක දිග කතාවක්, මිණිගංදෑල, චංචල රේඛා, සඳගිරපව්ව ආදී ටෙලි නාට්‍ය නිර්මාණ හැටකට පමණ මේ වනවිට රංගනයෙන් දායක වී ඇත. 2013 වසරේ දමයන්ති ෆොන්සේකාගේ ගාස්තුව කීය ද වේදිකා නාට්‍යයෙන් මුල්වරට වේදිකාවට ප්රවිෂ්ටයක් ලැබූ ඩිනක්ෂි ආශාවේ වීදි රිය, පිරිමියෙක් ගෙන් පැමිණිල්ලක් ආදී වේදිකා නාට්‍ය බොහෝමයක රංගයන් සමඟින් ද පේ්රක්ෂකයන් අතර ජනපි‍්‍රයත්වයක් දිනාගනු ලැබුවාය. නිවේදිකාවක, නර්තන ශිල්පිනියක ලෙසින් ද ප්‍රේක්ෂක සිත් සතන් ඇද බැදගත් ඩිනක්ෂි තම පියා අධ්‍යක්ෂණය කළ ඩබල් ට්‍රබල් චිත්‍රපටයේ සම අධ්‍යක්ෂකවරයා ද වූවාය.
1990 දී උපත ලැබු ඩිනක්ෂි බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සාමාන්‍යපෙළ දක්වා ඉගෙනුම ලැබු අතර කිරුළපන රෝයල් ඉන්ස්ටිට්යුට් ජාත්‍යන්තර පාසලෙන් උසස්පෙළ හදාරනු ලැබීය.
මේ වගේ ආදරයක් චිත්‍රපටයේ මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඈ මෑත භාගයේ වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනු ලැබුවේ විසල් ආදරේ චිත්‍රපටයේ සරාගේ චරිතය වෙනුවෙන්ය. මේ වනවිට චිත්‍රපට විස්සක පමණ ප්‍රධාන උප ප්‍රධාන චරිත රඟපෑ ඩිනක්ෂි රෝස ආදරේ, විශ්ම, සූම්, මිස්ටර් මිසිස් ආදී චිත්‍රපට රැසක ද චරිත නිරූපණය කළාය.
ඩිනක්ෂිගේ නැගණියන් දෙපළ වූ ශේෂාද්‍රි හා ශනුද්‍රි ද ජනපි‍්‍රය රංග ශිල්පිනියන් දෙපළක් වන අතර ඇය විවාහ වී සිටිනුයේ ද මෙරට ජනපි‍්‍රය රංග ශිල්පියෙකු, නිවේදකයකු වන සාරංග දිසාසේකරයන් සමඟිනි. තම සැමියා සමඟ මුල්වරට ඩිනක්ෂි රංගනයේ නියැළෙනුයේද විශ්ම චිත්‍රපටයත් සමඟිනි.
දහනව හැවිරිදි වියේදී වෘත්තීමය නිළියක් බවට පත් වූ ඩිනක්ෂි සරසවිය සම්මාන හැරුණුකොට දහසකුත් පේ්රක්ෂක ආකර්ෂණයන් මධ්‍යයේ මේ වනවිට සම්මානනීය ඇගැයුම් බොහොමයක් ලබා ඇත.
සරසවිය කුසලතා – (මේ වගේ ආදරයක් 2015), සරසවිය ජනපි‍්‍රය නිළිය – 2020, හිරු ගෝල්ඩ් ෆිල්ම් එවෝඩ් – (මතුබලාපොරොත්තු තැබිය හැකි නිළිය 2016), දෙරණ ෆිල්ම් එවෝඩ් – (ජනපි‍්‍රය නිළිය 2016), ජනාධිපති සම්මාන – (ජුරියේ විශේෂ කුසලතා – මේ වගේ ආදරයක් 2015), සිග්නීස් – (මේ වගේ ආදරයක් 2016), සුමති ටෙලි සම්මාන – නැගී එන නිළිය 2012, සුමති ටෙලි සම්මාන – ජනපි‍්‍රය නිළිය 2013, රයිගම් ටෙලි සම්මාන – ජනපි‍්‍රය නිළිය 2024, දෙරණ ස්ටාර්සිටි චැම්පියන් 2016, දෙරණ ස්ටාර්සිටි චැම්පියන් 2018.
සේයාරුව දිලිප් තරංග
චන්දන දයාසිරිවර්ධන