නිවේදනයෙන් සහ රංගන කාර්යයේ කලා ලොවේ සුවිශේෂි ගමනක නියුතු වූ හිමාලි සයුරංගි සරසවිය හා මෙසේ සම්මුඛ විය.
ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ආකාරය සිහිපත් කළොත්?
මම කලාවට සම්බන්ධ වුණේ ළමා පිටියෙන්. ඒ කියන්නේ ගුවන් විදුලිය හරහා. ළමා නිවේදිකාවක් විදිහට තමයි ආරම්භය සිද්ධ වුණේ. නිවේදය, ගීත ගායන කටයුතුවලට සහභාගි වෙන ගමන් ටික කාලයක් යද්දි මම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා සම්බන්ධ වුණා. හඬ කැවීම් ශිල්පිනියක් විදිහට තමයි සේවය කරේ.
රංගනය නිවේදනය අතරින් ඔබ වඩා කැමැති කුමකටද? ඊට හේතුවක් තිබේද?
මම ගොඩක් කැමැති රංගනයට. මොකද කියනවනම් රංගනයෙන් තමයි මම තෘප්තිමත් වෙන්නේ. මට රංගනයේදී ලොකු පහසුවක් දැනෙනවා. නිවේදිකාවක් විදිහට කටයුතු කරනකොට කටින් පිටවෙන හැම වචනයකටම වගකීමක් තියෙනවා. කියන දේවල් පිළිබඳ ලොකු අවධානයක් දෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් නිවේදනයේදි බඥදඵඪධද එක වැඩි. රංගයේදි නම් වෙන කෙනෙකුගේ චරිතයට ප්‍රවිශ්ට වීමක් සිද්ධ වෙන්නේ. විවිධ චරිත කරන්න ලැබීම තුළ විවිධත්වයක් තියෙනවා. ඒ වගේම මගේ භාවයන් නිදහස් කරන්නට හැකියාව ලැබෙනවා. නමුත් නිවේදනයේදී එහෙම නෙවෙයි. නිවේදනයේදී මට ලොකු ඵබපඥඵඵ එකක් දැනෙනවා. ඒ නිසා මං ගොඩක් කැමතියි රංගනයට.
බොහෝ ප්‍රේක්ෂකයින් ඔබව හඳුනන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස. නමුත් ඔබ සිනමාව තුළත් විවිධ චරිතයන්ට රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණා. ඔබ රංගනයෙන් දායකත්වය දැක්වූ සිනමාපට පිළිබඳ පැවසුවොත්?
මම මුලින්ම සම්බන්ධ වුණේ සනත් ගුණතිලක මහත්මයාගේ “ඒකමත් එක රටෙක” චිත්‍රපටයට. මල් කෙල්ලෙක්ගේ චරිතයක් තමා කරන්න තිබ්බේ. ඒකෙදි මට දෙබස් තිබුණේ නැහැ. ඒක හරි ලස්සන කතාවක්. සුන්දර යුවතියකට තමයි මට පණ පොවන්න තිබුණේ. ඊට පස්සේ මම කන්‍යාවී, ප්‍රතිරූ වගේ චිත්‍රපටයන්ට රංගනයෙන් එක්වුණා. සිකුරු හතේ චිත්‍රපටයෙන් ලැබුණු චරිතයේ තමයි මට යමක් කළ හැකි චරිතයක් වුණේ. හොඳම නැගී එන නිළිය විදිහටද මට ඒ චිත්‍රපටයේ රංගනයට සම්මාන ලැබුණා. සිකුරු හතේ චිත්‍රපටය ගොඩක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් චිත්‍රපටයක් බවට පත්වුණා. ඒ වගේම සම්මානත් ලැබුණා. එක් පුද්ගලයෙක් චිත්‍රපටය නැරඹූ අවස්ථා කීපවරක් තිබුණා. ඊට පස්සේ මම ගොවි තාත්තා, සුනාමි චිත්‍රපටයන්ට රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපට දෙකටම මට ජාත්‍යන්තර සම්මාන ලැබුණා. ලංකාවෙ නම් ගොඩක් කල් තිරගත කරන්න බැරි වුණා කොරෝනා වසංගතය නිසා.
ඔබ පණ පෙව් චරිත අතරින් වඩාත් ප්‍රිය කරන චරිතයක් තිබේද?
ඔව් මම ගොඩක් කැමැති ආනන්ද අබේනායක මහතාගේ “තක්සලාව” නාට්‍යයේ මම රඟ දැක්වූ චරිතයටත් අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “කවිය නුඹ” ටෙලි නාට්‍යයේ චරිතයටත්. තක්සලාව ටෙලි නාට්‍ය නම් මට හම්බවුණේ ගුරුවරියකගේ චරිතයක්. කොළඹ ගුරුවරියක් දුරබැහැර පළාතකට ගිහිල්ලා පාසලක් ආරම්භ කරලා දරුවන් යහමගට ගන්න සංවේදී කතාවක් තමයි එහි අන්තර්ගත වුණේ. ඒ චරිතයට මට සම්මානද ලබාගන්න පුළුවන් වුණා. කවිය නුඹ ටෙලිනාට්‍යයේ මට ලැබෙන්නේ විරූපී දරුවෙකුගේ චරිතයක් රඟපාන්න. මවක් තම දරුවා ගබ්සා කිරීමට ගන්න උත්සාහයෙ ප්‍රතිඵලය අනුව තමයි විරූපී දරුවෙක් උපත ලබන්නේ. ඒ චරිතය තමයි මට රඟපාන්න සිදු වුණේ. විරූපී වුණත් ඒ දරුවා ලිවීමට දක්ෂයි. ඇගේ ලිවීමේ හැකියාව නිසා තරගාවලියකින් ජයග්‍රහණය ලබනවා. ඒ චරිතය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ලබා ගන්න මට හැකියාව ලැබුණා. ඉතින් මම රඟ දැක් වූ චරිත අතරින් වඩාත් කැමැති මේ චරිත දෙකට තමයි.
දෙරණ නාලිකාවේ විකාශය වන “දෙවෙනි ඉනිම” නාට්‍යයේ උදේනිගේ චරිතයත් ඔබ මේ වනවිට රඟපානවා. උදේනිගේ චරිතය භූමිකාව මොන වගේද?
ඇත්තටම උදේනි ආදර්ශමත් මවක්. උදේනි කියන්නේ අවුරුදු 16දී 17 දි වගේ මවක් වෙන කෙනෙක්. තමන්ගේ තරුණ වයසේ දී මවක් වෙන ඇය තම දරුවා හොඳීන් හදාගන්නවා. ප්‍රශ්න මැද දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ගමන් ජීවිතය සාර්ථක කර ගන්නවා. දයාව, කරුණාව, ආදරය , සෙනෙහස, ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව වගේ මේ හැම දෙයක්ම එකතු වුණ චරිතයක් තමයි උදේනිගේ චරිතය. ගොඩක් අය මාව හඳුනා ගන්නේ “උදේනි අම්මා” විදිහට. සමහර ප්‍රේක්ෂකයින් උදේනිගේ චරිතය ආදර්ශයට අරන් ජීවත් වෙනවා. මට ඒ වගේ අය මුණගැහිලා තියෙනවා. උදේනිගේ චරිතය තුළින් ප්‍රේක්ෂක හිත් දිනාගන්න ලැබුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට මගේ තරුණ කාලේ තමයි ලොකු පුතෙක් ඉන්න මවක් විදිහට රඟ පාන්න ලැබුණේ. රවීන්ගෙයි මගෙයි අතර වැඩි වයස් පරතරයක් නැහැ. ඒ වුණත් මම රවීන්ගේ අම්මා විදිහට රඟපානවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ විදිහට ලැබෙන හින්ද තමයි තවමත් මේ නාට්‍යය විකාශය වෙන්නේ.
රංගනයත සමඟ ඔබ මවක් ලෙස එදිනෙදා වැඩ කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?
මම හරිම කාර්යබහුලයි. පාන්දර 4.30 ට වගේ තමයි මම නැගිටින්නේ. වැඩවලට මුල්තැන දෙනවා වගේම මගේ දරුවටත් මම මුල්තැනක් දීලා කටයුතු කරනවා. දරුවාගේ හැම වැඩක්ම මගේ අතින් තමා වෙන්නේ. අම්මා කෙනෙක් විදිහට දරුවෙක්ගේ වැඩ කරන්න ඕන. ඉතින් මම මගේ දරුවාගේ වැඩ මගේ අතින්ම කරනවා. බොහෝ වෙලාවට මම සෙනසුරාදා ඉරිදා වැඩ දාගන්නෙ නෑ. දරුවත් එක්ක තමයි කාලේ ගත කරන්නේ. අම්මා කෙනෙක් උනාම තමන්ගේ වෘත්තිය, දරුවෝ, පවුල මේ හැමදේම එක්ක බැඳීලා ඉන්නවා. තමන්ගේ හැම වැඩේම සමබරව කරගන්න ඕන. කාන්තාවකට ඒ හැකියාව උපතින්ම ලැබිලා තියෙනවා. දරා ගැනීමේ ශක්තිය, කොච්චර මහන්සි වුණත් හිනාවෙලා ඉන්න පුළුවන් හැකියාව කාන්තාවකට තියෙනවා. මගේ වෘත්තිය පිළිබඳත් මවක් විදිහටත් මට කිසිම පසුතැවීමක් නැහැ. වැඩ නිසා මට දරුවාව මග හැරුණා කියලා කියන්නවත් දරුවන් නිසා මගේ වෘත්තීය ක්ෂේත්‍රය පසුබැස්සා කියලා කියන්නවත් මට නෑ. මොකද මම මේ දෙකම සමබරව කරගෙන යනවා.
මවක් ලෙස ඔබ සිතන පරිදි දරුවෙකුගේ කුඩා කල කෙසේ විය යුතුද?
දරුවා පළමුවෙන්ම දේවල් ඉගෙනගන්නෙ ගෙදරින්. ඉතින් දරුවත් එක්ක ඉන්න කාලය වැඩි කරලා දරුවට වැඩි අවදානයක් දෙන්න ඕනේ. මට දරුවා ලැබුණ දවස්වල මම රංගනයෙන් ඉවත් වුණේ නැහැ. ඒ කටයුතුවලට සහභාගි වුණා. මොකද ඒ දවස්වල මගේ පවුලේ ප්‍රශ්න තිබ්බා. ආර්ථික වශයෙන් ගොඩක් පහතට වැටිලා හිටියේ. මගේ මහත්තයාගේ business එහෙමත් පාඩු ලබන තත්ත්වයක තමා තිබ්බේ. ඉතින් මම හැම වෙලාවෙම හිතුවේ හැමදේම සමබරව කරගෙන යන්න ඕන කියලා. සමහර වෙලාවල්වලට දරුවා අම්මා ගාව තියලා ගියත් මම පුළුවන් හැම වෙලාවකම දරුවත් එක්ක හිටියා. මම එළියට යන හැම වෙලාවකම වගේ දරුවා මත් එක්ක එක්කන් ගියා. බලාගන්න ටිකක් අමාරුයි. පොඩි ළමයි නිසා දඟ කරනවා. ඒත් මං හැමවෙලේම එයාව මාත් එක්ක එක්කන් ගියා. දරුවෙක් හැදෙන්න ඕන අම්මා ගාව. දරුවෙකුට ආදරය දැනෙන්න ඕන. එතකොට තමයි එයා තව කෙනෙකුට, තව දෙයකට ආදරේ කරන්න පුරුදු වෙන්නෙ. සමාජෙට ආදරේ කරන්න පුළුවන් දරුවෙක් නිර්මාණය වෙන්නේ එතකොට. ළමයි වුණාම සෙල්ලම් කරන්න ඕන. ඉගෙන ගන්නත් ඕන. මම මගේ දරුවට ඉගෙන ගන්න වගේම අනිත් බාහිර වැඩ කරන්නත් උදව් කරනවා. කොච්චර කාර්යබහුල වුණත් දරුවා වෙනුවෙන් මම කාලය වෙන් කරනවා.
කලා කටයුතුවලට පවුලෙන් ලැබුණු සහයෝගය කොහොමද? විරුද්ධවීම් එහෙම තිබුණද ?
නෑ විරුද්ධ වීමක් තිබුණෙ නෑ. මාත් එක්ක හැම වෙලාවෙම මගේ අම්මා හිටියා. මම ක්ෂේත්‍රයට මුල් කාලෙ ඵඩධධබඪදඨ වලට ගියෙත් අම්ම මාත් එක්ක මට යමක් තනියම කරගන්න පුළුවන් කාලේ වෙනකන් අම්මගේ සහයෝගය ලැබුණා. ගෑහැනු ළමයෙක් උනාම ආරක්ෂාව ඕනේ. අද කාලේ ගැහැනු ළමයෙක්ට නැත්තෙම ආරක්ෂාව. ක්ෂේත්‍රයට අලුතෙන් එන දරුවන් විවිධ අපහසුතාවලට පත්වෙන්නේ ආරක්ෂාව නැති නිසා. විවෘත වූ සමාජයක හැසිරෙන්නේ කොහොමද ? සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ? කියලා දරුවට කියලා දෙන ඒක මවකගේ වගකීමක්. ඉතින් මට ඒ හැමදේම අම්මා කියලා දුන්නා. ලගින් හිටිය. නිතරම මට අම්මා සහයෝගය දුන්නා.
වේදිකාව හා ඔබේ සබඳතාවය පිළිබඳ පැවසුවොත්?
මායා දේවී වේදිකා නාට්‍යයේ සරස්වතිගෙ චරිතය මම රඟපෑවා. ටික කාලෙකින් ඒක වේදිකා ගත වීම නැවතුණා. ඊට පස්සේ මම “දස්කොන්” වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සෙ නැවත වේදිකා නාට්‍යයන්ට සම්බන්ධ වෙලා නෑ. දැන් මගේ දරුවත් ලොකුයි. ඉතිං හොඳ අධ්‍යක්ෂවරයෙක්ගේ වේදිකා නාට්‍යයක් ආවොත් මම භාරගන්නවා.
පොත් කියවන ඔබට ලේඛනයට ප්‍රවේශ වීමට අදහසක් තිබේද?
ඔව්… ඇත්තටම තියෙනවා. මම කැමතියි ලේඛන කලාවට ප්‍රවිශ්ට වෙන්න. ඒත් මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ඒකට වෙලාවක් තිබුණේ නැහැ. මම සම්පූර්ණ වෙන්නේ ලේඛන කලාවට ප්‍රවිෂ්ට වෙලා පොතක් ලියපු දවසට.
කලාවට එන නවක පරපුර පිළිබඳ ඔබේ අදහස?
ඇත්තටම අලුත් පරපුර ගොඩක් දක්ෂයි. ඒ අයගේ ටිකක් හදාගන්න තියෙන්නේ විනය තමයි. සමහර රංගන ශිල්පීන් වගකීමක් අරන් තමන්ට පැවරිලා තියෙන වැඩ කටයුතු හොඳට කරනවා. ඒත් තවත් පිරිසක් වැඩ ගැන අමතක කරලා අන්තර්ජාලයේ සැරිසරනවා. ජිවිතේ සමබර කරගන්න දන්නෙ නෑ. මුදල් වුණත් කළමනාකරණය කරගන්න දන්නෙ නෑ. අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. අරපිරිමැස්මක් නෑ. ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතනවා. ආදරය කරන්න ගියොත් ඒකේ කෙළවරටම යනවා. රූපලාවණ්‍ය ගැන හිතන්න, කරන්න ගියොත් එකෙත් කෙළවරට යනවා. ඒ හැම දේම ජිවිතයට ඕන දේවල්. ඒත් එහෙම නැතුව හැමදේම සමබරව කරගෙන යනවා නම් හොඳයි. මොකද තරුණ පරපුර අපට වඩා දක්ෂයි. හොඳ අනාගතයක් තියනවා.
වර්තමානයේ බිහිවන ටෙලි නාට්‍ය පිළිබඳ ව යමක් පැවසුවොත්?
හොඳ නාට්‍ය තියෙනවා. නරක නාට්‍ය තියෙනවා. විවිධ මාදිලියේ නාට්‍ය තියනවා. එදත් තිබ්බා. අදත් තියෙනවා. විවිධ නාලිකාවල විවිධ නාට්‍ය විකාශය වෙනවා. තමන් කැමති නාට්‍යයක් තෝරගෙන බලන්න ප්‍රේක්ෂකයාට පුළුවන්.
ඔබේ ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණය කුමක්ද?
මගේ ජීවිතයේ මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි මව් පදවිය ලැබීම. මගේ ලොකුම හයිය මගේ වත්කම දුව. මට මේ ලෝකේ අත්හරින්න බැරි දෙයක් තියෙනවනම් ඒ තමයි මගේ දුව.
ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ පැවසුවොත්?
ඇත්තටම මම මේ දවස් වල කරන්නේ නිවේදනය, හඬ කැවීම්, වෙළෙඳ දැන්වීම් වගේ දේවල්. ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. තාම මම ඒවා තෝරගෙන නෑ. නිවේදන කටයුතුවල තමයි නිරත වෙලා ඉන්නෙ.
අද ඔබ ඉන්න තැනට එන්න උදව් කළ අයට ස්තූතිවන්ත වෙන්න අවස්ථාවක් ලැබුණොත්?
ඉස්සල්ලාම ස්තූතිවන්ත වෙන්න ඕනේ මගේ දෙමව්පියන්ට. මට හයියක් වෙලා මගෙ හීන සැබැ කරගන්න මාත් එක්ක හිටියා. ගුවන් විදුලියේ මහින්ද අල්ගම මහතාටත්, ජාතික රූපවාහිනීයේ ශ්‍රිමති ලියනගේ මහත්මියටත් ඒ වගේම ජැක්සන් ඇන්තනී මහතාටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ අය මට ගොඩක් දේවල් කියලා දුන්නා. නාලන් මෙන්ඩිස් මහතාට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද එතුමා තමයි මාව ප්‍රධාන චරිතයකට ගත්තේ. එදා ඉඳන් තමයි මගෙ ජීවිතය වෙනස් වුණේ. ඒ වගේම මගේ ප්‍රේක්ෂක පිරිසට ස්තූතිවන්ත වෙනවා. ඒ අය නිසා තමයි මම රංගන ක්ෂේත්‍රයේ මේ තරම් දුර ආවේ.
විද්‍යාර්ථි
තිලක්ෂි රත්නායක
කැලණිය විශ්වවිද්‍යාලය
ජනසන්නිවේදන අධ්‍යයනාංශය