රංගන ශිල්පිනියක හා කෙටි චිත්රපට අධ්යක්ෂිකාවක වන ආශා විතානගේ අධ්යක්ෂණය කළ කුලුඳුල් කෙටි චිත්රපටය ‘මේ නිසා’ ඉන්දියාවේ බටහිර බෙංගලයේ කලිනාට් හි පසුගියදා පැවති බැංගෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී 2025 හොඳම සිනමාකරුවා හා හොඳම කෙටි චිත්රපටය යන සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට සමත් විය.
ආශා රංගනයෙන් දායක වූ ‘චක්රය’ කෙටි චිත්රපටය අන්තර්ජාතික සම්මාන 7ක් ද ඇය අධ්යක්ෂණය කළ ‘මේ නිසා’ ජගත් සම්මාන 43කට ද හිමිකම් කියනු ඇත. ආශා, ශ්රී ලාංකේය කෙටි චිත්රපට ඉතිහාසයේ වැඩිම ජගත් සම්මාන හිමිකරගත් රංගන ශිල්පිනියයි. මේ වන විටත් ඇය තිර රචිකාවක් හා අධ්යක්ෂිකාවක් ලෙස සනිටුහන් වී හමාරය.