මාලිනී ෆොන්සේකා නමින් සිනමා පාසලක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වෙයි.
මාලිනියට දිය හැකි ඉහළම ගෞරවය දක්වන්නට රංගන ශිල්පීන් බිහි කරන සිනමා පාසලක් ස්ථාපිත කරන්නට රජය සූදානම් වන බව ඇගේ අවසන් කටයුතු සිදුකළ පසුගිය 26 වැනි දින නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ශෝක පණිවිඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
මාලිනී ෆොන්සේකාට සම කළ හැකි රංගවේදිනියක බිහිකළ නොහැකි වුවත් ඇයට සමීප විය හැකි හෝ රංගන ශිල්පින් බිහිකළ හැකි සිනමා පාසලක් බිහි කිරීමට මාලිනී ෆොන්සේකා නමින් අසහාය අමරණීය කලාකාරිනිය වෙනුවෙන් ලබා දිය හැකි හොඳම උපහාරය වනු ඇති බවද ඒ සඳහා තම රජය සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාලිනි ෆොන්සේකා රංගන ශිල්පිනියගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවිඩය යොමු කරමිනි.වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
සිනමා පාසලක් අදටත් නැති ශ්‍රී ලංකාවේ මාලිනී ෆොන්සේකා මැතිනිය දිවිය නිමා කරන්නේ සිනමා රංගන විශ්වවිද්‍යාලයක් ලෙසිනි. ඇය පළ කළ අසීමිත ප්‍රතිභාව පළ කළ හැක්කේ ඇයට පමණි.එතුමියට සමීප වන රූපණවේදයක් බිහිකර ගැනුමට තවත් දශක කීපයක් රජයක් ලෙස අපට කැපවීමෙන් වැඩ කළ යුතුව ඇත. දුෂ්කර වුවද මාලිනියට උපහාර දැක්විය හැකි මඟ එයම පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.