459
මෝටර් බයිසිකල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සරසවිය සම්මානයට පාත්‍ර වූ සමීර රංගන නාඔටුන්න නිර්මාණය කළ දෙවැනි සිනමා නිර්මාණය වන සිහින නෙළුම් මල් චිත්‍රපටයේ ගීත එළිදැක්වීම ඇතුළත් ‘මාත්‍රා’ සජීවී ප්‍රසංගය පසුගිය දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
බිලී ප්‍රනාන්දු සමඟ මිහිඳු ආරියරත්න එදින ප්‍රසංගය ගීතවත් කළහ. සිහින නෙළුම් මල් චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා මවන නළු නිළි යුවළ වන හේමාල් රණසිංහ සමඟ දුෂේනි මියුරංගි එදින සහභාගි වූහ. කථනය අරුණ් ඩයස් බණ්ඩාරනායක සමඟ සඳමාලි හේවානායකගෙනි.