ගායනය යනු වචනවලට පණ දී මනසට හා හදවතට දැනෙන්නට භාවාත්මකව ඉදිරිපත් කරනු ලබන ප්රකාශනයකි. හැඟීම් භාෂාවකි. ගීතය ලියා ඇත්තේ කුමන භාෂාවකින් වුවත් හැඟීම් දනවන භාෂාව ගායනයේ පිහිටයි. කුමන භාෂාවක ගීතයක් ඇසුව ද ශ්‍රාවකයාගේ ගතට සහ හදවතට දැනෙන්නේ ඒ නිසාමයි. නූතන පරපුරේ නැඟි එන ගායකයකු ලෙස නුරාන් මලවරාආරච්චි ‘මා හද පෑහුණා’ නම් රූප රචනාව රැගත් ගීතය මේ දිනවල යුටියුබි මාධ්‍යයේ ජනප්‍රියතම ගීතයකි. ඔහු ගායනයට සහ ගිටාර් වාදනයට දස්කම් ඇති වෘත්තීමය ජායාරූප ශිල්පියෙකි. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වූයේ ගායක නුරාන් මලවරආරච්චි සමඟ සිදු කළ කතාබහක සමඟිනි.
ඔබ සංගීත ක්ෂේත්රයට පැමිණෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම වුණේ?
මම සංගීත ක්ෂේත්රයට කුඩා කාලයේ ඉඳන්ම ආස කළා. ඒත් මං ක්ෂේත්රයට එන්නේ තරමක් වෙනස් නිර්මාණාත්මක මාවතකින්. ඒකට උදව් වෙන්නේ මගේ වෘත්තීමය ඡායාරූපකරණය. කලාව කියන දේ ඇතුලේ රැඳීලා ඉන්න පුලුවන් වුණේ ඒ නිසා කියලා මට හිතෙනවා. මුලින්ම නිශ්චල ඡායාරූපකරණය හරහා රූප ප්රකාශනයක් දෙන්න තමා මං ආස කළේ. පස්සේ ශබ්ද හා තාලය එකතු කරල ගීතයක් විදිහට ප්රේක්ෂකයනට ගේන්න ඕනෙ වුණා කියලා කියන්න පුළුවන්. ඒ වගේම කැමරාව පිටුපස මගේ අත්දැකීම්, ඒ හරහා ඇති කරගත්ත සම්බන්ධතාවනුත්, සංගීතයට පිවිසෙන්නත්, මගේම ශෛලියක් හදා ගැනීමටත් උදව් වුණා. ගෙදර පරිසරෙත් සෑහෙන්න උදව් වුණා, තාත්තා අම්මා දෙන්නමත් හොද සංගීත රසිකයෝ.
තාත්තා ඉස්සර සිතාරය වාදනය කරලා තියෙනවා ව්‍යාපාර පටන් ගන්න කලින්. යටියන පෙහෙකම් එකේ හැත්තෑ ගණන්වල “ස” ප්‍රසංගක් සංවිධානය කරලත් තියෙනවා. සිරස සුපර්ස්ටාර් වගේ රියැලිටි තරගවල ගායනයන්ගේ තියෙන අඩු පාඩු හොඳ නොහොඳ වගේ දේවල්, තාත්තා ඉස්සර ඒ වැඩසටහන් මගෙත් එක්ක බලන ගමන් කියලා දෙනවා. සංගීතයේ පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවක්. ගිටාර් වාදනයත් මගේ ජීවිතේ හැමදාම තිබුණ ආසාවක්. ඒ වගේම මං පාඩම් කරන ගමන් ලියපු නිසදැස් හා ගීත ගොඩක් මගේ පාසල් කාලයේ පොත් පත්වල තියෙනවා. මගේ පළමු ගීතය නිර්මාණය “නිමක් නැති” ගීතය නිර්මාණය වෙන්නෙත් අවසානයේ අන්න ඒ විදිහට අහම්බෙන් මං ලියපු පද පෙළකින්. ඒ ගීතය තමා මගේ පළමු ගීතය. ඒකේ සංගීතය හා තනු නිර්මාණය දේවා. එස් ජයසිංහ අංකල්ගෙන්, audio engineering – දමින්ද රාජපක්ෂ අයියා (1st lane studio). මේ “නිමක් නැති” ගීත නිර්මාණය හරහා මගේ සංගීත දිවිය ආරම්භ වුණේ කියන්න පුළුවන්. මගේ පළමු ගිටාරය තෝරා ගැනීමේ සිට සංගීතයේ මට මග පෙන්වන කෙනෙක් තමා දේවා අංකල්. එයාව ආදරයෙන් මතක් කරන්නම ඕනේ මගේ පියාගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙක්.
ඔබේ කුලුඳුල් රූප රචනාව සහිත ගීතය වන ‘මා හද පෑහුණා’ නිර්මාණය වෙන්නේ කොහොමද?
‘මා හද පෑහුණා’ ගීතය ගොඩක් කෙටි කාලයක් ඇතුළත උන නිර්මාණයක් කියන්න පුළුවන්. මේ මගේ දෙවන ගීතය සහ පළමු රූප රචනාව. මේ ගීතයේ පද රචනය උමේරා පතිරණගේ, එයාව මට හදුනා ගන්න ලැබෙන්නේ මගේ නිරූපණ ජායාරූප සදහා නිරූපණයෙන් දායක වුණු චතුරිකා සෙනරත් සහෝදරියගේ හැදුනුම්කම් මත. උමේරාගේ ගීතවල, වචනවල වෙනම රසයක් මං නිතර දකිනවා එයාගේ සරල වචනවලින් ගීතයේ අර්ථ රසයට බාධා නොවෙන විදිහට හැගීම් උපරිම දනවනවා, ඒ නිසයි මේ ගීතයට එයාගේ පද මාලවක් යොදා ගන්නේ.
ඒ වගේම මං කුඩා කාලයේ සිටම හින්දි ගීතවලට ප්‍රිය කරනවා. රවීන් තාරුකගේ ගී තනුවල මට හින්දි නැඹුරුවක් දැනෙන නිසා මං හිතුවා උමේරගේ පද මාලාවට ඒ වගේ වෙනස් සංගීත රසයක් එකතු කරන්න. ඉතින් රවීන්ගෙනුත් උපරිමේ ගීතයට හම්බවුණා කියලා මං හිතනවා. රූප රචනාවෙදි අමතක කරන්නම බැරි තීව් අබේ මල්ලිගේ අධ්‍යක්ෂණය. එයා ගීතයේ කතාව සීමිත සම්පත්වලින් විචිත්‍රවත්ව විදාහා දැක්වුවා කියන්න පුලුවන්. මේ විදිහට තමා ‘මා හද පෑහුණා’ ගීතය ගොඩක් කෙටි කාලයක් ඇතුළත නිර්මාණය වෙලා ඔබ හමුවට ගෙන එන්නේ. ඒ වගේම මෙය මගේ සංගීත ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය වෙයි කියලා හිතනවා.
ගීතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මේ ගීතයට ඇත්තටම බලපොරොත්තු නොවුණ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවමත් ගීතය නිකුත් කර වැඩි දවසක් නැතිවත් මගෙ මුල්ම ගීතය නිසාත් සංගීත ක්ෂේත්රයට අලුත් නිසාත් මේ තරම් ප්‍රතිචාර ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ගීතය බඪඬබධඬ සමාජ මාධ්‍යයට මුදා හැර පැය 24ක් වගේ කාලයක් ඇතුළත ටචද මඪඤඥධඵ 100කට අධික ප්‍රමාණයක් නිර්මාණය වුණා. ඒ වගේම යහළුවන් පවුලේ සියලු දෙනා හා නෑදෑ හිතවතුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ වෘත්තියෙන් ජායාරූප ශිල්පියෙක්. ජායාරූප ශිල්පය සහ සංගීත කලාව ඔබට දැනෙන ආකාරයට ඔබේ ජීවිතයට ලැබෙන දායකත්වය සඳහන් කළොත්…..
ඡායාරූපකරණය මට, මා අවට කෙනෙකුගේ ජීවිතයේ අවස්ථාවක් හෝ යම් දෙයක, එක් මොහොතක් රූප රාමුවකට කොටු කර අල්ලා ගැනීමට ඉගැන්නුවා කියන්න පුළුවන්. ඒක මට හැඟීම් කාලය තුළ කැටි කිරීමට ඉඩ දෙනවා. ඒ වගේම සංගීතය මට ශබ්ද හා තාල රසය හරහා ජීවිතය විඳීන්න ඉගැන්නුවා. අනික මට ඒවා දැන් ගීත ලෙස සීමාවකින් තොරව ප්‍රකාශ කිරීමට ඉඩ දෙනවා. ඒ නිසා මේ ඡායාරූපකරණය හා සංගීතය මගේ ජීවිතයේ කලා ආකාර දෙකක් පමණක් නෙවෙයි. ඇත්තටම ඒවා එකම ආත්මයක භාෂා දෙකක් වගේ. වචනවලට කිසිදා කරන්න බැරි විදිහට ලෝකය දැකීමට දැනීමට හා බෙදා ගැනීමට මගේ ජීවිතේට උදව් කරනවා.
ඔබේ මීළඟ ගීතය සමිබන්ධයෙන් සූදානම මොන වගේද?
“මා හද පෑහුණා ” ගීතයෙන් පස්සේ තව ගීත නිර්මාණ කීහිපයක් ලැබිලත් තියෙනවා. මගේම ගීත රචනා දෙකකුත් තියෙනවා. නමුත් එකිනෙකට වෙනස් ගීත කීහිපයක් මුල්ම කාලයේ නිර්මාණය කරගන්න ඕනේ කියන මතේ තමා මං ඉන්නේ. හැමදේම වෙන්නේ ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර හැටියට තමා. ඒත් එහෙමයි කියලා රැල්ලට ගීත නිර්මාණය කරන්න අදහසක් නෑ. ලබන ජනවාරිවලදි බොහෝ දුරට වෙනස්ම ආරයක ගීතයක් ඔබ හමුවට අරන් එන්න පුලුවන් වෙයි.
ඔබේ සංගීත කටයුතු සඳහා වැඩිපුරම බලපෑමක් කළ කලාකරුවන් හෝ ගීත මොනවද?
මං කලින් කිව්වා වගේම කුඩා කල සිටම මම හින්දි ගීතවලට වඩාත් ප්‍රිය කරනවා. මගේ සංගීත දිවියේ පරමාදර්ශී චරිතයක් නෑ. එහෙත් බ්භඡඪද දචභබඪරචත කියන්නේ ආසම ගායකයා. එයාගේ සංගීත නිර්මාණවලට මං ගොඩක් ප්‍රිය කරනවා. එයාගේ ගායන විලාසයට හා විලාසිතා වලට මං ගොඩක් කැමතී. ඩ්භථදචමච ර්ඥපඥ හා ඊභථ ඩ්ඪ ඒචදච ගීත වලට ගොඩක්ම ආසයි. ලංකාවේ ගායකයන්ගෙන් මං වඩාත්ම ප්‍රිය කරන්නේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සහ අතුල අධිකාරීගේ ගීතවලට. එයාලගේ ගීත බඪඬබධඬ සජීව් ප්‍රසංගවල මං නිතර ගායනා කරනවා. ඒ වගේම හොද ප්‍රතිචාරත් ලැබෙනවා. මම රධභබභඡඥ සමාජ මාධ්‍යයට තාම අලුත්. නමුත් බඪඬබධඬ සමජ මාධ්‍යයයේ ක්‍රියාකාරී හොද රසික පිරිසක් මට ඉන්නවා.
ගායකයකු විදියට ඉදිරියේ දී සංගීත ක්ෂේත්රය තුළ කරන්න නියමිත දේවල් මොනවද?
රසික හදවත් තමා ඉතින් ගායකයෙකු සතු වටිනම දේ. එයාල නැත්නම් කිසිම පැවැත්මක් නෑනේ. ඉතින් රසික හදවත් දිනාගන්න පුළුවන් විදිහේ ගීත නිර්මණය කරන එක තමා ලොකුම බලාපොරොත්තුව. මට මගේම කියලා ආරෙක ගීත එකතුවක් නිර්මාණය කරගන්න ඕනේ. හැම ක්ෂේත්රයකම වගේ සංගීත ක්ෂේත්රයේ අද වෙනකොට ලොකු තරගකාරී බවක් තියෙනවා, ඒ තරගකාරී බව ඇතුලේ ප්‍රේක්ෂකයන්ට සධාරණයක් වෙනවද? කියන ප්‍රශ්නෙ අද වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් කාලයක් පවතී කියලා හිතෙන, ප්‍රේක්ෂකයන්ට සධාරණයක් වෙයි කියලා හිතන ගීත කීහිපයක් හෝ කලා ලෝකයට දෙන්න පුළුවන් වුණොත්, රැල්ලට ජනප්‍රිය වෙන්න ගීත නිර්මණය කරනවට වඩා ඒක තමා මගේ බලාපොරොත්තුව.
ඔබ ගායකයෙකු විදියට ආපු ගමනට උදවි කළ පිරිස ගැන කියමු…
සංගීත ජිවිතයේ ගොඩක්ම උදව් කරපු, ළඟම හිටපු ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝවම නම් වශයෙන් මෙතන මතක් කරන්න අමාරුයි. එහෙත් කිහිප දෙනෙක්ව මතක් කරනවා නම් නිරෝෂන් දික්වැල්ල, චතුරිකා සේනාරත්න, උමේරා පතිරණ, රවීන් තාරුක, තීව් අබේ, නිනෝ අරලිය ජයකොඩි, අංජලී ජයසිංහ, දේවා එස්. ජයසිංහ, දමින්ද රාජපක්ෂ, භාතිය දිසානායක, සජීව ගොඩමුන්න, හුෂාණි සෙනෙවිරත්න, බඪඬබධඬ සමාජ මාධ්‍යයයේ මිතුරු කැල සහ මීට අමතරව වචනෙකින් හරි උදව් කරපු ඒ හැමෝවම ආදරයෙන් මතක් කරනවා.
මලින්ත විතානගේ
