පූජ්‍ය වෑතර මහින්ද හිමියන් විසින් රචනා කරන ලද ර්ථපධටඥඵඵධප ට්භදචනචතච ර්චතචතචඵඥඬඥපච ඒ ර්ථඩධබධඨපචනඩඪජ ර්ථධපබපචඪබ ග්‍රන්ථය මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන්ගේ 125වැනි ජන්ම දිනයට සමගාමීව පසු ගියදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේදී ජනගත කෙරිණි. එහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්යක්ෂ මහාචාර්ය අසංග තිලකරත්න විසිනි. එහි මුල් පිටපත් මහාචාර්ය අසංග තිලකරත්න, මහාචාර්ය දිලිප් චන්ද්‍රලාල්, ලෝක මහා බෞද්ධ සම්මේලනයේ ජාත්‍යන්තර සභාපති සහ ආලෝකා පදනමේ සභාපති ජගත් සුමතිපාල, ප්‍රවීණ නළු සනත් ගුණතිලක, මල්ලසේකර පදනමේ සභාපති අශාන් මලලසේකර, එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික සංජීව් මලලසේකර සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලංකා ශාඛාවේ සභාපති සුදත් දේවපුර යන මහත්වරුන්ට ප්රදානය කරන ලදී.