ඔහු යොවුන් පුවත්පත් මාධ්‍ය කලාව හරහා 2000 වර්ෂයේ ක්ෂේත්රයට පිවිසෙන්නේය. ඉන් අනතුරුව වෙළෙද දැන්විම් කලාවට පිවිසුණු ඔහු සැලසිනේ රූපවාහිනිය ආයතනයේ පාරිභෝගික හා නිර්මාණ අධ්‍යක්ෂකවරයා බවට පත්වන්ට වාසනාව හිමි විමත් සමග ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට පිවිසියේය. සැලසිනේ ආයතනයෙන් ලබපු අත්දැකීම් සමඟ පළමුවැනි කෙටි චිත්‍රපටය හා වාර්තාමය චිත්‍රපට කිහිපයක් රාජ්‍ය යාන්ත්‍රණයත් සමඟ නිර්මාණය කරමින් හැකියාව පෙන්වීමට ඔහුට අවස්ථාව උදාවිය. රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂණය තුළ නොදීමත් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණකරණයේදී හා යුද වාතාවරණය තුළදී නැගෙනහිර නවෝදය වැඩසටහන් රැසක් අධ්‍යක්ෂණය කර සම්මානයටද පාත්‍ර වීමට අවස්ථාව උදා විය. ආදරයේ අහස තරම්, සිදංගනාවෝ, බ්‍රහ්ම මූර්තිය, බිනරමලි, බෝධී, දුටු නොදුටු මල, දන්තූරියා, පාට පිහාටු, අඳුරු සෙවණැලි, ටෙලි නාට්‍ය ගණනාවක තිර පිටපත් රචකයා බවට ඔහු නිරන්තරයෙන්ම පත්විය. ඉන් අනතුරුව ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ සිනමා පටයේන් තිර පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා බවට පත්වී සිනමාකරණයෙන් ප්‍රේක්ෂකයා වෙත සමීප වීමට අවස්ථාව හිමිකරගත්තේය. නිළි රැජින මාලිනී ෆොන්සේකා ප්‍රධාන භූමිකාවෙන් එකතුවන මනුෂ්‍යත් විමන ටෙලි නාට්‍යය ඔහුගේ පළමු වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, පිටපත් රචනයෙන් අධ්යක්ෂ බවට පත්වන හේ තට්ටු දෙකේ ඉස්කෝලේ සහ විවරණ සිනමා පටවලින් ප්‍රේක්ෂකයා වැලඳ ගත්තේය. විවරණ සිනමා පටයෙන් අනතුරුව ඔහුගේ නවතම අධ්‍යක්ෂණය ලෙස ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යය අද වන විට ප්‍රේක්ෂක මනාපයෙන් ඉහළම තැනට ඔසවා තබා ඇත. ඇල්මැරුණු චරිත වෙනුවට පණ දෙන චරිත සර්වකාලීන සමාජය තුළ ජීවත් කරවන්නට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල ජාතික නාළිකාවේ විකාශය වන ඉරගිනි මද්දහනේ අධ්‍යක්ෂකවරයා වු ලලිත් රෝහිත එදිරිසිංහ ඔහුගේ නවතම ටෙලි නාට්‍යය හා ඉදිරි වැඩ කටයුතු ගැන සරසවිය සමඟ කළ කතා බහයි.
විවරණ සිනමා පටයෙන් පසු ඉර ගිනි මද්දහන ටෙලිනිර්මාණය වෙන්නේ කොහොමද?
රාජ්‍ය සම්මාන දිනූ ලේඛිකාවක වන තරංගා දිසානායක අතින් ලියවුණු හැම පොතක්ම මම කියවලා තියෙනවා. ඒත් ඇය ලියූ පොත් අතර මම සැරිසරුවේ වෙනස්ම ආකාරයේ කතා තේමාවන් රැගත් පොතක් වෙතයි. ඇගේ ඒ පොත් වලින් මගේ හිතට වැඩිපුරම දැනුණු පොත තමයි ‘කඳුළු කුණාටුව’ කියන නව කතාව. මීට වසර දහයකට දොළහකට විතර ඉහත කඳුළු කුණාටුව කියවලා ඉවර වුණු මොහොතේම හිතුවේ මම කවදා හරි මේ පොත නිර්මාණශීලී ටෙලි නාට්‍යයක් බවට තිර රචනය කර අධ්‍යක්ෂණය කරන බවයි. ඒ පොතේ චරිතත් එක්ක සංසන්දනය කරලා මට හැකියාවක් ලැබුණා නව කතාව ටෙලි පිටපතක් බවට රචනා කරන්න මගේ තුළ මනසේ ඇඳුණු ඒ සිතුවිල්ල මට කරන්නට පුළුවන් විමම මම ලද භාග්‍යයක් ලෙසයි මම දකින්නේ. සියලු නිෂ්පාදන කටයුතු අවසන් කොට මට ඇතිවුණු මූලිකම ගැටලුව තමයි. ටෙලි නාට්‍යයේ විකාශය කරගන්නට ලොකු පිරිවැයක් දරන්නට සිදු වීම ටෙලි නාට්‍ය විකාශය කරගන්නට රුපවාහිනි නාලිකාවක් සොයා ගන්නට විශාල වෙහෙසක් දරන්නට සිදුවුණා.අද බොහෝ නිර්මාණ දක්නට ලැබෙන්නේ අවර ගණයේ නිර්මාණ ලෙසයි. එම නිර්මාණාත්මක බවින් අඩු නිර්මාණවලට මූලිකත්වය දීලා කටයුතු කරන අතර ඉහළ නිර්මාණ පසුපසට යවන ස්වභාවයක් අද ඇතිවෙලයි තිබෙන්නේ. ඒ ඇතිවුණු කලකිරීමත් එක්ක ආයෙ ටෙලිනාට්‍යය කරන්නෑ කියන සංකල්පය මත සිටියා. ඔය අතරතුරේදී තමයි ජාතික නාළිකාවෙන් ඉරගිනි මද්දහන වෙනුවෙන් වෙලාවක් වෙන් කරලා දුන්නේ. ටෙලි නාට්‍යයකට අවශ්‍ය කතා තේමාව වෙනුවෙන්ම නවකතාව අවස්ථානුකූලව තරංගා පිටපත් රචනය කළා. මෙම නාට්‍යයේ නිෂ්පාදන කටයුතු සියල්ල සිදු කළේ ඉරෝෂ් කැලුම් විජේසූරියයි. එනිසා හරි පහසු කාර්යභාරයක් සිදුවුණා. දුෂ්කර ගමනකින් පසු විඩාව නිවා ගත්ත මනුස්සයෙක් හා සමානව මට මේ නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ දැනුණා. මෙහි කළ රූප ගතකිරිම් සියල්ලම සැබෑ අයුරින් සිදුවෙන සිදුවීම් සියල්ලම ඒ ආකාරයෙන්ම රූපගත කිරීම් කළා. මට දැනුණු ඒ සතුට දැන් ප්‍රේක්ෂකයාට භුක්ති විඳීන්නට රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉඩ සලසලා දීලා තිබෙනවා.
කටුක පරිසරයක අත්දැකීම් සමඟ නවකතාවේ තිබුණ පසුබිම නිර්මාණයෙන් ගොඩනගන්න හැකි වුණාද?
මේ වන විට ටෙලි නාට්‍යයේ සියලු රූපගත කිරීම් අවසන් කරලායි තියෙන්නේ. මම තිර පිටපතේ තිබෙන විදිහට ඉල්ලන ප්‍රබල අර්ථයන් ගම්‍ය මාන වන විදිහට බුද්ධික මංගලගේ කැමරා ඇසින් ප්‍රේක්ෂකයා බලන කැමරා කෝණ අධ්‍යක්ෂකවරයා හැටියට ගෙනාවා. දැනට කොටස් තිස්පහක් පමණ විකාශය වෙලත් ඉවරයි. නවකතාවක තිබෙන චරිත පිටපතක් බවට පරිවර්තනය කරගෙන එහි ගොඩනැගෙන චරිත සැබැවින්ම ගොඩනැගීම තරමක් අපහසු කාර්යයක් වෙනවා. ඒත් ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍යයේ රඳාවා ගන්නට ඕන කාලසීමාව මම නිර්මාණය කළා. නවකතාවක එන චරිත ටෙලි නාට්‍යයක් බවට පත් කිරීම තරමක් අභියෝගාත්මකයි. නවකතාවක් පාඨකයා කියවද්දි එහි චිත්තරූප මවාගෙන තමයි පොතේ ජීවත් වන චරිත විඳීමින් කියවන්නේ. පාඨකයා හිතින් මවාගෙන ඉන්න රූප සජීවීව මවන එක හිතන තරම් අධ්‍යක්ෂවරයෙක්ට ලේසි නැහැ. තෝරාගන්නා හැම චරිතයක්ම එයට අනුගත විය යුතුයි. එහිදී තිර රචනයට අදාළව පාඨකයා මවා ගත්ත චරිතවලට හානියක් නොවන විදිහට තිරය ඉදිරියේ චරිතයක් මැවීම බොහෝම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මෙහි පිටපත ලේඛිකාව විසින්ම ලිවීම තුළ මම ලබපු ජයග්‍රහණයක් කියලයි මම හිතන්නේ. ඒ නිසා පොතේ රසයට වඩා ඒ චරිත වලට සජීවී රසයක් එකතු කරන්න ගත්ත උත්සාහය සාර්ථකයි කියලා දැනට විකාශය වූ කොටස් වලින් ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් කියන්න පුළුවන්. මේ නිර්මාණය නවකතාවේ දුටු දර්ශන රූප රාමු ඒ ජීවිතය එලෙසින්ම ගෙන ඒම මා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම දරපු උත්සාහය අද පල දරලා තියෙනවා. කොටස් පනහකින් නාට්‍යය නිමා වෙනවා.
අභියෝගාත්මක පසුබිමක නේද මෙහි වැඩ කටයුතු ආරම්භ කරන්නේ?
මෙහි රූපගත කිරීම් වෙන්නේ රටේ නිර්මාණයක් කරන්න තියා ජීවත් වෙන්නත් මහා සටනක් කරපු අරගල කාලසීමාවක් තුළයි. රටේ දැඩි අර්බුදකාරී වාතාවරණයක් පැවතුණු තෙල් හිඟ කාලයේ තමයි මේ නිර්මාණයේ රූගත කිරීම් මම පටන් ගන්නේ. මුල්ම රූපගත කිරීම් ආරම්භ කරේ මහව ප්‍රදේශයේ දැදුරු ඔය ජලාශය ආශ්‍රිතවයි. ප්‍රදේශ වශයෙන් ගත්තම හරිම දුෂ්කර පළාතක් ලෙසයි මහව ප්‍රදේශය කවුරුත් හඳුන්වන්නේ. ඉරගිනි මද්දහන දර්ශන තලය සඳහා තෝරාගෙන තිබුණු තැන ඉඳන් කිලෝ මීටර් හයක් හතක් විතර තිබුණා ප්‍රධාන පාරට පිවිසුම් වෙන්න. ගිය වාහනවලට තෙල් ගහන්න විදිහක් තිබුණේ නැහැ. එහෙම වුණා කියලා ගිය කිසිම කෙනෙකු නිර්මාණයට හානි නොවෙන්නට වග බලා ගත්තා. මේ ආපු සියලු දෙනාම බස් රථවලින් සහ කෝච්චිවලින් තමයි දර්ශන තල වලට රූපගත කිරීම්වලට පැමිණියේ. අපි සියලු දෙනාම එකා හා බැඳීලා නිර්මාණයට දායකත්වය දුන්නා.අමාරු කාලවකවානුවක සියලු දෙනාම කෙටි ලණුවක් ඇදගෙන යනවා හා සමානව මේ නිර්මාණය ගෙනයන්නට මට ශක්තියක් වුණා. රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මේකප් දාගෙන බඩුත් උස්සගෙන සැතපුම් ගාණක් පයින් තමයි මහව, යාපහුව, නිකවැරටිය දර්ශන තලයට ආවේ. සමහර දිනවල දර්ශන තලයට ආපු නළු නිළියන්ට තෙල් නැති හින්දා දර්ශන තලයේ දවස් ගාණක් නතර වෙලා ඉන්න වුණා. නිර්මාණයක් කරද්දී නිර්මාණයට ආසා හිතන පිරිසක් එකතුවීම තුළ ඕනෑම දෙයක් කළ හැකියි කියලා මේ නිර්මාණය ප්‍රේක්ෂකයාට රස විඳීන්නට ලැබෙන දවසේදී මම දුටුවා. සියයට අසූවක්ම නවකතාව පාදක කරගත් දර්ශන තලවුණ අතර කොළඹ සහ ඒ අවට ප්‍රදේශ තෝරා ගැනීම සියයට විස්සක් පමණ වුණා. ඒ නිර්මාණයට දායක කරගත්ත පිරිස නිසයි. මම දකින විදිහට අභියෝග එන තරමටම ඕනෑම දෙයක් ජීවිතයේ ජයගන්න පුළුවන්කම තියෙනවා .
මේ නිර්මාණයේ තියෙන්නේ ඔබේ ජීවිතයේ අත්දැකීම් ද ?
මම අහලා කියවලා, දැකලා තියෙන විදිහට ලෝකේ පොඩි තැන්වලින් පටන් ගත්ත මිනිස්සු තමයි අද ලෝකෙ ඉහළම තැන්වල ඉන්නේ කියලයි. මගේ ජීවිතයේ මම වැඩියෙන්ම දැක්කේ. ඒ ප්‍රදේශවල ජීවිත එක්ක බද්ධ වුණු පරිසරයක් තුල ජීවත්වීමයි. ඒ නිසා මම වැඩියෙන්ම දන්නේ ඒ පොළොව ගැනයි. මමත් හරියට ඒ වගේ භූමියක ඉඩෝරයට හැදිච්ච පැලයක් හා සමානයි. ඇත්තටම මේ නිර්මාණයේ තියෙන්නේ මගේ ජීවිතයට සම්බන්ධ ඇත්දැකීම් තමයි. මම වගේ නැගිටින්න උත්සාහ දරන නිර්මාණකරුවෙක් හැටියට නොදන්නා දේට වඩා දන්නා තැනින් පටන්ගෙන වැඩේ ඉවර කරපුවාම හොඳයි කියලා මට හිතුණා. එය සැබැවින්ම සරල මිනිසකුගේ ජීවිත පැවැත්මට හොඳ දෙයක්ය.ඒ පළාත්වල මිනිසුන්ගේ සජීවී අත්දැකීම් සිතුම් පැතුම් මම සජීවීව අත්දැකලා තියෙනවා. ඔවුන්ට දැනෙන හැඟීම්ම තමයි මගේ ජීවිතයෙත් තියෙන්නේ. ඒ පරිසරයට අනුගත වෙච්ච කෙනෙකුට පමණයි එය දැනෙන්නේ. මගේ ජීවිතේ හා සමාන නිසා පිටපතට අනුගත වෙලා මට ඒ හැඟීම් තිරයට ගේන්න පහසු වුණා. ඉරගිනි මද්දහනේ ඉස්මතු කරල පේන්වන චරිත කතාව ජීවත් කරන්නේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන කාන්තාවක් ගැන හා එයට එකතු වෙන අනු චරිතයි. මේ නිර්මාණය පොත රස වින්දා හා සමානවම සෑම පුද්ගලයෙකුම නැරඹිය යුතු ටෙලි නාට්‍යයක් කියලයි මම හිතන්නේ. විශේෂයෙන් අද ජීවත්වන කාන්තාවන් මෙය නැරඹිය යුතුමයි. මෙහි එන ප්‍රධාන චරිතය සමන්තා කියන්නේ අනේක විධ බාධක හමුවේ නොසැලී සෑම අභියෝගයකටම අභියෝගයාත්මක ලෙස ප්‍රතිචාර දක්වන කාන්තාවක්ය. ගැහැනු පිරිමි දෙපක්ෂයම ආදරය හමුවේ වරද්ද ගන්නා හා සමානවම සමන්තාද ආදරය හමුවේ රැවටිලි මායාකාර ලෝකේ පරාජිතයකු බවට පත්වෙනවා. ඒත් සමාජයේ ඉදිරියේ ඇය කඩා වැටෙන්නැති රුක්ෂයක් හා සමානව නොසැලී සිටි. කුමන අභියෝග ආවත් එයට මුහුණ දී සමාජගත වී දිරිය ගැහැනියක් ලෙස සමන්තා සමාජයට මුහුණ දෙනවා. එය ස්ත්‍රී පාර්ශවයට දෙන හොඳ අභියෝගාත්මක ප්‍රතිචාරයක්. සියල්ල විනාශ වී ඇඳීවත පමණක් ඉතිරිවන මිනිස් ජීවිතයක නැගී සිටීම අරටු සහිත රුක්ෂයක් හා සමානය.
තෝරාගත් නළු වර්ණය හරිම සාර්ථකයි නේද?
නව කතාවේ එන චරිතත් එක්ක සංසන්දනය කරලා තිර පිටපතට ගැළපෙන චරිත තෝරා ගත්තා. ඉතාම දක්ෂ සහ ඕනෑම දේකට මුහුණ දෙන්නට පුළුවන් නළු වර්ණයක් සම්බන්ධ කර ගැනීමට මට හැකිවුණා. වෙනත් නිර්මාණවල නොදුටු දේවල් මේ එකතු උණු පිරිස් තුළ මම දැක්කා. එකිනෙකාගේ ආකල්ප හා දම්වැලක පුරුකක් මෙන් එකට බැඳී මේ නිර්මාණයේ ජීවත්වීම හා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය විශිෂ්ටයි. තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, චමීර ලියනගේ, සුභූති ලක්මාලී, අවන්ති අපොන්සු, නයනා රඹුක්කන, සම්පත් කරුණාරත්න, ලෝචනා ඉසුරින්දී, ඇතුලු අනෙකුත් සියලූම නළු නිළියන් පිරිස මට නොමසුරු සහයෝගයක් ලබා දුන්නා. හොඳ බීජයක් ලැබුණොත් හොඳ රුක්ෂයක් හට ගන්නවා. එවිට එම රුක්ෂය කල්ප කාන්තරයක් වැජඹෙනවා. මටත් ඕන වුණේ එවැනි කල්පකාන්තරයක් තිබෙන නිර්මාණයක් ප්‍රේක්ෂකයා තුළට ගෙන එන්නයි. එය රෝපණය කරපු බීජ හරියටම හරි ගියා. ඒ නිසා අද නාළිකා අතර ජාතික නාළිකාවේ ඉහළින්ම තියෙන ප්‍රේක්ෂකයා වැඩියෙන්ම නරඹන කතා කරන ටෙලි නාට්‍ය බවට ඉරගිනි මද්දහන පත්වුණා.
ඒ බිමේම හැදිච්ච වැඩිච්ච බීජයක් නේද තරින්දි ප්‍රනාන්දු කියන්නෙත්? සමන්තාව සැබැවින්ම තරින්දිගෙන් ඔබ දුටුවාද?
මගේ නිර්මාණවල මම රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගන්නේ පෞද්ගලික හිතවත්කම් මත නෙවේ. ඒ නිසා සියයට සීයක්ම මගේ නිර්මාණවල මා තෝරා ගන්නා දේ සාර්ථකයි. නව කතාවේ ජීවත් වන සමන්තාටත් වඩා ශක්තිමත් ජවසම්පන්න ගැහැනියක් හැටියට තරින්දි ප්‍රනාන්දු ඇගේ චරිතය ප්‍රේක්ෂකයා හමුවට ගෙන යනවා. තරින් දී ප්‍රනාන්දු කියන කුඩා දැරියගේ ජීවිත කතාව මම සැබැවින් අත් දැකලා තියෙනවා. ඇගේ කුඩා කාලයේ පවුල් පසුබිමේ සිට අද තාරුණ්‍යයේ ඉන්න තරින්දි දක්වා ඇය මම සැබැවින්ම දකිනවා.තරින්දිගේ මවගේ ජීවිත කතාව මම දැනගෙන සිටියා. ඒ කතාව හා සංසන්දනය කරන විට තරින්දි නොවේ මා ඒ චරිතයෙන් දකින්නේ සමන්තායි. සමන්තාගේ ධෛර්යය සම්පන්න බවයි. තරින්දීගේ මවගේ කතාන්දරේ ධෛර්ය සම්පන්න බවත් මේ හා සමානයි. තමාට මේ වගේ චරිතයක් ලැබෙනවා කියන්නේ ඇය ලද භාග්‍යයක් බවයි මට මොහොතක් පාසා පැවසුවේ. ඇය චරිතය ඇතුළත නිර්ලෝභීව ජීවත් වුණා. ඒ සැබැවින් දැක්ක චරිතය නිසා තරින්දි කියන නාමය අයින් කරලා සමන්තා කියන චරිතය ප්‍රේක්ෂකයා අද කතා කරනවා. මේ නිර්මාණය සියලු දේවල් තාත්වික බවින් යුක්ත නිසා ප්‍රේක්ෂකයා පුදුම විදිහට මෙයට ඇලුම් කරනවා.
නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවුණේ කොහොමද, ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය පිළිබඳ මතක් කළොත්?
මේ නිර්මාණය දැවැන්තම කාර්යභාරය ඉටු කළ පුද්ගලයා වූයේ ඉරෝෂ් කැලුම් විජේසූරියයි. ඔහු තමයි නිෂ්පාදකවරයා. ඔහු මේ නිර්මාණයට අත නොගැසුවා නම් අද ඉරගිනි මද්දහන ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයා හමුවට මටයි තරංගාටයි ගේන්න හම්බවෙන්නේ නැහැ. ඔහු නිසා තමයි අපි දෙන්නගේ හීනය සැබෑ වුණේ.ඉරොෂ් කැලුම් විජේසූරිය කියන්නේ ලොකු භාණ්ඩාගාරයක තැන්පත්කරුවෙක් නොවේ. සාමාන්‍ය පවුලකින් ගොඩනැඟුණ මනුස්සයෙක්. කලාවට ප්‍රියතාවයක් දක්වන පුද්ගලයෙක් ලෙස තිර පිටපතට හරිම ඇලුම් කළ නිසා හැමමොහතේම අගය කළේ මුදලට වැඩියෙන් නිර්මාණය ගුණාත්මක බවයි. අභියෝගාත්මක යුගයක එවැනි නිෂ්පාදකවරයෙක් බිහිවෙනවා කියන එකත් නිර්මාණවේදීන් ලෙස අපි අගය කළ යුතුයි. මේ නිර්මාණයට යොමු වන විට තිබුණු මූල්‍යමය තත්ත්වය නෙවෙයි නිර්මාණය පළවෙනි කොටස් ටික නිර්මාණය කරලා ඉවර වන විට ඔහුට දරන්න වුණේ. මුදල තුන් ගුණයකින් ඉහළ ගියා. ඒත් මේ වෙනකන් ඔහුට ඒ වැය කරපු මුදල ශත පහකින්වත් ආදායමක් ලැබිලා නැහැ. නිර්මාණයට දායකත්වය දුන්නු හැම ශිල්පියකුටම නිෂ්පාදක වරයකුගේ කාර්යභාරය මැනවින් තේරුම් ගෙන වෘත්තියට සැලකුවා. බහුතරයක් කලා ශිල්පීන් එක එක වැඩසටහන්වලට ඇවිත් ප්‍රකාශකරන දේවල් දැකපුවාම තමන් කරපු නිර්මාණ වෙනුවෙන් කැප කිරීම් කරපු ආකාරය හිනාත් යනවා. ඒත් නිර්මාණයකට ඇවිල්ලා එක කැම වේලක්,ගෙවන මුදලෙන් රුපියලක් අඩුවුණොත් එහෙම දාන සද්දත් එක්ක බලපුවාම ඔවුන් කලාවට කැප වෙලා ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක් බවට පත්වෙනවා. එහෙම වුණාම සමහරක් නිර්මාණ ශීලිපින් නිර්මාණය දමල ගහලා යනවා. ඕන එකක් කරගන්න කියලා. බොහෝ ශිල්පීන් කලාවට ආදරය කරන්නේ නැහැ. ඒ අය හරියට කතාව දෝලාවෙන් ගමන පයින් වගේ කියන්න තියෙන්නේ. ඇතැම් කලා ශිල්පින් රසිකයන්ගේ ආදරය ගැන කතා කළාට කිසි දවසක එවැනි කලා ශිල්පීන් රසිකයන්ට ආදරේ කරන්නේ නැහැ. සියලු බර දරාගෙන අභියෝග භාරගෙන තමන්ගේ ප්රාග්ධනය වැය කරගෙන කලාවට සේවයක් කරගෙන රසිකයන්ට ආදරය කරන එකම පුද්ගලයා නිෂ්පාදකවරයා විතරයි. නිෂ්පාදකවරුන්ට ආදරය කරන හිතන කලා ශිල්පින් එක්කෙනක්වත් ඉන්නවාද?. ඒ මම ලබපු අත්දැකීම් එක්කයි සත්‍ය ලෙස මෙහෙම ප්‍රකාශ කරන්නේ. මෙහෙම සඳහන් කරන්නේ මගේ නාට්‍යයේ විතරක් නෙවෙයි පොදුවේ අනිකුත් නාට්‍යවලටත් මේ අයුරින්ම සිදුවෙනවා. මගේ නිර්මාණයේ හිටිය පිරිසෙන් බොහෝ දුරට එකමුතුකමෙන් මේ නිර්මාණයට දායක වුණා. මේ, ලගිනා බඥජඩදඪජචත ජපඥඹ එක තමයි තිරයේ පිටුපසින් ඉඳලා විශාල කාර්යභාරයක් නිෂ්පාදන කටයුත්ත දි ඉටු කරලා දුන්නේ. කිසි දිනෙක නිර්මාණයක තිරයෙන් පිටුපස පිරිස ගැන කතා කරනවා අඩුයි. ඔවුන් මේ නිර්මාණය නොසිටියා නම් ඒ නිර්මාණයක් බවට පත්වන්නේ නෑ ඔවුන් හැමවිටම මම අගය කරනවා මට දුන්න සහයෝගය. තිරයේ දකින මිනිසුන්ට වැඩිය තිරය පිටුපසින් ඉන්න මිනිස්සුයි මෙහි නිර්මාණයේ අගය කළ යුතු පිරිස බවට පත්වන්නේ.
සංස්කරණය, අංග රචනය, කලා අධ්‍යක්ෂණය නිර්මාණයක විශේෂ පැතිකඩක් නේද?
ඉරගිනි මද්දහනට වෙනස්ම හැඩයත් ගෙන එමින් මේ ත්‍රිත්වය පුදුම කැපකිරීමක් කරලා හොඳ නිර්මාණයක් බවට පත් කරන්නට වෙහෙසුණා. මේ කිසිවකු ගැන තිරයෙන් පිටුපස කතා කරන්නේ නැහැ. ඒත් ඔවුන් නැත්නම් මේ නිර්මාණය සාර්ථකත්වයක් කිසි දවසක දකින්න බැහැ. අංග රචනය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය කියන ත්‍රිත්වය එකතු වෙන්නේ අධ්යක්ෂවරයාගේ දැක්ම මතයි. ඔවුන් එයට සාධාරණය කිරීම ප්‍රේක්ෂකයා යම් නව කතාවක කෙටි කතාවක කියවලා තිබ්බ චිත්ත රූප පෙළ ගැස්ම සාර්ථකව කරගන්න මේ තිදෙනා එකතුවෙලා පුදුම කැප කිරීමක් කරා කියන එක මම කිය යුතුමයි. මම ගැන සියලු දෙනාම කතා කරනවා. ඒත් මට පසුබිමෙන් තිරයෙන් පිටුපස සිට ශක්තියක් වුණ කිසිවෙකු ගැන කතා කරන්නේ නැති යුගයක මම ඔවුන් ගැන කතා කිරීම වටිනවා. ලාල් ලියනගේ අද ලංකාවේ ඉන්න දක්ෂ අංග රචනා ශිල්පියෙක්ය. ඔහු කළ අංග රචනය ඉරගිනි මද්දහනේ කර්කශ පොළවේ ඉපදුණු චරිත වලට සාධාරණයක් ඉටුකරපු බව මේ ලැබෙන ප්‍රතිචාරවලින් හොඳටම කියවෙනවා. නිර්මාණයේ සංස්කරණ කටයුතු සියල්ල සිදු කළේ චන්දන ලියනගේ. චන්දන කියන්නෙත් නව පරපුරේ දක්ෂ සංස්කරණ ශිල්පියෙක්. කුමන නිර්මාණය කළත් සංස්කරණය මත තමයි මේ සියල්ල සිදු කරන්නට පුළුවන් වෙන්නේ. එය මැනවින් ඉටුකර ඇති බව මේ දිග හැරුණු කතා මාලාවේදී ප්‍රේක්ෂකයා වැලඳගෙන සිටිනවා. මුල් කොටස්වලදී අසංග වැලිගම කලා අධ්‍යක්ෂණයෙන් සහය වුණා. ඔහු ඒ මුල් කොටස්වල අනන්ත කැප කිරීමක් කළා. එනිසා කතාව සාර්ථකව ගලායාමට ඉඩ කඩ සැලසුණා. ඒත් දෙවෙනි කොටස් රූගත කිරීමේදී කලා අධ්‍යක්ෂණයේ ඔහු නැති අඩුපාඩුව හොඳ ආකාරවම අධ්‍යක්ෂකවරයා ලෙස මට පෙනී ගියා. මට ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන්න සිදුවුණා. ඒත් මම බලාපොරොත්තු වුණ දේ ඊළඟට පැමිණි කිසිවෙකුගෙන් නොලැබුණ නිසා මම සෑහීමකට පත් නොවන තැන් තිබුණා. ඒත් නිර්මාණයට හානියක් නොවෙන්නට මම අධ්‍යක්ෂකවරයා ලෙස ඒ වගකීම බාරගෙන කටයුතු කරන්නට සිදුවුණා. කෙසේ වෙතත් බාධක කම්කටුලු මැද මේ සියලු දෙනාම දුන්න සහයෝගය අගය කළ යුතුයි.
ටෙලි නිර්මාණයක් කළත් විකාශය කිරීම අසීරුයි නේද?
අද ටෙලිනාට්‍යයක් කරනවට වැඩිය විකාශය කර ගැනීම අමාරුයි. මම ලොකුවට ටෙලි නාට්‍ය කරලා ලොකුවට නමක් හදාගත්ත පුද්ගලයෙක් නොවන නිසා මගේ නම කියලා කියපුවාම චැනල්වල අය බලන්නවත් කිසිම සූදානමක් තිබුණේ නැහැ. ටෙලි නාට්‍යය හදලා චැනල්වලට දී ගන්න හැම චැනල් එකක් ගානෙම ගියා. අවුරුදු ගාණක් මේ විදිහට ඇවිද්දා. මේ විදියට නිර්මාණය කරලා විකාශය කරගන්න බැරි වෙනකොට අපි කොච්චර අසරණයිද කියලා මට හිතුණා. මේ නිර්මාණය කරලා විකාශය වෙනකම් මම ආපහු ටෙලි නාට්‍ය කරන්නේ නෑ කියන ස්ථාවරයේ හිටියේ. නිර්මාණවේදියෙක් ලෙස මානසික පසුබෑමකට මම ලක්වුණා. විකාශන කාලසීමාවක් ගන්න හා, නාලිකාවකට ටෙලි නාට්‍යය දෙන්නට. ඒ දුන්නත් අපි අනුමත කරගත්ත මුදලවත් ලබා ගන්නත් හරිම අමාරුයි. එය තමයි දැනට මේ කර්මාන්තයේ තියෙන අභියෝගාත්මක ප්රශ්නය බවට පත්වෙලා තියෙන්නේ නිර්මාණවේදින්ට.මේ රටේ හොඳ නිර්මාණ ශිල්පීන් ඕන තරම් ඉන්නවා, නිර්මාණ නැතුවට නෙවෙයි. ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙනවා හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒත් හොඳ වේදිකාවක් සහ තිරයක් අද නැතිකමයි වෙලා තියෙන්නේ. අද වන විට රූපවාහිනී තිරයකට ගියොත් හොඳ නිර්මාණ දකින්නට නැතිවෙලා තියෙන්නේ. අද නිර්මාණ ජනගත කිරීමකට වෙනත් ක්‍රමවේද වලට තමයි ඉඩකඩ සැලසිලා තියෙන්නේ. ඒ මොකක්ද කියන එක මම අද වෙනකම්වත් දන්නේ නැහැ. ඒ ක්‍රමවේදය හොයන ගමන් මම දැන් දෙවැනි නිර්මාණයටත් මේ දවස්වල ලෑස්ති වෙමින් පවතිනවා. ඉහත කියපු කරුණු කාරණා ටික සැකසෙනවා නම් හොඳ ප්‍රේක්ෂකාගාරයක් අපේ සමාජය තුළින් ඇතිවෙයි.
මාධ්යකරණයත් කලා නිර්මාණත් සමබරව කරගෙන යන්නේ කොහොමද?
මම කාන්තා පුවත්පතක කර්තෘවරයෙකු හැටියට කටයුතු කිරිම කිසි දිනක නිර්මාණකරණය අවභාවිතා කරගෙන රාජකාරී කටයුතු කරන්නේ නැහැ. කාන්තාවන් මේ සමාජයේ ලක්වන සමාජ අසාධාරණකම් ජීවිතය වරද්දා ගන්න තැන්, කාන්තාවන්ගේ ප්‍රශ්න, සිහින බලාපොරොත්තු ගැන අත්දැකීම් හැඟීම් පුවත්පත හරහා තේරුම් ගන්නා අත්දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. කාන්තාවක් කියන්නේ කවුද කියන එක හරියට මම තේරුම් ගත්තේ කාන්තා පුවත් පතක කර්තෘවරයෙක් වශයෙන් කටයුතු කරන්නට ලැබිමෙන් පසුවයි. ඉරගිනි මද්දහනය සමන්තා කියන චරිතය මේ සමාජයේ මට ඕනෑ තරම් මුණගැහිලා තියෙනවා. ඒ චරිත මම මේ නිර්මාණයට හැම විටම යොදාගත්තා. නිර්මාණවේදියකු කියන්නේ හරිම සමබරතාවයකින් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ නිසා මේ කටයුතු දෙක දෙකක් කියන එක තේරුම් අරගෙන වැඩ කිරීම තමයි මට පහසුම කාර්ය වුණේ.
ගෙදරින් ලැබෙන සහයෝගය සහ ඉදිරි බලාපොරොත්තු කොහොමද?
මගේ බිරිඳ ගුරුවරියක් ලෙස කටයුතු කරනවා . මම දියණිවරුන් දෙදෙනෙකුගේ පියෙක්. දුවලා දෙන්නම ප්‍රධාන පෙළේ රූපවාහිනි නාලිකාවක නිවේදන කටයුතුත් මේ වන විට කරනවා.මා යන මාවතේ දරුවනුත් ගමන් කරනවා වගේම මගේ බිරිඳත් පුදුම සහයෝගයක් මට ලබා දෙන්නේ.මගේ නිර්මාණකරණයේදී මම වඩාත් ඇලුම් කරන්නේ ටෙලි නාට්‍ය කලාවට වඩා සිනමාවටයි. මේ වන විට මගේ අධ්‍යක්ෂණයෙන් නිමවූ සිනමා පට දෙකක්ම වැඩකටයුතු අවසන් කරලා තට්ටු දෙකේ ඉස්කෝලේ ප්‍රදර්ශනයත් අවසන් වෙලා තියෙන්නේ. ඊළඟට තිරගත වීමට තිබෙන්නේ විවරණ සිනමාපටයයි. විවරණත් මේ අවුරුද්දේ තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා. සිනමාවේ සිදුවිය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ දේවලුත් ඉටු කරමින් මගේ තුන්වෙනි සිනමා නිර්මාණයටත් මම මේ දවස්වල පිටපත ලියා අවසන් කරමින් ඉන්නවා. මේ කරන්න බලාපොරොත්තු වන සිනමා නිර්මාණය අන්තර්ජාතික මට්ටමෙන් කතාබහට ලක්වෙන සිනමා කෘතියක්. නිෂ්පාදකවරුන්ගේ තිබෙන නිර්මාණ එළි දකින්න තරමක් අපහසු වෙලයි සිටින්නේ. ඉරගිනි මද්දහනෙන් පසුව තරංගා දිසානායකගේ තිර පිටපතකට අනුව ඇගේම කෘතියකින් ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍ය නිර්මාණයට සූදානම් වෙමින් සිටින්නේ. නිර්මාණයට ලැබෙන ප්‍රතිචාරවලින් දැන් දැන් අධ්‍යක්ෂකවරයා කවුද කියලා හොයන්න පටන් ගෙන තිබෙනවා. ඒක මම ලබපු භාග්‍යයක් ලෙසයි මම හිතන්නේ. මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණු උදව් කළ සියලූම දෙනාට මෙය මම අවස්ථාවක් කර ගන්නවා ස්තුතිය පුද කරන්න.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න