මේ යුගයේ මොහොතින් මොහොත යාවත්කාලීන වන තාක්ෂණික ධනවාදය (Technocapitalism) තුළ ඉතාම බරපතළ විදියට මනුෂ්‍ය වටිනාකම් සහ මනුෂ්‍යත්වය (Humanity) රහිත හිස් මිනිසෙකු (empty man) වැඩෙමින් පවතිනවා. අපිට ළඟ ඉන්න අනෙකා සමඟ වචන දහයක් කතා කරන්න බැරි වෙන තරමට මේ කුරිරු තාක්ෂණික ධනවාදය විසින් ඉඩ අහිමි කරලා අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. අතිශය කෘතීම වූ වල් වැදුණු සමාජයක අප සිටින බව අමුතුවෙන් මතක් කර දෙන්නත් අවශ්‍ය නැහැ. ලෝකයට කෙසේවෙතත් ලංකාවේ නාගරික පොළවට පය තියපු ගමන් අපේ ඇස් දෙකට දකින්න පුළුවන් වෙන්නේ හරිම නරුම විදියේ දේවල්. ආතතියෙන්, විෂාදයෙන් පෙළුණු මානසිකව බිඳවැටුණු තරුණ පරම්පරාවක් සමඟ කලාවේ භාවිතය කොතරම් දුරට වැදගත් ද? යන්න පුළුල් සංවාදයට පැමිණිය යුතු කාලයක් මෙය. අනාදිමත් කාලයක සිට දුප්පතුන් – පොහොසතුන් යනුවෙන් ඝන රේඛාවකින් බෙදුණු ලෝකයක් තුළ මුදල් ඇත්තෝ කති බොති. මුදල් නැත්තෝ සිඟමන් යදිති වගේ කියමන් නැවත වරක් ප්‍රේක්ෂකයන්ට මතක් කරන චිත්‍රපටයක් විදියට ‘The Square’ (චතුරශ්‍රය) හඳුන්වන්නට පුළුවන්. ‘The Square’ චිත්‍රපටය 2017 වසරේදී පමණ තිරගත වු සම්මාන පිට සම්මාන දිනු ස්විඩන් චිත්‍රපටයක්. ‘The Square’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ස්විඩනයේ සම්මානනීය සිනමාකරුවකු වන ‘Ruben Östlund’ විසින්. ඔහු 2022 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘ඊපඪචදඨතඥ ධට ඉචඤදඥඵඵ’ චිත්‍රපටය කෑන්ස් සම්මාන උළෙලේදී ‘පැල්ම් ඩී ඕර්’ සම්මානය දිනා ගන්නට සමත් වෙනවා.
‘The Square’ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ ස්විඩනයේ අගනුවර වන ‘ස්ටොක්හෝම්’ අවකාශයේ ස්ථානගත වුණු කලා කෞතුකාගාරය පාලනය කරන ‘ක්‍රිස්ටියන්’ නම් මැදි වියේ පසුවන පුද්ගලයකු වටා. කෞතුකාගාර අභිරක්ෂකයකු (curator) විදියට කටයුතු කරන ක්‍රිස්ටියන් නියෝජනය කරන්නේ නූතන ප්‍රභූ පැළැන්තිය. ඔහු අඳීන්නේ මිල අධික සුපිරි පන්නයේ බ්‍රැන්ඩඩ් ඇඳුම් ය. කන්නේ ඉස්තරම් තරු පහේ හෝටල්වල කෑම ය. ඔහු පදවන්නේ ‘ටෙස්ලා’ වැනි මිලාධික සුඛෝපභෝගි මෝටර් රථයකි. නමුත් ප්‍රභූ පැළැන්තිය නියෝජනය කළ වුවත් ඔහුට මනුෂ්‍යත්වයේ ගුණාංග ද පවතී. ක්‍රිස්ටියන් පාරේ තැන තැන සිටින යාචකයන්ට ආහාර පවා මිලට ගෙන දෙයි. ඒ වගේම මඳකට නතර වෙලා ඔවුන්ට ඇහුම්කන් දෙනවා. හැබැයි ඔහු ගන්න සමහර තීන්දු තීරණ අතිශය ප්‍රාථමිකයි. උගත් වුනත් ජීවිතයේ සමහර දේවල්වලට දක්වන ප්‍රතිචාර හරිම දුප්පත්. උගත්කම ගන්න පුළුවන්. නමුත් බුද්ධිය කියන එක තමන්ගේ හැසිරීම, සමාජය කියවීම වගේ දේවල් එක්ක වර්ධනය විය යුතු එකකි. චිත්‍රපටය පුරාවටම අප අත්දකින්නේ සාමිප්‍රදායික ප්‍රභූ පැළැන්තිය නියෝජනය කරන ක්‍රිස්ටියන්ගේ හැසිරීම සහ ඔහු අත්දකින සංවේදි සහ උපාහාසාත්මක දේවල්.
‘The Square’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ‘ ‘Ruben Östlund’ තිර පිටපත් රචකයා විදියට ඔහු මේ චිත්‍රපටය සඳහා තමන්ගේ ජීවිතයේ දී අත්විඳපු සහ අත්දැකපු සත්‍ය සිදුවීමි පාදක කරගත් බව පවසනවා. චිත්‍රපටයේ ආරමිභයේදී නගරය තුළ ඇවිදිමන් සිටින ‘ක්‍රිස්ටියන්’ දකින ගැහැනියකු මර ළතෝනි දී දිවයන දර්ශනය’Ruben Östlund’ විසින් දවසක් දා සැබෑවටම පිරිමියකු පිහියක් රැගෙන ගැහැනියක් මරා දමන්නට දිවයන දර්ශනයක් දුටු බව පවසනවා.
චිත්‍රපටය ඇතුළේ පෙන්වන සිඟමන් යදින යාචකයන්ගේ රූප සමඟ සංස්කරණය යන ක්‍රිස්ටියන්ගේ රූප තුළින් සියුමි සමාජ උපහාසයක් නිර්මාණය කරනවා. සදාචාරාත්මක කාරණා සම්බන්ධයෙන් පුද්ගලයන් එකිනෙකා දක්වන ප්‍රතිචාර ගැනත් ටිකක් බරපතළ විදියට හිතන්න යෝජනා කරනවා. සමාජ වරප්‍රසාදලත් ක්‍රිස්ටියන්ගේ චරිතය නාගරික සමාජවල පවතින සමාජ-ආර්ථික බෙදීම් විවේචනය කරනවා.
චිත්‍රපටය පුරාවටම නළුවෙක් විදියට පෙනී ඉන්න මේ අපූරු කෞතුකාගාරය අතිශය වැදගත් සංකේතයක්. පශ්චාත් නූතනය (Post modern) පන්නයේ කෞතුකාගාරයක් විදියට අපිට පේන්න තියෙන කලාකෘති තමයි වැලි ගොඩවල් කීපයක් ඇති පටු අවකාශයක්, ලී පුටු එකතු කළ ස්ථාපන කලා නිර්මාණ වගේ පශ්චාත් නූතන යුගය නියෝජනය කරන කලා කෘති. වර්ෂ 1917දී ‘මාෂල් ඩුෂැමිප්’ නමි නූතන කලාකරුවා එදිනෙදා ජීවිතයේ අපි භාවිතා කරන මුත්‍රා පෝච්චිය කලාගාරයට ගෙනාවට පසු නිශ්චිත විදියට මෙතෙක් පැවති සාමිප්‍රදායික කලාව වෙනස් වුණා. අපි වර්තමානයේ භාවිතා කරන ඔීනෑම පාරිභෝගික භාණ්ඩයක් කලාගාරයට ගෙනාවට පසු එය කලාකෘතියක් වෙන තරමට දැන් කලාව වෙනස් වෙලා. චිත්‍රපටයේ එක තැනක දි ක්‍රිස්ටියන් පවසනවා මාධ්‍යවේදීනියගෙන් ඔබ දැන් අතේ එල්ලා සිටින හමි බෑගය කලාගාරයේ තැබුවහොත් එය තවදුරටත් භාණ්ඩයක් නොව කලාකෘතියක් බවට පරිවර්තනය වෙනවා කියලා.
චිත්‍රපටය එක් සිදුවීමක් තියෙනවා මෙි කලා කෞතුකාගාරය ප්‍රචාරණය කිරීමෙි වෙනුවෙන් නිර්මාණය කරන ලද යුටියුබි වෙළඳ දැන්වීමක් ගැන. ඒ වෙළඳ දැන්වීම අතිශය කුරිරුයි සහ අති සංවෙිදි විදියට නිර්මාණය කරලා තියෙන්නේ. අද කාලයේ යුද්ධය, රුධිරය පවා වෙළඳ දැන්වීමිවලට යොදා ගන්නා උපක්‍රමයක්. සදාචාරාත්මක සීමා බොඳ වී ගිහින් බොහෝ කල් බව මෙි සිදුවීමෙන් හඟවන කාරණාවක්.
චිත්‍රපටය විසින් නූතනයේ කලාව යනු කුමක්ද? සහ එය සැබෑ ලෙසම සමාජය තුළ වෙනසක් ඇති කළ හැකිද? නැතහොත් හුදෙක් සමාජ මවාපෑම් පිළිබිඹු කිරීම පමණක්ද? කියන එක ගැන ප්‍රශ්න මතු කරනවා. අනෙක් අතට ජනගහනය වැඩිවෙත්ම පරිභෝජනවාදය හීනිපෙත්තට ගිහින් තියෙන යුගයක ආහාර සඳහා දැඩි කෑදරකම පිළිබඳ අදහස් ද චිත්‍රපටය තුළින් නිෂ්පාදනය කරනවා. ශීතකරණය තුළ තිබෙන අයිස්ක්‍රිමි ලීටරයක් මුළුමනින්ම ගිල දමා ඒ සමඟ විශාල ප්‍රමාණයේ කොකා කෝලා බෝතලයක්ද අප බොන්නේ ආහාර කෑදර ලෙස ගිල දැමීමට අපේ නූතන ජාන සකස් වී ඇති නිසා බව සුප්‍රකට නූතන දාර්ශනිකයකු වන ‘යුවල් නෝවා හරාරි’ විසින් ‘සේපියන්ස්’ නමි ග්‍රන්ථය තුළ පෙන්වා දෙනවා.
මනුෂ්‍යත්වය දියවී යාමේ සංසිද්ධිය නූතන ලෝකයේ දක්නට ලැබෙන ප්‍රබල නිරීක්ෂණයකි. නිදර්ශනයක් ලෙස ලෝක යුද්ධ දෙකකින් පිඬා විඳී ලෝකයක තවත් යුද්ධවලින් පාඩම් ඉගෙන නොගන්නේ මනුෂ්‍යයාට ඇති වටිනාකම තවදුරටත් වලංගු නොවන බව හඟවමින්. මෙි මොහොත තුළ පවා සිවිල් වැසියන් දහස් ගණනින් සමූල ඝාතනය වන පලස්තීන – ඊශ්‍රයාල යුද්ධය, රුසියා – යුක්‍රේන යුද්ධය වැනි මිලේචජසහගත බලය වෙනුවෙන් ක්‍රියාත්මක වන යුද්ධ විසින් මිනිස් ඝාතනවල කෙළවරක් නම් සලකුණු නොකරයි. ඉදින් කලාවේ භාවිතාව අර්ථසමිපන්නද? සහ කලාව කුමටද? යන්න නැවතවරක් ප්‍රශ්න කරන්නට ප්‍රේක්ෂකයාට බල කර සිටී. “The Square” චිත්‍රපටය නූතන සමාජයේ, කලාවේ සහ සදාචාරයේ ප්‍රතිවිරෝධතා දක්ෂ ලෙස විවේචනය කරන චින්තනය පුළුල් කරන චිත්‍රපටයක් සහ මඳක් සීරුවෙන් සහ ප්‍රවේසමෙන් බැලිය යුතු සිනමාපටයකි. නරඹන්නන්ට නිසැකවම මනුෂ්‍ය වටිනාකම් සහ මිනිස් හැසිරීම්වල පවතින සංකීර්ණතා ගැන මෙනෙහි කිරීමට බල කරන චිත්‍රපටයක් ලෙස හැඳීන්වීම උචිත ය.
ඉමල්ක විතානගේ