මඩොල්දූව ගුවන් විදුලි නාට්‍යයේ නව නිෂ්පාදනය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරිම අද 12 වැනිදා පෙරවරු 10.30ට ගුවන් විදුලි සංස්ථා සභා පරිශ්‍රයේ පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇත. මීට දශක පහකට පෙර මඩොල්දූව ගුවන් විදුලි නාට්‍යයේ ප්‍රථම නිෂ්පාදක වූ වත්මන් ගුවන් විදුලි සභාපති ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය දැනුම්වත් කිරිම පැවැත් වෙයි. පිටපත් රචක කරුණාරත්න අමරසිංහ සහ ප්‍රථම නිෂ්පාදනයට හඬ රංගනයෙන් සම්බන්ධ වූ ජේ්‍යෂ්ඨ කලාකරුවන් වන පරාක්‍රම පෙරේරා සහ රෝහණ සිරිවර්ධන සහභාගි වීමට නියමිතය.
සියවස් සපිරි ජාතික ගුවන් විදුලිය සිය ජාතික සන්නිවේදන මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ශ්‍රාවක ප්‍රජාවගේ රසභාවයන් ප්‍රමුදිත කරණු පිණිස මඩොල් දූව ළමා නවකතාව යළිත් ගුවන් විදුලි නාට්‍යයක් ලෙස නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේ. එදා කරුණාරත්න අමරසිංහයන් ලියූ මුල් පිටපතම මේ නව නිෂ්පාදනය සදහා ද යොදා ගැනීම විශේෂත්වයයි. තෙවැනි වරට කෙරෙන මඩොල්දූව ගුවන් විදුලි නාට්‍ය මාලාවේ නව නිෂ්පාදනය සිදුකරනු ලබන්නේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදිකා ප්‍රියන්තනී ගමගේ යහම්පත්ය.