194
ආලන්කුලම ෆිල්ම්ස් වෙනුවෙන් බාසුරු සිරිවර්ධනගේ දෙවැනි සිනමා සම්ප්රාප්තියට සම්බන්ධ වන නළු නිළි පිරිස සහ නවතම අධ්යක්ෂවරයා වන චරිත් අබේසිංහ සමඟ සුහද පිළිසඳරක් පසුගිය දින කොළඹ දී පැවැත්විණි. සිනමා පටය සමාරම්භක දිනයට පෙර තම පියා ධම්මික සිරිවර්ධනයන් සිනමා ක්ෂේත්රයේ වෙනුවෙන් ගෙනගිය පියවර එලෙසම තබා ගනිමින් එහි නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන බාසුරු සිරිවර්ධන සිනමා පටයට ප්රථම නළු නිළි පිරිස සහ කාර්මික ශිල්පීන් හඳුනාගැනීම ඔහුගේ සිනමා ගමනේ සුවිශේෂී ලක්ෂණයකි.