ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග රචනා කරන අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කරන බ්‍රිස්බෙන් මනාලයා වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙය කපිල කුමාර කාලිංග රචනා කළ හත්වෙනි ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයයි. අජිත් ලොකුගේ දෙවැනි නාට්‍ය අධ්‍යක්ෂණය වේ.
නලින් ප්‍රදීප් උඩුවෙල, මාදනි මල්වත්තගේ, නදීෂානි ආරච්චි, නිමල් වේවැල්ල, අංජුලා රාජපක්ෂ, ප්‍රදීප් මානවඩු රංගනයෙන් එක්වෙති.
රංග වින්‍යාසයෙන් අමා විජේසේකර, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, වේදිකා පරිපාලනයෙන් ලක්ෂ්මන් නිශාන්ත පිරිස් දායක වෙති. ප්‍රියංකර ද සිල්වා බ්‍රිස්බෙන් මනාලයා නිෂ්පාදනය කරයි