ලේඛක, ජනමාධ්‍යවේදී පියසෝම රොද්‍රිගු විසින් විරචිත තවත් කෘති දෙකක් දොරට වැඩීම ලබන 22 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු දහයට. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල. ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතය. විඩාබර මනසට අස්වැසිල්ලක් ලබා දෙන්නට හාස්යෝත්පාද සහිත කෝලම්මාලා කෘතිය සහ කඩදාසි ඔරු මැයෙන් රචිත කාව්‍ය සංග්‍රහයක්ද දොරට වැඩීමට නියමිතය. නව මෙහෙවර සඟරාවේ නිර්මාතෘ වූ පියසෝම රොද්‍රිගු මහතා විසින් වැව අද්දර, පොඩි හාමුදුරුවෝ, උඩුගම් බලා, පුදවාලක්කම් ආදී කෘති ගණනාවක් රසිකයින් වෙත දායාද කර ඇත. වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. නීතිඥ රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.
217
previous post
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය වූ THE JUDGMENT
next post