Home » පියවරෙන් පියවර මේ ගමන යා යුතුයි

පියවරෙන් පියවර මේ ගමන යා යුතුයි

නවක නළු තාරක සංජන

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයකි.කුඩා කල සිටම කලා ක්ෂේත්‍රයට නැඹුරු වීමට තිබූ ආශාවත් තම දෙමව්පියන්ගෙන් ලැබුණු ආභාෂයත් නිසාම අද ඔහුගේ ගමන ආරම්භ කර ඇත. පාසල් ක්‍රීඩා පිටියේ දක්ෂ බැට්මිටන් ක්‍රීඩකයෙකුද වේ. ගායන ක්ෂේත්‍රයේ පිවිසුමට වැඩිය ඔහු බලාපොරොත්තු වුණේ නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමයි. පියවරෙන් පියවර ක්ෂේත්‍රයට පිවිසිම තුළ අද ඔහුගේ ගමන සාක්ෂාත් කරගෙන ඇත චතුරංගන ද සිල්වාගේ කුලුඳුල් සිනමා නිර්මාණයවන සෝලෝ ටවුන් සමඟ ක්ෂේත්‍රයේ තිබෙන බෝයි බෑන්ඩ් එක රිත්තයක් පිරවීමේ සාමාජිකයකු බවට පත්වීමට හැකි විය. නැටුමට ගැයුමට දක්ෂයෙකු ලෙස ප්‍රේක්ෂකයා හමුවට එන තාරක සංජන මේ වෙන විට තරුණියන්ගේ ආදරයට පාත්‍ර වන ශිල්පියකු බවට පත්ව ඇත. ඒ ලැබෙන ආදරයේ කතාව කියමින් තාරක සංජන සරසවියට ඔහුගේ ආගමනය පැහැදිලි කළේ මෙසේය.

කොහොමද මේ දිනවල ගත වෙන්නේ?

මේ දවස්වල මම හිතපු නැති විදිහට කාර්යබහුල වුණා. Music  වැඩ සහ රංගන කටයුතු දෙකම සමබරව කරගෙන යනවා. ඒ සමගම මම රංගනයෙන් දායක වුණ සෝලෝ ටවුන් සිනමා පටයේ ප්‍රමෝෂන් කටයුතුත් අපි එකතුවෙලා කරනවා. Solo Town Band  එක සඳහා පෙර පුහුණුවීම් කටයුතුත් මේ සමගම කරමින් සිටින්නේ.මේ කටයුතුත් සමබරව කරගෙන වසර 10 තිස්සේ කළ බැංකු නිලධාරීයකුගේ රාජකාරි කටයුත්ද දේව කාර්යයක් හා සමානව කරනවා.

කුලුඳුල් රංගනය ගැන මොකද හිතෙන්නේ?

පළමුවෙන්ම චතුරංගන අයියත් එක්ක එකතු වෙන්නේ බෑන්ඩ් එකක් හැදීමේ පරමාර්ථයෙන්. 50ක් විතර ඉන්ටවිව් කරලා අපි හතර දෙනයි මේකට තෝරාගන්නේ. ඉන් පසු අපි හතර දෙනා චතුරංගන අයියගේ සහ උදිත කුරේ අයියාගේ අනුදැනුම හා මග පෙන්විම සමඟ හොඳට ප්‍රැක්ටිස් කළා. එහෙම ඉන්න විට තමයි මෙවැනි යෝජනාවක් එන්නේ. බෑන්ඩ් එක එළියට දාන්න ක්‍රමවේදයක් හෙව්වා. මුලින්ම තිබ්බ අදහස තමයි Tv serious එකක් කරමු අපි සියලු දෙනාම කියලා. එහි ප්‍රතිඵලය තමයි සෝලෝ ටවුන් සිනමා පටයේ නිර්මාණය වෙන්නේ.මේ ගතවූ දින ටිකට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර අපි හතර දෙනාටම ලැබෙනවා.

සිනමා පටය එළි දකින්න ප්‍රථම නේද “සුරලාලනීයේ” ගීතය එළි දකින්නේ?

අපේ solo town band එකේ පළමු ගීතය වෙන්නේ සුරලාලනියේ ගීතයයි. මේ ගීතය එළිදැකීමත් සමග අපිට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ජනගත කරලා ටික කාලයක් යන විට ජධමඥපඵ පවා හැදිලා තිබුණා. හිතපු නැති විදිහට ජධමඥපඵ ට්‍රෙන්ඩින් වෙලා තිබෙනවා. හිතුවෙත් නැති විදිහට තමයි ගීතයට ප්‍රතිචාර ගොන්නක් හිමි වුණේ. මේ ගීතයේ සියලු කටයුතු සිදුවුණේ චතුරංගන, උදිත අයියලා සමග සුපුන් අබේසිංහගේ නර්තන ඉගැන්වීම සමඟයි. ප්‍රසංග තුනක් විතර කරන්නටත් අපිට හැකියාව ලැබුණා.

ඔබේ පරම්පරාව මෙවැනි සිනමා පටවලට ප්‍රියතාවයක් දක්වනවද?

අද වන විට වෙනස් ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.හොලිවුඩ්, බොඩිවුඩ් සිනමාව සමඟ කොලිවුඩ් සිනමාවද ස්පර්ශ කරන්නට අපේ පරම්පරාව කැමැත්තක් දක්වනවා. අද සිනමාහල් වලට යනවට වැඩිය E -mobile එකෙන් ඉඩ ලැබෙන හැම මොහොතකම අවස්ථාව ලබා ගන්නවා. එදා තරුණයාට වැඩිය අද තරුණයා කාර්යබහුලතාවය නිසා මේ තැනට පත්වෙලා තියෙනවා.

රංගනයට අවස්ථාව ලැබීම අහබු සිදුවිමක්නේද?

මගේ ජීවිතේ හීනයක් තිබුණේ නිරූපණ ශිල්පිනියක් වීමයි. රඟපෑමට එන්න හිතාගෙන හිටියේ නැහැ. බෑන්ඩ් එකකට එකතු උණා පමණයි. මට රඟපාන්නට අවස්ථාවක් ලැබීම අහඹු සිදුවීමක් ඇත්තටම. ඉතින් ඒ අවස්ථාව ලැබුණාම මට හිතුනා එයතමා හොදම අවස්ථාව කියලා. දැනට ලැබෙන ප්‍රතිචාරත් සමඟ මම හිතනවා මම ඒ චරිතයට හොඳට සාධාරණයක් ඉටු කර ඇති බවයි.මම කවදාකවත් බලාපොරොත්තු වුණේ නැති ප්‍රතිචාරයි මෙයට ලැබෙන්නේ.

රංගනය නිසා ගායනය මඟහැරෙයිද?

ගායනය සහ නර්තනය තමයි මගේ ජීවිතය දැන් වෙලා තියෙන්නේ. මේ වන විටත් වෘත්තියෙන් බැංකු නිලධාරියෙක් වන මම මගේ දෙවෙනි ජීවිතය වන්නේ සංගීතයයි දැන්.රැකියාව සමඟ මෙම වෘත්තිය සමබරව කරගෙන යෑම තමයි මගේ එකම බලාපොරොත්තුව. රංගනය නිසා කිසිවිටකත් ගායනය අතහැරෙන්නේ නැහැ. ජීවිතයේ එක එක්කෙනාගේ Dreams  තියෙනවා. ඒවා කවදාක්වත් මගහරවා ගන්න මම කැමති නැහැ. එන ඕනෑම ප්‍රශ්නයකට සහ ගැටලුවකට මුහුණ දීලා යන මාවත සකසා ගැනීම තමයි තියන හොඳම විසඳුම කියලයි මම දකින්නේ.

මේ ගමනේ ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධය ලබාගත යුතුයි. Music Production  කියන විෂය පිළිබඳ ඉගෙන ගැනීමේ ආශාවක් මා තුළ තියෙනවා. යම් ක්ෂේත්‍රයක ගමන් කරනවානම් එයට අවශ්‍ය පැහැදිලි නිර්ණායකයන් තුළින් දැනුම සහ ප්‍රායෝගික පුහුණුව වටපිටාව සකසා ගත යුතුයි.

ජීවිතය බාධක කම්කටුලු මැද ආපු ගමනේදි අද ඔබගේ සාර්ථකත්වය දකින විට ඔබ පිළිබඳ දැනෙන හැඟීම කොහොමද?

කුඩා කාලයේ කුමන තරාතිරමකට එන්න ඕන කියලා හිතුවත්. අපි හැමෝම ලොකු වෙහෙසක් දරලා තමයි අපේ හීන වලට යන්නේ. ඒ හීන සැබැ කරගන්න නම් ඒ කට්ට අපිට කන්නම වෙනවා. පියවරෙන් පියවර මේ ගමනේ යා යුතු බව මම එදා ඉඳන්ම මගේ පවුල් පසුබිම සහ සමාජයෙන් ඉගෙන ගත්තා. වේගයෙන් දුවලා හති හෙලනවාට වැඩිය අවශ්‍ය වේගයෙන් ගමන යා යුතු බවයි. මම බාධක මැඩගෙන ආපු දුරගැන හැරිලා බලද්දි හරිම සතුටක් දැනෙන්නේ.

ඔබ චැලෙන්ජ් භාර ගන්න කැමති කෙනෙක් නේද?

ඇත්තටම ඔව් මම ඕනම චැලෙන්ජ් එකක් බාර ගන්න කැමතියි කෙනෙක්. යමක් කරන්න පුළුවන් කියලා හිතුණොත් මම ඒ දේ කොහොම හරි කරන කෙනෙක්ය. වොයිස් ශ්‍රී ලංකා නියෝජනය කළෙත් මම ඒ ආකාරයටම චැලෙන්ජ් එකක් කරන්නයි. ඒකෙන් මම තුන්වන වටය දක්වා පැමිණියා.

තරුණයකුට තරුණියගෙන් ලැබෙන ආදරය කොහොමද දැන් දැනෙන්නේ?

සමාජයේ ජීවත්වන වෙනත් තරුණයන්ට දැනෙන විදිහටම මටත් ආදරේ දැනෙනවා. මගේ ජීවිතයේ මම කුඩා කළ ඉඳන්ම ආදරේ විඳීන කෙනෙක්, එය අපේ වයස සීමාව ඉක්මවා යන විට තමයි විවිධ ආකාරයට ආදරයත් වෙනස් වෙන්නේ. ඒ වෙනස්වීම මම දකින්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. එනිසා ආදරය හැමෝටම උරුමයි.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද මේ ගමනට?

අම්මා තාත්තා ඇතුළු සියලු දෙනාගේ මට හොඳ සහයෝගයක් මේ ගමනට ලැබෙනවා. මගේ ජීවිතයේ පොඩි කාලේ ඉඳන් මාව විශ්වාස කළා. මම කැමති දේ එයාලා මට කරන්න දුන්න නිසයි අද මම මෙතැනට ආවේ.

 

[email protected]

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT