ආචාර්ය නිමල් සේදර විසින් දියත් කර ඇති ප්‍රජා කවි මෙහෙවර යටතේ සම්පාදනය කරන ලද සිව්වැනි පද්‍ය සංග්‍රහය ‘පැහැසරණී’ පසුගියදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී දොරට වැඩිණ. මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රකට කවියකු වන බුද්ධි ගලපත්ති මහතාය. ඊට අමතරව බ්‍රිස්බේන් නුවර ජීවත්වෙන සිංහබාහු නාට්‍යයේ රඟපෑමෙන් අතිශයින් ජනප්‍රිය වූ කලාකාරියක වන මාලිනී රණසිංහ මහත්මියද උත්සවයේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වූවාය.
පැහැසරණියට ඇතුළත්ව ඇත්තේ, චම්පා බුද්ධිපාල, චන්ද්‍රා සෙනෙවිරත්න, ඊවා වික්‍රමගේ, මෛත්‍රී පනාගොඩ, මහේෂා විජේසේකර, නිරන්ජන් සෙල්වදුරේ, සන්ධ්‍යා ලියනගේ, විජයලක්ෂ්මී මොහොට්ටි සහ නිමල් සේදරයන්ගේ පද්‍ය රචනාවන්ය.