Home » ප්‍රදීප්ගේ මීටරේ දුවන්න පටන් ගනී

ප්‍රදීප්ගේ මීටරේ දුවන්න පටන් ගනී

by Thanushika
July 10, 2025 12:29 am 0 comment

සිනමා පට 54ක සහය අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රදීප් මහේෂ් ලියනගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘මීටරේ’යි. එහි මුහුරත් උලෙළෙ පසුගිය දින කොළඹ තැපැල් මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙ අවස්ථාව සඳහා කිරිබත්ගොඩ ධර්මධජ ස්වාමීන්වහන්සේ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, රංජන් රාමනායක, ශ්‍යාම් ප්‍රනාන්දු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, රිටිගල වෙද මහතා, මිහිර සිරිතිලක, ධර්ශන් තවරාජ්, අසංකි ද සිල්වා, දුනාලි බස්නායක, දේශානි නෙහාරා, ගීත්මා බණ්ඩාර සහ දිලූෂි හංසිකා, ජයනි වීරසිංහ රංගනයෙන් එක්වෙති.

මීටරේ චිත්‍රපටයේ මුහුරත් උලෙළට සමගාමීව QR සංකේතය සහිතව සිනමාපටයක් වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කිරීම විශේෂත්වයක් විය. එමෙන්ම ප්‍රදීප් මහේෂ්ගේ උපන් දිනය ද යෙදී තිබීමද විශේෂත්වයකි. එදින මුහුරත් උලෙළට එක්වූ නළු නිළියන් සහ පැමිණි පිරිස් එක්ව කේක් කපා ප්‍රදීප්ට සුබ පැතීමට අමතක නොකළහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT