කලාවට හා ශාසනයට අපරිමිත සේවාවක් කළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ වෙත ඉන්දියාවේ සාරානත් වරණාසි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.
මේ සඳහා වන අභිසම්භාවනා උළෙල මැයි මස 03 වැනිදා ප.ව. 02.30ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.බෝධියෙන් වට බෝපතක් ලෙසින් මෙම උළෙල නම් කර ඇති අතර මහා නායක හිමිවරු අනු නායක හිමිවරු ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි ප්‍රභූ කලාකාමී හා ශාසන හිතැති, විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙනු ලැබේ.
මහා නායක හිමිපාණන් කා අතරත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ උන්වහන්සේ අඩ සිය වසක් ඉක්මවා රචනා කළ ගීත හා ගේය කෘති මෙරට සාහිත්‍යයට අද්විතීය එකතුවක් නිසාවෙනි. 1969 වසරේ සිට කවි ලිවීමට හුරු වී සිටි උන්වහන්සේ රජරට සේවය ආරම්භ කිරීමත් සමඟ ගේය පද රචකයකු ලෙස ප්‍රකට වූහ.
බොදු බැති ගීය, ආදරය හා සෙනෙහස පමණක් නොව පිය විප්පයෝගය, මව් ගුණය දේශාභිමානය, සාංසාරික අනන්‍යතාවය, රටේ වැඩ කරන ජනතාවගේ පන්තියට සිදුවන අසාධාරණ අයුතු යුතුකම් සහ විවිධ ශානරයන් ඔස්සේ උන්වහන්සේ ගීත සාහිත්‍යය සුපෝෂණය කළේය.
අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ට ඉන්දියාවේ සාරානාතී බරණැස තිබ්බතීය උසස් අධ්‍යාපන ආයතනයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිමුණේ උන්වහන්සේ කළ ශාසනික ආගමික හා කලාවට සිදුකළ අනුපමේය සේවය අගයමිනි.