Home » නෙලුම් කුලුන Tentigo 14 දා සිට රිදී තිරයට

නෙලුම් කුලුන Tentigo 14 දා සිට රිදී තිරයට

by Thanushika
March 6, 2025 9:42 am 0 comment

ඉලංගෝ රාම් තිර රචනය කොට අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ නෙලුම් කුලුන සිනමාපටය එළඹෙන 14 වැනිදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි. ඉලංගෝ රාම්ගේ ප්‍රථම දිගු සිනමාපටය වන නෙළුම් කුලුන (Tentigo) 2023 වසරේ තලින් බ්ලැක් නයිට්ස් චිත්‍රපට උලෙළේ (FIAPF) අනුමත ඒ ශ්‍රේණියේ උලෙළක්) ජූරියේ විශේෂ සම්මානය දිනාගෙන ඇත. එය දෙමළ භාෂාවෙන් (පෙරුසු) සහ තෙළිඟු භාෂාවෙන් (පෙධා) නැවත නිර්මාණය කර ඇති අතර විදේශයකදී නැවත නිර්මාණය (Remake) කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය වේ. මේ වන විට එය භාෂා කීපයකින්ම පිටපත් නිෂ්පාදනය වී ඇත.ඉන්දියාවේ (හින්දි) ස්පාඤ්ඤය, ඉතාලිය හා ඇමරිකාව නැවත නිර්මාණය සඳහා එකඟතාවයකට පැමිණි ඇති අතර ප්‍රංශය සහ බෙල්ජියම යන රටවල් නැවත නිර්මාණය සඳහා සාකච්ඡා සිදුකරමින් පවතී. නෙලුම් කුළුන හිරණ්‍යා පෙරේරාගේ නිෂ්පාදනයකි.

කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, රංජිත් පනාගොඩ, චමිලා පීරිස්, චාන්දනි සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, සමන් කෝරලගේ, ආලෝකා ගයත්‍රී, සුලෝචනා වීරසිංහ, මධුර ප්‍රභාස්වර, රාජා ගනේෂන්, සරත් මොරොන්තුඩුව, සංජීව උපේන්ද්‍ර ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT