මහාචාර්ය සාගර කරුණාතිලකයන්ගේ නිෂ්පාදනයක් වන කීර්ති බණ්ඩාරගේ 53 වැනි වේදිකා නිර්මාණය ‘නූතන මනමේ’ මංගල දැක්ම එළැඹෙන 15 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් මරදාන ටවර් රඟහලේදී වේදිකාගත කෙරේ.
චින්තක පතිරණ, අනුර වීරසිංහ, කීර්ති බණ්ඩාර, අරවින්ද පෙරේරා, හෂිනි කුමාරි, ඉසුරු සඳුන්, නලින් මදුරප්පෙරුම, ලක්රුවන් පුෂ්ප කුමාර, ඇන්ටන් වේවැල් දෙනිය, මධු පෙරේරා, ජීවන සිල්වා, අජිත් කුමාර නුගවෙල, සංජීවනී පෙරේරා, අනිල් කුමාර, ශ්‍යාමලී ධම්මිකා, වාසනා සඳමාලි සමඟ සෞම්‍යා ප්‍රියංගනී රංගනයෙන් එක් වෙති.
සංගීත අධ්‍යක්ෂණය නෙල්සන් ධර්මසේන, ශබ්ද පරිපාලනය මංජුල ධර්මප්‍රිය, විදුලි ආලෝකකරණය ධනුෂ්ක, අංග රචනය සහ නර්තන පුහුණුව අරවින්ද පෙරේරා ගෙනි.