167
ප්‍රවීණ සිනමා නිළි නදීකා ගුණසේකරගේ දියණිය වන තෙනුකි හපුආරච්චි සිනමාවට අවතීර්ණ වී ඇත. චිත්‍රපට අධ්යක්ෂ රජීව් සිවදාසන්ගේ ‘ඇයයි මමයි’ චිත්‍රපටයට පසුගියදා ඇය රංගනයෙන් එක්වූවාය. බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලත් තෙනුකී මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පවත්වනු ලබන සිනමාකරණය පිළිබඳ පාඨමාලාව හදාරමින් සිටින්නීය.
මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂි චරිතයක් වූ තලතා ගුණසේකර පරපුරෙන් සිනමාවට දායාද වන තුන්වැනි පරපම්පරාව තෙනුකී විසින් නියෝජනය කරයි.
