201
ලේඛිකා නදීකා මධුවන්ති විසින් දරුවන් වෙනුවෙන් බුද්ධි වර්ධනය ඇතුළත් නවතම ග්‍රන්ථ තුනක් පසුගිය දා එළිදැක්විණි.
මීට සමගාමිව මාතර නගරයේදී wonder Bookstore විවෘත කිරීමද සිදුකරන ලදි. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා එම්. ඩී. ගුණසේන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණසේන, මනම්පේරි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ උපාලි මනම්පේරි, සිරස ටිවී වැඩසටහන් අධ්‍යක්ෂක ප්‍රදීප් මහේෂ් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
