Home » දේදුන්නෙන් ආ සමනලිය

දේදුන්නෙන් ආ සමනලිය

දිල්හානි ඒකනායක

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

සිංහල සිනමාවේ නිළියක වීමට පෙර ඇය දක්ෂ නර්තන ශිල්පිනියකි. වැල්ලවත්ත ශාන්ත ක්ලෙයා බාලිකාවවෙන් අධ්‍යාපනය ලද ඇය දක්ශතාවය දැක්වූයේ නර්තනයටය. මුද්‍රා නාට්‍යවල කැපී පෙනෙන නර්තන ශිල්පිනියක් වූ ඇය දිල්හානී අශෝකමාලා ඒකනායකය.

1987 දී සරසවිය සිනමා සම්මාන උළෙලේදී නර්තනාචාර්ය චන්න විජේවර්ධනයන් සමඟ උකුස්සී ලෙස ඉදිරිපත් කළ නර්තනාංගය ඇගේ ජීවිතයේ සන්ධිස්ථානයක් විය. 1990 දී ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාර ගේ “දේදුන්නෙන් සමනලියක්” චිත්‍රපටය ඔස්සෙ ඇය සිනමාවට අවතීර්ණ වූවාය.

දිල්හානි තම කුලුඳුල් රංගනය වෙනුවෙන් 1991 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම නැඟී එන නිළිය ලෙස සරසවිය සම්මානය තමා සතු කර ගැනීමට ඇය සමත් වූවාය. ඉන්පසු චිත්‍රපට රැසකට දායක වන්නට ඇයට හැකි විය. ඇගේ සිනමා ජීවිතයේ වැඩි කොටසක් වෙන්වූයේ වාණිජ සිනමාවටය. සිනමා අධ්‍යක්ෂක අශෝක හඳගමයන්ගේ “මේ මගේ සඳයි චිත්‍රපටයේ කළ රංගනයෙන් ඇය කලාත්මක ධාරාවේ චිත්‍රපටවලටද සුදුසු බව ඔප්පු කර පෙන්වූවාය. 2001 වසරේදි “මේ මගේ ස‍ඳයි” චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් එම වසරේ පැවති ජනාධිපති සම්මාන උලෙළේදී හොඳම නිළිය සම්මානයත් හිමිවූයේ දිල්හානි ඒකනායකටයි.

2002 වසරේ තිරගතවූ චිත්‍රපටවල ඇය නිරූපණය කළ චරිත සඳහා ජූරියේ විශේෂ සම්මානය හිමි වූයේද ‍ඇයටමයි.

දේදුන්නෙන් සමනලියක් චිත්‍රපටියෙන් සිනමා ගමන සාර්ථක කර ගත් ඇය වැඩ බැරිනම් වැඩක් නෑ, ආසයි බයයි, ලව් ඉන් බැංකොක්, ජය ශ්‍රී වේ කුමරියේ, මල්සර දෝණි, චායා මායා, චෙරියෝ ඩාලිං, නිලම්බරේ, රෑ ඩැනියෙල් දවල් මිගෙල්, කුලගෙය, සුදු පිරුවට, සීතල ගිනිකඳු, මේ මගේ සඳයි, මගේ වම් අත, ආකාස කුසුම්, සොඳුරු දඩබිම, රජ්ජුමාලා, රණ හංසි, සිංහාවලෝකණය, සිරි දළදා ගමනය, හීන හොයන සමනල්ලු, සුබා තෙරණියෝ, උතුරු සුළඟ, ගාමණී, අපේ ප්‍රින්සිපල් ඇතුළු වාණිජ, කලාත්මක ධාරාවේ චිත්‍රපටි රැසක චරිත නිරූපණය කළාය. 2024 වසර ආරම්භයත් සමග තිරගත වූ රෝස ආදරේ, නෙලුම් කුලුන සහ වාලම්පුරි චිත්‍රපටි අති සාර්ථකව තිරගත විය.

චිත්‍රපට රැසක විවිධ චරිතවලට අනුගත වෙමින් කල රංගනය උදෙසා 2005 වසරේදී සුදු කළු සහ අළු චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානයද, සුළඟ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙසද සම්මාන ඇය සතු කර ගත්තාය.

2012 වසරේදී ගාමණී චිත්‍රපටයේ කළ චරිත නිරූපණය වෙනුවෙන් සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළේදී සිල්වර් ස්ක්‍රීන් සම්මානයෙන් ද එම චරිතය වෙනුවෙන් හොඳම නිළිය ලෙස දෙරණ සිනමා සම්මානයෙන් ද 2015 දෙරණ සම්මාන උලෙළේදී ජනප්‍රිය නිළිය ලෙසින්ද, 2018 දී ධර්ම යුද්ධය චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි දෙරණ සිනමා සම්මානයෙන් ද 2023 වසරේදි ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය සඳහා හොඳම සහය නිළියට හිමි ජනාධිපති සම්මානයෙන් ද සම්මානනීය වූවාය.

2024 තිරගත වන්නට යෙදුණු රෝස ආදරේ, නෙලුම් කුලුණ සහ වාලම්පුරි චිත්‍රපටි වල චරිත නිරූපණයෙන් දිල්හානි ඒකනායක රංගන ශිල්පිනිය සිනමාවට අවශ්‍යම ශිල්පිනියක් බව සනාථ කළාය.

1992 පැවැති 20 වැනි සරසවිය සම්මාන උලෙළේදී 1991 වර්ෂයේ ඇය ජනපි‍්‍රය නිළිය ලෙසින් සරසවිය සම්මානයට පාත්‍ර වූවාය.

 

සේයාරුව ශාන් රූපස්සර

නයනාංජලී දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT