Home » දාන පාරමිතා පිරූ

දාන පාරමිතා පිරූ

by Thanushika
September 11, 2025 12:30 am 0 comment

මෙම කතාව ආරම්භ වන්නේ, දඹදිව ජයතුරා නුවර සඳමහා රජතුමාගේ රාජ්‍ය පාලන සමය පාදක කර ගනිමින්ය. රජු සිය දේවිය සහ ඔවුන්ගේ පුත්‍ර රත්නය වන වෙස්සන්තර කුමරුන් සමගින් දැහැමින් රාජ්‍ය පාලන කටයුතු සිදු කරයි.කුමරුන් යොවුන් වියට පත්වීමෙන් අනතුරුව ඔහුට, මංද්‍රී කුමරියව සරණපාවා දෙනු ලබයි. මංද්‍රී කුමරිය වෙස්සන්තර රජුට දාව ජාලිය හා ක්‍රිෂ්ණජිනා නමින් දරු දෙදෙනෙකු බිහි කරයි. යුව රජ තනතුරට පත් වෙස්සන්තර රජු දනට පිනට ආගම දහමට නැඹුරුව ක්‍රියා කරයි . ඔය අතර තුර කළිඟු රාජ්‍ය දැඩි නියගයකින් දීර්ඝ කාලයක් පුරා ප්‍රීඩා විදින කළ, එක් බ්‍රාග්මණයෙක් කළිඟු රජතුමාට පවසන්නේ, ජයතුරා නුවර සඳමහා රජතුමාගේ මහා බල සම්පන්න මංගල හස්තිරාජයා, කළිඟු දේශයට ගෙන ආවොත් නියගය නිමාවන බවයි. කළිඟු රජුගේ ඉල්ලීම අනුව, වෙස්සන්තර යුව රජතුමා සිය මංගල හස්තිරාජයා, කළිඟු දේශයට දන්දී , එහි පැවැති නියගය නිමාකරවයි. එම සිදුවීමට විරෝධය පා ජයතුරා නුවර වැසියන් වීදි බැස කැරලි ගැසීමේ අවසන් ප්‍රථිඵලය ලෙස වෙස්සන්තර යුවරජු දේවිය හා දරු දෙදෙනා සමගින් හිමාලයේ වංකගිරියට පිටමං වෙයි. එසේ සිටියදී දාන පාරමිතා පුරන වෙස්සන්තර රජු, ජූජක නම් බමුණාට දරු දෙදෙනා දන්දීමත්, තවත් බමුණෙකුට මන්ද්‍රී දේවිය දන්දීමත් සිදුවෙයි. අවසානයේදී දරු දෙදෙනා යළි සඳමහා රජතුමා හමුවටත්, මංද්‍රී දේවිය තව්තිසා දෙව්ලොවට වැඩම කරන්නේ කෙසේද යන්න, “වෙස්සන්තර රජ දවස” සිනමා කෘතිය තුළින් පෙන්වා දී ඇත.

ප්‍රවීණ කැමරා ශිල්පියෙකු, නිශ්චල ඡායාරූප ශිල්පියෙකු හා සංස්කරණ ශිල්පියෙකු වූ දයා සූරියආරච්චි ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි, “වෙස්සන්තර රජ දවස” සිනමා පටය. සෝමවීර බෝපිටිය මහතාගෙන් ඡායාරූපකරණය හදාරමින් කලා ක්ෂේත්‍රයට පිවිස, වසර තිස්පහක් පුරාවට ටෙලිස්ටාර් ආයතනයේ සේවයේ නිරතව සිටි ඔහු, ඒ කාලය තුළදී කැමරාකරණය පහසු කිරීම සඳහා අවශ්‍ය කරණ මෙවලම් රාශියක් ඔහුගේ දැනුමෙන් නිපදවීමට සමත්ව ඇත්තේ එකළ භාවිතා වූ තාක්ෂණික ක්‍රමවේදයන් අබිබවා යමිනි. ඔහු මේ වන විට, බැද්දේ ගෙදර, යුග විලක්කුව, දුන්හිඳ අද්දර, අඹුදරුවෝ, දියවඩන මළුව හා සත්මාල ගිරව් ඇතුළු ටෙලිනාට්‍ය එකසිය දහයකට අධික සංඛාවකටත්, ස්වීට් එන්ජල්, රජා මමයි ඇතුළුව චිත්‍රපට දහයකට ආසන්න සංඛාවකටත් ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස සිය දායකත්වය දක්වා ඇත. කැමරාකරණය වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම, උණ්ඩා, රයිගම් හා රාජ්‍ය සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇති ඔහු, මේ දිනවල ඔහුගේ නවතම සිනමා පටයේ මූලික කටයුතුවල නිරතව සිටී.

ප්‍රධාන රංගන දායකත්වය

ධම්මික මනෝජීව, සිනෙති අකිලා, විජේරත්න වරකාගොඩ, මෙලෙනි අශෝකා, රින්ස්ලි වීරරත්න, උදේනී නදීකා, ඩී.බී. ගංගොඩතැන්න, නදී රත්නප්‍රිය, නෙත්ම ආකාස්මිත, මෙත්මිණි කාව්‍යා, මහීල් සුරගේ, අනුර වරාගොඩ, ආරියසේන ගමගේ, ගාමිණි කොස්තා, ලක්ෂ්මන් ජයවර්ධන, ඩී.එම්.බී.ජයරත්න, සුමින්ද අල්මේදා, සුනිල් නිවිතිගල, උපාලි බණ්ඩාරනායක, සමන් කරුණාරත්න

ප්‍රධාන කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය, කැමරාකරණය සහ සංස්කරණය -දයා සූරියආරච්චි

නිෂ්පාදනය – දිලී එන්ටර්ටේන්මන්ට්

සහය අධ්‍යක්ෂණය – නිලන්ත පෙරේරා,

උපාලි බණ්ඩාරනායක, අරුණ තිලකරත්න

කතාව ප්‍රතිනිර්මාණය, දෙබස් හා තිරරචනය – ධම්මික මනෝජීව

අංග රචනය – ගාමිණි කොස්තා

කලා අධ්‍යක්ෂණය – කුමාර ඩී.රාහුබද්ධ, එස්.කැකුණවෙල, වජිර ප්‍රියශාන්ත

නිෂ්පාදන කළමනාකරණය – සමන් කරුණාරත්න, බන්දුල වැලිකන්න

වර්ණ සංයෝජනය – රන්දික විජේමාන්න

5.1 ශබ්ද සංකලනය – තනුෂ්ක කහඳවල

ගී තනු හා සංගීත නිර්මාණය – ජානක පෙරේරා

කවිපද සංකල්පනා සහ ගීත රචනය – ධම්මික මනෝජීව, ලක්ෂිකා ලලන්ති

ගීත ගායනය – ඉෂාක් බෙග්, ප්‍රියනාත් රත්නායක, විශාරද සලිත සලින්ද, සන්ධ්‍යා රඹුක්කනගේ, සරත් දසනායක, සුමුදු ඉරේෂා

නිර්මාණ අධීක්ෂණය – සුරංජන් විජේනාම

නැටුම් අධ්‍යක්ෂණය – මධූෂා ඉරන්ති සූරියආරච්චි

ඇඳුම් හා ආභරණ – එම්.ජේ.පෙරේරා, ගීතා සම්මානි

ඩ්‍රෝන කැමරා මෙහෙයවීම – වර්ෂා ලලන්ති සූරියආරච්චි

සිතුවම් නිර්මාණය – සිනෙත් බැද්දගේ

ග්‍රැෆික් නිර්මාණය – රාජේශ්වර ප්‍රදීප්

පසුබිම් කථනය – අතුල ජයසිංහ

කැමරා සහය- එම්.කේ.කල්‍යානන්ද, ලංකා විජේසිරිවර්ධන

ආලෝකකරණය – සමන් ජයන්ත, චමින්ද පෙරේරා, සනත් ෆොන්සේකා, නිලන්ත පෙරේරා, ලංකා විජේසිරිවර්ධන, කල්‍යානන්ද ලියනගේ

 

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT