මෙරට මෙන්ම අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ නාට්‍යවේදී එම්. සෆීර්ගේ nter act art ඉන්ටර් ඇක්ට් ආර්ට් මඟින් 10 වැනි වරටත් සංවිධානය කරන කොළඹ අන්තර්ජාතික රංග කලා උලෙළ එළැඹෙන 24 සිට 30 වැනිදා දක්වා මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, රුමේනියාව, ඉතාලිය, ඉරානය, ක්‍රොඒෂියාව, ඇමරිකාව හා බංගලාදේශය යන රටවල වේදිකා නාට්‍යය අන්තර්ජාතික ඒකපාත්ර නාට්‍යය තරගාවලියට හා දකුණු ආසියාවේ ඒකපාත්ර නාට්‍ය අංශය යටතේ තරග කරනු ඇත. 24 වැනි දින සමාරම්භක නාට්‍යය දැක්ම ලෙස එම්. සෆිර් අධ්‍යක්ෂණය කළ ජගත් සම්මානයට හා ඇගැයීමට ලක් වූ ‘ලව් ඇන්ඩ් ලොක්ඩවුන්’ වේදිකාගත කෙරේ.
දස වැනි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ 24 සිට 30 දක්වා
194
previous post