අර්ජුන කමලනාත් ප්‍රමුඛ ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදනයක් වූ ‘දඩස්’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා අවසන් විය. ‘දඩස්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය චාමර රාජපක්ෂගෙනි.
මෙහි අර්ජුන කමලනාත්, සරත් කොතලාවල, නිලූෂි පවන්‍යා, චින්තක වාස්, සංජය මුරමුදලි, සංගීත් ප්‍රභූ, රජිත හිරාන්, අශාන් හේවාවසම් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙති.
‘දඩස්’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ජනිත් ගුණසේකර විසිනි. සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන්ද, වේශ නිරූපණයෙන් චතුරිකා සඳමාලි දායක වී ඇත. ඉසුරු ෆිල්ම්ස් වෙනුවෙන් මහාචාර්‍ය සාගර කරුණාතිලක, දිල්රුක් සොයිසා සහ සජන කෝරළගම නිෂ්පාදන දායකත්වය සපයා ඇත.