11
සරසවිය පුවත්පතේ හිටපු මාධ්‍යවේදිනී තිලානි ශානිකා විතානාච්චි විසින් රචිත ‘අරණේ සිත්තරා’ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ජී. හෙට්ටිආරච්චි මහතාගේ චරිතාපදානය අගෝස්තු 21 වැනිදා (අද) සවස 2.00ට කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.
මෙහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් රණේපුර සහ සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර දෙසුම් පැවැත්වීමට නියමිතයි. උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී ප්‍රවීණ සන්නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර විසිනි.