81
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සංවත්සරය පසුගියදා, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලයේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ අතර, එහිදී 2024/2025 වර්ෂය සඳහා නව නිළධාරි මණඩලයක් සහ නව විධායක සභාවක් තේරි පත්විය. සංයුතිය 23 ක් වන මෙහි, නිළධාරීන් ප්‍රමාණය 12 ක් වන අතර සෙසු අය විධායක සභිකයන් වේ. සමස්ත විද්‍යුත් මාධ්‍යයේ සහ ටෙලි නිර්මාණවේදයේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කරන ලද ටෙලිනිස සංසදයට මේ වන විට තිස් වසරක් සපුරා ඇත.