24
චිත්‍රපට ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අධ්යක්ෂ සුමිත් ගල්හේනගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය “ටෙලි මාර්කටිං මංගල දර්ශනය එළඹෙන 26 වැනිදා පස්වරුවේ කොළඹ හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කෙරේ. සම්පත් කුමාරතුංග, අමල් රත්නශාන්ත, සුමිත් ගල්හේන, උදීසා ජයවීර, උදේශිකා මධුවන්ති, සිතාරා සඳුනි, පාලිත බණ්ඩාර, ඉසුරු ජයතිලක, ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක් වෙති. සංගීතය අසංක කුලතුංග, ආලෝකකරණය වසන්ත කුමාර, වේදිකා පසුතල නිර්මාණය සමන්ත ගුරුගේ, වේදිකා පරිපාලනය උදේශිකා මධුවන්ති, ඇඳුම් නිර්මාණය උදිශා ජයවිරගෙනි.