Home » ටෙනී ගැන, මතකයෙන් බිඳක්…!

ටෙනී ගැන, මතකයෙන් බිඳක්…!

by Thanushika
September 25, 2025 12:31 am 0 comment

*1970 – 72, කාලය වනවිට, ටෙනීසන් කුරේ* නම් මොරටු පුරවරයේ අතිශය ජනප්‍රිය නළුවා ලෙසින් පිළිගනිමින්, මොරටු ජනතාව, ඔහු කෙරෙහි සිත් බැඳගත්හ…!

එවකට, ඔහු සංගීත භාණ්ඩ අලුත්වැඩියා කරන්නෙකු වශයෙන්, *කොළඹ* *හාර්මොනික්ස්* ආයතනයේ සේවයට බැඳුනේ, අවුරුදු කිහිපයක් *නැවක, තාක්ෂණ ශිල්පියෙකු* වශයෙන් ලොවවටා ගොස්, නැව් රැකියාවට *ආයිබෝං* කීමෙන් අනතුරුවය…! * (1969 – 70)

*හාර්මොනික්ස්* ආයතනය *ටෙනීසන්* ගේ දක්ෂකම් හා වැඩකාරකම් හොඳීන් හඳුනා ගත්හ…! අලුත්වැඩියා කරන බොහෝ *සංගීත භාණ්ඩ* වාදනය කිරීමටද ඔහු දක්ෂයෙකු විය…!

එනමුදු,

*කොළඹ හතේ – පියානෝ* අලුත්වැඩියාව *ටෙනී* ඇරෙන්නට කිසිවෙකුට බැරිය…!

*ටෙනී* අතිදක්ෂ *පියානෝ* වාදන ශිල්පියෙකි, එබැවින් *කස්ටමර්ලාට* අවශ්‍යවන්නේ, *ටෙනී* ලවාම රෙපෙයාර් වැඩ ටික කරගැනීමය…!

ඔහු සතුව තිබූ – සිලින්ඩර් *8, ටේ* *හෝල්ඩන්* වර්ගයේ මෝටර් රථය, විදුලි වේගයෙන් පැමිණ, ආ වේගයෙන්ම… රෝද උඩ යන්නට – *උ – ටර්න්* ගසාගෙන, නොපෙනී යනතුරුම බලා සිටින මට හැඟී ගියේ, මොහු කවදා හෝ සිනමාවට ආ යුතුය කියාය….!!

පැරණි *ජ්‍යෝතීර්වේදියෙකු* සඳහන්කර තිබුණේ… මොහු කවදා හෝ *ලංකාවේ ඇඩී ජයමාන්නට* වඩා ජනප්‍රියත්වයක් උසුලන බවය..! තව දුරටත්, ඔහු ලියා තිබුනේ… *ටීටර් පටිවල* අධික වේගයෙන් වාහන පැදයන ලෙසත්,*සිහිවිකල් වූවන්ගේ* චරිත රඟපාන ලෙසත්‍ ය…!

*කලාවට* හෝ *සිනමාවට* නිවැරදි පාරෙන් ඇතුළුවීමට තරම්, මග පෙන්වන්නෙකු හමුවූයේ නැති බැව්, කිහිප වතාවක්ම, *ටෙනී* මා සමග පවසා ඇත…

ආධුනිකයෙකු වශයෙන් ගමේ නාට්‍යවල දිගින්-දිගටම රඟපෑවේ, මුළුමහත් *මොරටු ජනතාවම* සිනහා සයුරේ ගිල්වමිනි…!

ඒහෙත්, *ටෙනී* රඟපෑවේ, *ටෙනී* විසින්ම නිර්මාණය කළ නාට්‍යවල පමණි…!

*අපායේ තත්පර 1800 ක්* ද, එවන්වූ නාට්‍ය රැල්ලෙන් එකකි…!

පසුව, *සිසිල් ගුණසේකරගේ* නාට්‍ය ගණනාවක රඟපාමින් – සිසිල් ගේ ස්ථීර නළුවා බවට පත්විය…!

*ටෙනීසන් කුරේ* ගේ අතිශය ජනප්‍රිය වූ *අපායේ තත්පර 1800ක්* වෙදිකා නාට්‍ය අනුසාරයෙන්, මවිසින්,*1992* කාලයේ දී, රූ-ගැන්වීම් ආරම්භකළ, *අපායේ තත්පර අසූහාරදාහක්* සහ *අපායේ තත්පර 7700,ක්* නමින් චිත්‍රපට දෙකක් නිර්මාණය කළේ… *ගාමිණි ෆොන්සේකා* මහතා *යමරජ* ධූරයට..ද, *ටෙනීසන් කුරේ* මහතා සහ *රන්ජන් රාමනායක* මහතා අපායේ *ලේකම් ධූරයන්ට* ද… පත්කරවමිනි…!

ඊට බොහෝ කලකටත් පෙරාතුව, ( 1976-77) කාලයේ, මේ අතිදක්ෂ නිර්මාණ කරුවාව මෙන්ම, ඔහුගේ ඇතුළාන්තයේ සැඟවී සිටින *නළුවාව* – ලොවට හෙළිදරව් කරදීමේ අරමුණෙන්….

මා, ප්‍රථමයෙන්ම *චිත්‍රපට අධ්‍යක්ෂවරුන්* හට හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් මවිසින්, දියත්කළේ, *ටෙනීසන් කුරේ* ව කෙසේ හෝ නළුවෙකු කරනවාමය යන *මුරණ්ඩු* මෙන්ම, *ආශීර්වාදාත්මක* ආකල්පය සිත්හී පෙරදැරි කරගෙනය…!

එක-එකාට හිස නොනමන *ටෙනීගේ* ආඩම්බරකාර ලීලාවට ද – *කස පහර* දෙමින්, මගේම බලකිරීමට, මා *ටෙනීව* කැන්දන් – දින කිහිපයක්ම *ලංකාචිත්‍රාගාරයට* ගොස්, බලා සිට….

*එන-එන* මා මිත්‍ර අධ්‍යක්ෂවරුන් හට *ටෙනී* පිළිබඳ පූර්ව පැහැදිලි කිරීමක් – කරමින්, හඳුන්වා දුන්නේ…

*ටෙනීසන් කුරේ* ගේ හාස්‍යමය රංග සොභාව, *රිදීතිරයෙන්* සුවහසක් සිනමා ප්‍රේක්ෂකයින් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට – මාතුල පවතින, *බලවත් ඇම්ම* නිසා බව, අවධාරණයෙන් සටහන් කරමි….! *ග 1976 – 77 ඝ*

ඒත්, හරිගියේ නෑ… සියලු ප්‍රයත්නයන් අසාර්ථකයි…. මම ම චිත්‍රපට කොරනකං *ටෙනීසන් කුරේ* ට, බලාසිටින්නට සිදුවුණා කීවොත්, එය අතිශයෝක්තියක් නොවෙයි…!

පසුව, *1980,* දී – මා මුලින් ආරම්භ කළ – *නොම්මර එකයි* චිත්‍රපටය සහ *පෙරළිකාරයෝ* චිත්‍රපටය ද, ඒ සමගම, *විජය කුමාරතුංග මහතා* නිෂ්පාදනය කළ මගේ *තුන්වෙනි – අධ්‍යක්ෂණය වූ, *වරදට දඬුවම්* වැනි චිත්‍රපට වල දෙවෙනි ප්‍රධාන චරිතය නිරූපණය කරමින්, එකී චිත්‍රපටවල, *තිර-නාටකය* ට ද සම්බන්ධ වෙමින්, *කතාව* සහ *දෙබස්* – *ටෙනීසන් කුරේ* විසින්ම ලියන ලදී…!

*සිනමා කලාව* නම් වූ, අති-විශාල පුළුල් විෂයේ, *ටෙනීසන් කුරේ* නම්වූ, චිත්‍රපට කරුවා – පුදුමාකාර දක්ෂකම්වලින් හෙබි, *සිනමා තාක්ෂණය* සහ *කාර්මීකරණයද* පිළිබඳව ඔහු තුළ පවතින දැනීමෙන්, අනූන සිනමා ශිල්පියකු බැව්, නොසඟවා සටහන් කළයුතුව ඇත…!

තවද, *රූ-ගැන්වීම්* කරමින් සිටින මොහොතේ වුවද, වෙනත් සහෝදර නළුවෙකුට හෝ නිළියකට, *ඤඪචතධඨභඥ තඪදඥඵ* වෙනස් කර, නව දෙබස් ඛන්ඩයක් ක්ෂණිකව ලියා දීමට අමතක නොකරන *ටෙනී,* යහපත් ගණයේ අති-දක්ෂයෙකි…!

එමෙන්ම,

සිනමා තාක්ෂණය ද, කාර්මීකරණය ද පිළිබඳ ඔහු තුළ, හසළ දැනුමක් තිබින…!

*1970 – 71* කාලයේ, මොරටු ගම් 18,ටේ.. විසල් නාට්‍ය තරඟාවලියක්…

* ( සති දෙකක් තිස්සේ ) රාජ්‍ය මට්ටමින්, සංස්කෘතික මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වූ මොහොතේ, ටෙනී* ආධුනිකයෙකු ලෙසින් – ලියා, රංගනය කළ… *කාන්තාරයට වැස්සක්* නාට්‍යය විනිශ්චය මණ්ඩලයේ තීන්දුව අනුව, *හොඳම නළුවා* සහ *හොඳම නාට්‍ය* ලෙසින්, *ටෙනීසන් කුරේ* සම්මාන දෙකකින් පිදුම් ලැබීය…!!

තරගාවලියේ – ප්‍රධාන විනිශ්චයකරු වූ, අප ඉංග්‍රීසි වේදිකාවේ ජයකෙහෙළි නැංවූ, මහා නාට්‍යකරු *මනෝ බ්‍රේකන්රිජ්* (කළුදිය දහර චිත්‍රපටයේ නළු) මහතා කියා සිටියේ, *ටෙනීසන් කුරේ* ගේ නාට්‍යය බලද්දී… මොහොතකටවත් *දෑස්* අහකට ගන්නට බැරිව, ඇසිපිය නොහෙලා එක එල්ලේ බලාසිටින…

වේගවත් *පිංපොං මැච් එකක්* හා සමාන විශිෂ්ට ගණයේ නාට්‍යයක් බව, එසේ පවසමින් *ටෙනීසන් කුරේ* වෙත, සම්මාන දෙකම පුදන ලදී…!!!

[email protected]

දිනේෂ් පි‍්‍රයසාද්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT