Home » ජීවිතාවබෝධය නොලද නිරූපිකාවකගේ කතාව

ජීවිතාවබෝධය නොලද නිරූපිකාවකගේ කතාව

by Thanushika
November 14, 2024 12:30 am 0 comment

නිෂ්පාදකවරුන්ගේ මනදොල සපුරාලන්නට අධ්‍යක්ෂකවරුන් සැදී පැහැදී සිටින්නේ නම්, චිත්‍රපට නිෂ්පාදනය සඳහා නිෂ්පාදකවරුන් සොයා ගැනීම අදටද අපහසුතාවයක් නොමැති කරුණකි. “ඔස්කාර්” තුළින් ප්‍රේක්ෂක මනස තුළ ලියැවෙන්නේ එම සංසිද්ධියේම වෙනත් පරිච්ඡේදයකි. අතිශය ප්‍රකට සිනමා නිර්මාණකරුවකු වූ ඔහු වර්තමානයේ ගෙවන්නේ පාළු සුවිසල් බංගලාවක කාමරයකට කොටුවූ හුදකලා දිවියකි. තමාගේ අතීත දිවිය ආවර්ජනය කිරීමෙන් අනතුරුව තම ජීවිත කතාව තුළින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහු තීරණය කරයි. එම පුවත සමාජගත වීමත් සමඟම ඒ පිළිබඳව අවධානය යොමු කළ එක්තරා නවක නිළියක් ඔහු සොයා යන්නේ එම චිත්‍රපටයේ රංගනය සඳහා අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා ඕනෑම පරිත්‍යාගයක් කිරීමට ඈ සැදී පැහැදී සිටී. නිරාමිස සුව නොපැතූ ඔහු, ඇයගේ උත්සාහය හමුවේ කිනම් ප්‍රතිචාරයක් දක්වයි ද? ඇයගේ බලාපොරොත්තුව ඉටුවේද, යනු ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇත. “ඔස්කාර්” තුළින් කියවෙන්නේ ඇයගේ එම රංගන චාරිකාවේ කතාවයි.

ගිවන්ත අර්ථසාද්ගේ “ඉන්දු සාගරේ මුතු ඇටය” (තිරගත නොවූ ) චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා ලෙසින් සිනමා ක්ෂේත්‍රයට එක්වන එරංග සේනාරත්න “යුවතිපති” සහ “ප්‍රතිඥා” චිත්‍රපට ද්විත්වයෙහි සහය අධ්‍යක්ෂවරයාද විය. 1994 වසරේදී “පළමු පත්වීම” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් පුංචි තිරය තුළින් ප්‍රේක්ෂකයා අතරට පිවිස “ඉර හඳ යට”, “හෝඩුවාව”, “තොණ්ඩුව”, “කේතුමතී රජ දහන”, “පූජා”, “අහසින් වැටුණු ගැහැනියක්”, “කුරුලු පිහාටු”, “සුදු සේල”, “නිල් නෙතු” වැනි ටෙළි නාට්‍ය විශාල ප්‍රමාණයක් නිර්මාණය කරමින් විකාශනය කර ඇත. තිර පිටපත් රචකයකු සේම නිෂ්පාදකවරයෙකුද වන ඔහු විවිධ ශානරයන්ට අයත් චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති අතර, “සුර යහන ගිනි ගනී” (1999) ,“ගිනිගත් මධුසමය” (2000), , “රෝස පැටික්කි” (2002), “සිනාසුණා ආදරෙන්” (2009), “ස්වීට් එන්ජල්” (2011), “නෝනේ මගේ සුදු නෝනේ” (2015), “මොනාලිසා” (2022) යන චිත්‍රපට සිනමා තිරයට එක් කර ඇත. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “නෝනා හරි වසයි”, “නිලූ මං ආදරෙයි”, “ආදරෙයි ජානු”, “පිරිමි ආදරයක්”, “ටාජ් මහල් ”, සහ “ටියුෂන් සර්” යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.

රංගන දායකත්වය

පාලිත සිල්වා, මධුෂාණි වික්‍රමසිංහ, හසිනිකා කරලියද්ද, රයන් වැන්රෝයන්, ලක්ෂිකා ෆොන්සේකා, කාංචනා කාන්, අසංක මෙන්ඩිස්, මෙත්තානන්ද විතානගේ, අයේෂා ෂාමෙන් පෙරේරා, සිතුන් ඩින්සර ද සිල්වා, ඔෂිර තිසෙව් (ළමා නළු)

කාර්මික දායකත්වය

කතා සංකල්පය සහ අධ්‍යක්ෂණය – එරංග සේනාරත්න

නිෂ්පාදනය – තුෂාර ද සිල්වා

ඉදිරිපත් කිරීම – ශ්‍රී ජයසිනේරු සහ ඩිනේරා මූවීස්

තිර රචනය, දෙබස් සහ ගේය පද රචනය – ඩිනලි රොෂාන්ති සේනාරත්න

කැමරා අධ්‍යක්ෂණය – චානක සේනාධීර

සංස්කරණය – දසුන් රණසිංහ

ශබ්ද මිශ්‍රණය සහ දෙබස් පටිගත කිරීම – යසිත වික්‍රමවර්ධන

වර්ණ සංයෝජනය – ශාන් නල්විස්

අංගරචනය – රසික තෙන්නකෝන්

කලා අධ්‍යක්ෂණය – ප්‍රසාද් වීරප්පෙරුම (ප්‍රීති)

කලා සහය – සරත්චන්ද්‍ර රත්මල්ල

විශේෂ ඇඳුම් නිර්මාණය – කිරන් ජී සොයිසා

නිශ්චල ඡායාරූපකරණය – මහේෂ් නිශාන්ත

නර්තන නිර්මාණය – සංඛ ප්‍රසාද්

සංගීත අධ්‍යක්ෂණය – උදාර ප්‍රනාන්දු

ගීත ගායනය – අයෝමි පෙරේරා / එන්. එම්. ජේ. වසයිලාවෝ

තේමා ගීතය, තනුව සහ සංගීතය – එන්.එම්.ජේ. වසයිලාවෝ

නිෂ්පාදන කළමනාකරණය – රෝලන්ඩ් ද සිල්වා

නිෂ්පාදන විධායක – ඩිලාන් ජගත්

නිෂ්පාදන සහයක – බණ්ඩාර වීරසිංහ

නිෂ්පාදන සම්බන්ධීකරණය – ඩිනලි රොෂාන්ති සේනාරත්න

ඉංග්‍රීසි උපසිරැසි – ගයාත්‍රී රොද්‍රිගු

කැමරා උපකරණ – ආර්.එස්. වීඩියෝ – කළුබෝවිල

 

[email protected]

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT