සිංහල චිත්‍රපට බෙදාහැරීම හා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ විවිධ පාර්ශ්ව මතුකරන විවිධ ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් කිරීමට දේශිය සිනමා ශිල්පින්ගේ සන්ධානයේ විධායක සභාව පසුගියදින බෞද්ධාලෝක මාවත සුදර්ශී ශාලාවේදී රැස්විය. රොහාන් වැලිවිට මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම හමුවේදී දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය සඳහා නව නිලධාරි මඩුලක්ද පත්කර කෙරිණ. එහි සභාපති ලෙස පද්මසිරි කොඩිකාර, ලේකම් එරංග සේනාරත්න පත්වු අතර හිටපු සභාපති රොහාන් වැලිවිට, මොහාන් හෙට්ටිආරච්චි, කීර්ති බණ්ඩාර, සුගත් සමරකෝන්, ලලිත් පන්නිපිටිය, චන්ද්‍රිකා පෙරේරා සෙසු සාමාජිකයෝ වූහ. කැඳවුම්කරු ශාන්ත ගුණවර්ධනය.
චිත්‍රපට ප්‍රදර්ශන අර්බුදයට දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයෙන් නව නිලධාරී මඩුල්ලක්
by Thanushika
June 6, 2024 10:08 am
0 comment
304
previous post