විශ්වය විසින් මෙලොව ජීවත්වන සියලුම සත්වයන් හට ලබා දෙන පොදු පණිවිඩයක් ඇත. එය නිවැරැදිව තේරුම් ගැනීම බුද්ධියෙන් පොහොසත්ම සත්වයා වන මිනිසා සතු පරම යුතුකමකි. එසේ නොවන කල්හි එයට එරෙහිව යන්නන් හට සොබා දහම සමඟින් නිරතුරුවම ගැටීමට සිදුවනු ඇත. මෙම නිර්මාණයට ප්රස්තුතය වී ඇත්තේ ඖෂධ ජාවාරම, මිනීමැරුම්, අල්ලස්, දූෂණ හා පාවාදීම් ජාලයකට හවුල්කරුවන් වූ වෛද්‍යවරයෙක්, හෙදියක් සහ ක්‍රිකට් කී‍්‍රඩකයෙක් යන චරිත ති‍්‍රත්වයේ ජීවන චර්යාවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ හැසිරීම් මෙන්ම ඔවුන්ගේ තේරීම් හැඩගස්වන ආකාරයයි. අවන්ත, කේතකී සහ ආදිත්‍ය මෙරට ග්‍රාමීය ප්‍රදේශ කිහිපයකින් අධ්‍යාපනය හදාරා වෘත්තිකයන් වූ තිදෙනෙකි. මෙම තිදෙනාගේ හැදී වැඩීම, ඔවුන්ගේ සබදතාවයනට, ඔවුනොවුන්ගේ වෘත්තියන් බලපාන ආකාරය සේම, ජීවිතයේ බිදෙන සුලු බව නොදැන මුදල් මූලික කොටගත් දූෂිත සමාජ ක්‍රමවේදය තුළ, අනුන්ගේ ජීවිත දාම් ලෑල්ලක ඉත්තන්සේ සලකමින් තමන්ගෙ පැවත්ම පමණක්ම එකම අරමුණ කොටගත් ඔවුන්ගේ ගමන් මඟ මෙයින්
චිත්රණය වේ. මිනිසුන් ලෙස අපි සදහටම ජීවත් වනවාද යන්න උපකල්පනය කිරීමත් ජීවිතය ජීවත් කරවීමේ මිහිරි බලාපොරොත්තුව මෙන්ම හැකි සෑම මොහොතකම අනෙකාට යහපතක් කිරීමේ අවශ්‍යතාවය පසක් කරමින්, ඊළඟ නැවතුමේදී මිනිසාගේ නොනිමි බලාපොරොත්තු සඳහා විශ්වය විසින් සපයන ශක්තීන් කෙබඳුවේද යන්නත් සිනමානුරූපී ලෙසින් ප්‍රේක්ෂක මනස හරවත්ව සාරවත් කිරීමට මෙම කෘතිය උපයෝගී කරගෙන ඇත.
සිංහල සිනමා කර්මාන්තයට තවත් කාන්තා නියෝජනයක් රැගෙන ‘හෙළෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්’ සමඟින් විනෝෂා නිශාදිනී කිරිවන්දෙණිය ප්‍රේක්ෂකයා අතරට පැමිණෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුළින් උසස් අධ්‍යාපනය හදාළ ඇය, කිවිදියක සේම ගවේෂණශීලි මාධ්‍යවේදිනියකි. කලක් ගුරු ටී.වී. හි නාලිකා කළමණාකාරවරිය ලෙසත්, සත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදකවරියක හා නිවේදිකාවක් ලෙසත් , ජාතික රූපවාහිනී නාලිකාව තුළත් ඇය සේවයේ නිරතව ඇත. “සිහිනය ඔබේමයි” යනුවෙන් මිනිස් ජාවාරම හා අපයෝජනයේ අන්තරායන් පිළිබඳව ටෙලි නාට්‍යයක්ද නිර්මාණය කර ඇති ඇය, තිර පිටපත් රචිකාවක්ද වෙයි. 2024 වසරේ නොවැම්බර් මස ජපානයේ පැවති Japan Prize International Television Competition හිදී, ලෝකයේ විවිධ රටවල් 60 කට අධික සංඛ්‍යාවකින් අවසන් වටයට තේරුණු ලොව හොඳම අධ්‍යාපනික වැඩසටහන් යෝජනා හය අතරට ඇය නිර්මාණය කළ වැඩසටහන එක්විය. තරඟාවලිය නියෝජනය කළ එකම ශ්‍රී ලාංකිකයා ද ඇය විය. අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක නිළ නියෝජනය ලෙස මේ වන විටත් හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ්” පත්ව ඇත.
රංගන දායකත්වය
දමිත් විජේතුංග (අවන්ත), දිල්කි දිසානායක (කේතකී), කනිෂ්ක රණඛාහු (ආදිත්‍ය), කමල් දේශප්‍රිය (අවන්තගේ පියා), මොරීන් චාරුණි (අවන්තගේ මව), නිමල් ජයසිංහ (ආදිත්‍යගේ පියා), ප්‍රින්සි ප්‍රනාන්දු (ආදිත්‍යගේ මව), සුජීව ප්‍රියාල් (ප්‍රදීප්), විශ්වජිත් ගුණසේකර (රණාඛාහු), මනෝජා ප්‍රනාන්දු (ටීෂා), පහන්දි නෙතාරා (කුඩා කේතකී), ස්වර්ණ රාවණ ඩයස් (කුඩා අවන්ත), ප්‍රාවර භාෂණ ඩයස් (කුඩා ආදිත්‍ය), ඉරංග මධුශාන් (ගයාන් දොස්තර)
කාර්මික දායකත්වය
තිර රචනය සහ අධ්‍යක්ෂණය- විනෝෂා කිරිවන්දෙණිය
කතාව සහ නිෂ්පාදනය – විජේන්ද්‍රන් වොට්සන්
කැමරාකරණය – චින්තක ඩී. බණ්ඩාර
සහය අධ්‍යක්ෂණය – ප්‍රදීප් කේ. රාජපක්ෂ
දෙවන සහය අධ්‍යක්ෂණය – අනුරුද්ධ ගුණසේකර, ප්‍රගීත් මධුසංඛ
සංස්කරණය – නිපුණ ප්‍රනාන්දු
ශබ්ද සංයෝජනය – චලක පෙරේරා
වර්ණ සංයෝජනය – අසංක වික්‍රමසිරි
අංගරචනය -යශ් නුවන්සිරි
අංග රචනා සහය ශාන් හිලාරි, විහාර අබේගුණවර්ධන, හසිත ප්‍රමුදිත
විශේෂ ප්‍රයෝග වේශ නිරූපණ ශිල්පී -ඔපුලා ෆොන්සේකා
කලා අධ්‍යක්ෂණය- ලක්මාල් සදරුවන්, හර්ෂ පෙරේරා
කලා අධ්යක්ෂණ සහය – විදුල දිස්සක, සචින් විදානපතිරණගේ, නිලුපුල් බණ්ඩාර
සංගීත අධ්‍යක්ෂණය – චලක පෙරේරා
නිෂ්පාදන සැලසුම්කරණය- හර්ෂ පෙරේරා, ලක්මාල් සඳරුවන්,
රේඛීය නිෂ්පාදනය – විනෝෂා කිරිවන්දෙණිය නිෂ්පාදන කළමනාකරණය – නිපුණ ප්‍රනාන්දු, අමා සෙනරත්
ඇඳුම් නිර්මාණය – මිහිරාජ් නානායක්කාර
කැමරා ක්‍රියාකරු – යසස් හෙට්ටිආරච්චි
කැමරා නාභිගත කිරීම – අශාන් පී. බණ්ඩාර
දර්ශන තල ශබ්ද පටිගත කිරීම සහ සංයෝජනය – මිතුන් කරුණාතිලක
විදුලි ආලෝකකරණය – ඉසුරු උදයංග
බූම් ක්‍රියාකරුවන් – හිමාල් කරුණාතිලක, සයුරු දිල්ෂාන්, අජිත් කුරුකුලසූරිය
කී ග්රිප් – ගයාත්‍ර අනුරුද්ධ බෙස්ට් බෝයි – බෙනට් ජයසිරි
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු