32
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්යක්ෂණය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමාපටය අති සාර්ථක ලෙස දින 100 පසු කරන ලදි. දේශීය විදේශීය නළු නිළියන් විශාල පිරිසක් දායක කරගනිමින් නිර්මාණය වූ ගෞතම බුද්ධ මාතා නිෂ්පාදනය කරනු ලැබුවේ සුමති යුනිවර්සල් (පෞද්ගලික) සමාගමේ සභාපති තිලංග සුමතිපාල විසිනි. මෙම චිත්රපටය දින 100 පසු කිරීම වෙනුවෙන් චිත්රපටය අති සාර්ථක ලෙස ප්රදර්ශනය කළ චිත්රපට ශාලා හිමිකරුවන්ට සැමරුම් තිළිණ ප්රදානය කෙරිණ.
- නයනාංජලී දෙහිපිටිය