429
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම සිනමා පටය ‘ගෞතම බුද්ධ මාතා’ වැඩ අරඹමින් එහි ගීත පටිගත කිරීම පසුගිය දින සිදු කෙරිණි. ගේය පද රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කරන ලද අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. ගායනයෙන් යොවුන් ගායන ශිල්පීනියන් වන කාංචනි අනුරාධා, ආදිත්‍යා වැලිවත්ත අංජලී හේරත් එක්වෙති. යුනිවර්සල් පෞද්ගලික සමාගම වෙනුවෙන් තිලංග සුමතිපාල ‘ගෞතම බුද්ධ මාතා’ නිෂ්පාදනය කරන අතර දෙස්, විදෙස් රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති. සිනමා පටය රූපගත කිරීම් මෙම මස ඇරැඹීමට නියමිතය.