63
ප්‍රවීණ වේදිකා, ටෙලි නාට්‍ය, ටවර් හෝල් රංගන ශිල්පිනීයක, හඬ කැවීම් හා නූර්ති ගී ගායන ශිල්පීනි මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදිකා කුමාරි පෙරේරා පසුගිය දින දිවි රඟමඬලට සමුදුන්නාය. කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ආරම්භක රංගන ශිල්පිනියක් වන ඇය කොටස් පනස් දෙකකට ඒ සඳහා රංගනයෙන් දායක වූවාය. මියයන තෙක්ම ටවර් හෝල් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වල නිල නිවේදිකාව ලෙසද කටයුතු කරන්නට ඇයට අවස්ථාව හිමි විය. මිය යන විට 68 වැනි වියේ පසු වූ ඇයගේ අවසන් කටයුතු පසුගිය 15 වැනිදා බොරැල්ල පොදු සුසාන භූමියේදී පවුලේ ඥාතීන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.