ඉන්දියානු කලාපය තුළ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව යටතේ පවත්වනු ලැබු නර්තන, බෙර වාදන ප්‍රසංගය හා වැඩමුළුව පසුගිය දිනා කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී දින හතරක් පුරාවට පැවැත්විණි.
ඒ සඳහා උප කුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලෝ හෝමා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශෝයි සෙරීනියන්, මානව ශාස්ත්‍ර පීඨයේ පිහිටාධිපති සුදත් සෙනරත් ඇතුළු පීටාධිපතිවරුන්, අංශාධිපතිවරුන්, ආචාර්ය භවතුන් සහ විද්‍යාර්ථින් ප්‍රසංගය රසවිඳීමට පැමිණ සිටියහ.
දකුණු ඉන්දියනු පාරම්පරික ෆ්රායි වාද්‍ය ශිල්පීන් පරම්පරා තුනක් සහ සිංගප්පූරුව, ලාංකේය යාපනයේ වාද්‍ය ශිල්පීන් හා ලලිත කලා අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් විද්‍යාර්ථි වාද්‍ය ශිල්පීන්ගෙන් ප්‍රසංගය සහ වැඩමුළුව සමන්විත විය. මෙම ප්‍රසංගය සහ වැඩමුළුව සංවිධානය කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලසන්තී මනරංජනී විසිනි.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
[email protected]