ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ පොප් රජු ලෙස සැලකෙන මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායක, සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශය කරමින් ප්‍රේක්ෂක රස වින්දනය උදෙසා ක්ලැරන්ස් අඩරබඩථ ධට බඩඥ ට්භඪබචප චිත්‍රපටය පසුගිය 27 වැනිදා දින ම්චදඤර ඛ්ඪබර ඛ්ඥදබපඥ සිනමා සංකීරණයේදී මංගල දර්ශනය ආරම්භ වීමත් සමඟ දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ඇරැඹිණි.
මෙය ආශාවරී සිනමා පටයෙන් ප්‍රේක්ෂක සිත් සතන් මුසපත් කළ තේජා ඉද්දමල්ගොඩගේ අධ්‍යක්ෂණයක් වන අතර ආලෝකෝ උදපාදී නිෂ්පාදක ඬචදඤර ඛ්ඪබර ඛ්ඥදබපඥ නිර්මාතෘ තුසිත ජයසේනගේ දෙවැනි සිනමා නිෂ්පාදනයයි.
දමිත් විජයතුංග, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, පහන් වී ද කොස්තා, දිනක්ෂි ප්‍රියසාද්, දුෂාන් රාජගුරු, මවුලි දුෂ්මන්ත, ෆර්නි රෝෂණි. චමිලා පිරිස්, ශ්‍රිමාල් වෙඩිසිංහ, ප්‍රියන්ත විජේසිංහ, ප්රකාශනි නිරංජලා, ප්‍රාර්ථනා සමාධි, රුක්ෂාන් කරුණානායක, ප්‍රසන්න දැකුම්පිටිය, දනුෂ්ක ඩයස්, ඉඳුවර සූරියබණ්ඩාර, ලලින්ද්‍ර තිසේරා, හේමක ඩයස්,රුචි ලක්මාලි, නිපුණී රාජපක්ෂ, ශනුද්‍රි ප්‍රියසාද්, සංදලන් සිල්වා, ශේෂාද්‍රි ප්‍රියසාද් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති.
කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා, සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියද්ද, සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් යසෝද ධනුපම, කලා අධ්‍යක්ෂණය මංජුල පුෂ්පකුමාර, ඇඳුම් නිර්මාණය ලසන්ත ප්‍රදීප් උඩුකුඹුර, අංගරචනය හා කොණ්ඩා සැකසුම් ඉන්දික උදාර ලංකා, නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල්, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න,නිෂ්පාදන කළමනාකරණය වී.පි කුමරන් සමඟ අචිනි මඩවලගෙනි.