Home » ක්ලැරන්ස් 27 දා සිට දිවයින පුරා

ක්ලැරන්ස් 27 දා සිට දිවයින පුරා

by Thanushika
June 19, 2025 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ පොප් රජු ලෙස සැලකූ මෙරට සංගීත කලාව නව ආරකට ගෙනගිය පුරෝගාමියකු වූ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත චාරිකාවේ සොඳුරු තැන් ස්පර්ශ කරමින් ප්‍රේක්ෂක රස වින්දනය උදෙසා ක්ලැර්න්ස් Rhythm of the Guitar චිත්‍රපටය එළඹෙන 27 වැනිදා දින සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ඇරැඹේ.

මෙය ආශාවරී සිනමා පටයෙන් ප්‍රේක්ෂක සිත් සතන් මුසපත් කළ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණයක් වන අතර ආලෝකෝ උදපාදී නිෂ්පාදක kandy City Centre නිර්මාතෘ තුසිත ජයසේනගේ දෙවැනි සිනමා නිෂ්පාදනයයි.

දමිත් විජයතුංග, නිහාරි පෙරේරා, සාරංග දිසාසේකර, පහන් වී ද කොස්තා, දිනක්ෂි ප්‍රියසාද්, දුෂාන් රාජගුරු, මවුලි දුෂ්මන්ත, ෆර්නි රෝෂණි, චමිලා පීරිස්, ශ්‍රීමාල් වෙඩ්සිංහ, ප්‍රියන්ත විජේසිංහ, ප්‍රකාශනි නිරංජලා, ප්‍රාර්ථනා සමාධි, රුක්ෂාන් කරුණානායක,ප්‍රසන්න දැකුම්පිටිය, දනුෂ්ක ඩයස්, ඉදුවර සූරිය බණ්ඩාර, ලලින්ද්‍ර තිසේරා, හේමක ඩයස්, රුචි ලක්මාලි, නිපුණී රාජපක්ෂ, ශනුද්‍රි ප්‍රියසාද්, සංදලන් සිල්වා, ශේෂාද්‍රි ප්‍රියසාද් ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති.

කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා, සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියක්ද, සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් යසෝද ධනුපම, කලා අධ්‍යක්ෂණය මංජුල පුෂ්පකුමාර, ඇඳුම් නිර්මාණය ලසන්ත ප්‍රදීප් උඩුකුඹුර, අංගරචනය හා කොණ්ඩා සැකසුම් ඉන්දික උදාර ලංකා, නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල්, ශබ්ද පරිපාලනය අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න, නිෂ්පාදන කළමනාකරණය වී.පි කුමරන් සමඟ අචිනි මඩවලගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT