299
අපේ ප්‍රින්සිපල් සහ පාස්පෝට් යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි චිත්‍රපට අධ්යක්ෂ ක්‍රිස් ඇන්තනි ගේ නවතම සිනමා නිර්මාණය Unlock නම් වේ. එහි රූගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු මේවන විට අවසන් වී ඇති බව වාර්තා වේ.
සජිත ඇන්තනි, ශලනි තාරකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍යාම් ප්‍රනාන්දු, කුසුම් රේණු, නිරෝශන් විජේසිංහ සහ රුක්ෂාන්ති පෙරේරා මෙහි චරිත නිරූපණය කරති. ක්‍රිස් ඇන්තනි කතාව ලියා තිරරචනය කළ Unlock චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ හබරකඩ ඉන්දික ක්‍රිශාන්ත තිසර සම්පත් විසිනි.
