41
ගී පද රචකයින්, සංගීත නිර්මාණකරුවන් සහ ගායකයින් ඇතුළු සංගීත නිර්මාණ ශිල්පීන්ට හිමිවිය යුතු කර්තෘ භාගය නිසි පරිදි ලබා ගැනීමේ විධිමත් වැඩ පිළිවෙළක අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැත්විණි. මෙම සාකච්ඡාවට භාතිය ජයකොඩි, රංග දසනායක, චින්තක ජයකොඩි සහ නිලාර් එන්. කාසිම් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.