Home » කතරගම ප්‍රේමා නාට්‍ය ෙයන් කියවන්නේ  විප්ලවීය වෙනසක්

කතරගම ප්‍රේමා නාට්‍ය ෙයන් කියවන්නේ  විප්ලවීය වෙනසක්

අධ්‍යක්ෂ සරත් දික්කුඹුර

by Thanushika
July 25, 2024 10:22 am 0 comment

කලා ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨයකු ලෙස මේ වනවිට දශක ගණනාවක් කටයුතු කරන ඔහු වේදිකාව සිනමාව හා පුංචි තිරය උනවිත් ඇසුරු කොට ලද අත්දැකීම් සම්භාරය අති විශාලය.

සිනමාවෙන් රංගන ජිවිතයට ප්‍රවිෂ්ටව වේදිකාව හා පුංචි තිරය තුළ රංගන ශිල්පියකු නිර්මාණකරුවකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන් නිර්මාණ ජිවිතයේ අංශ ගණනවක සැරි සැරූ ඔහු මේ වනවිට සිය නවතම වේදිකා නිර්මාණය ‘කතරගම ප්‍රේමා’ ප්‍රෙ‍්‍ර්ක්ෂකාට ඉදිරිපත් කර තිබේ. මේ ඒ පිළිබඳ ප්‍රවීණ රංගනවේදී සරත් දික්කුඹුර සමඟ කළ කතාබහකි.

ඔබේ අලුත්ම වේදිකා නාට්‍යය ගැන කතා කර ඉමුද මුලින්ම

අපි මේ නාට්‍යයේ මුල්ම දර්ශන වාරය පසුගිය මාර්තු පැවැත්වූයේ. මේ නාට්‍යයට තේමාවන කතාව වෙනස්. ඒ නිසා මිනිස්සු මේ වටා එකතු වෙන්න උනන්දුවක් දක්වනවා. මොකද එක පැත්තකින් මේක සංවාදශීලී නාට්‍යයක්. අපි විශ්වාස කරන්නේ ඒක ප්‍රේක්ෂකාගාරය තේරුම් ගනීවි කියලා.

මේ වකවානුවේ සමාජයට අවශ්‍ය වෙනස්වීම ගැන අපි ලොකු සෙවීමක් කරනවානේ. ඒ සෙවීම ගැන තමයි මේ නිර්මාණය තුළ අපි සංවාදයක් ඔස්සේ ගොඩනඟා තිබෙන්නේ.

විප්ලවීය වෙනසක් සඳහා නිවැරදි විය යුතු කෙසේද කියන දේ තමයි අපි මේ නිර්මාණයක් තුළ කතා කරන්නේ මේ නිර්මාණය තුළ අපි ගොඩක් දේ කතා කරනවා. කතරගම රූමතියගේ කතාව ඔස්සේ පරිකල්පනීයව ගොඩනැඟුණු වෙනස් නාට්‍යයක් තමයි මේ වේදිකා නාට්‍ය කතරගම ප්‍රේමා කියල කියන්නෙ.

ඔබේ කලා ගමනේ ආරම්භය පිළිබඳත් කතා කරමු.

1986 පතිරාජ එල් එස්් දයානන්ද මහත්මයාගේ’ කිවුලේගෙදර මොහොට්ටාල’ චිත්‍රපටයෙන් මම ක්ෂේත්‍රයට ආවේ. වේදිකාවට ආවේ 1990. දී ශේක්ස්පියර් නාට්‍යවලින්. ඒ වකවානුවේ තමයි ශේක්ස්පියර් නාට්‍ය මධ්‍යස්ථානය ලංකාවේ ස්ථාපිත කළේත්. හැබැයි ඒ වෙනකොට පුන්තිලා වැනි නාට්‍ය ලංකාවේ තිබුණා. පුත්තිලා නාට්‍යයට සම්බන්ධ වෙන්න තමයි මුලින්ම මම උත්සාහ කළේ. නමුත් ඒ අවස්ථාව මට මඟහැරෙනවා. නමුත් ඒ අවස්ථාවේදී තමයි මට පතිරාජ එල් එස් දයානන්ද මහත්මය මුණ ගැහෙන්නේ. ඒ අතරතුර මම තේරුම් ගන්නවා ආසාවට නළුවෙක් වෙන්න බැහැ. නමුත් ඊට ලොකු බුද්ධිමය පසුබිමකුත් නිර්මාණය කරගත යුතුමයි කියන එක. ඉන් පස්සේ මම ඊට කැපවෙන්න පටන් ගන්නවා.

ඒ අවධියේ තමයි මට ඕ. ගාමිණී සිල්වා මුණගැහෙන්නේ එංගලන්තයේ රාජකීය ෂේක්ස්පියර් මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලැබූ එකම ලාංකිකයා ඔහුයි. ඒ කාලයේ ලංකාවේ ශේක්ස්පියර් මධ්‍යස්ථානය ගොඩනගන්න ප්‍රමුඛ වී කටයුතු කළ අයෙක්. ඒ ආයතනය පිහිටුවීමේ අභිප්‍රාය වූයේ ශේක්ස්පියර් නාට්‍ය ලංකාවේ ප්‍රචලිත කිරීම. මේ ඔස්සේ ශේක්ස්පියර් නාට්‍ය කලාව ප්‍රවර්ධනයට වැඩ කටයුතු ගණනාවක් සිදුවෙනවා. විශේෂයෙන් ලෝක පූජිත නාට්‍යකරුවන්ගේ රංග රීති හඳුනා හඳුනා ගන්න මේ නාට්‍ය ඇසුරු කිරීම හරි වැදගත්.

1990 ඔතෙලෝ නාට්‍යයෙන් ඇරැඹූ මේ මධ්‍යස්ථානය ඔස්සේ අද වන විට වැඩ කටයුතු රාශියක් සිදුවෙනවා.

චිත්‍රපට ක්ෂේත්‍රයේ ඔබේ සම්බන්ධය මොන වගේද?

මුලින්ම පතිරාජ එල් එස් දයානන්ද මහත්මයාගෙ කිවුලෙ ගෙදර මොහොට්ටාල චිත්‍රපටයෙන් පිවිසුණේ. ඊට පස්සේ චන්ද්‍රරත්න මාපිටිගම ආදීන්ගේ චිත්‍රපට ඔස්සේ චිත්‍රපට හතළිස් පහකට පමණ රංගනයෙන් දායක වී තියෙනවා.

ෂේක්ස්පියර් මධ්‍යස්ථානය ඔස්සේ මොනවාද සිදුවන විශේෂ කටයුතු ?

අඛණ්ඩව එහි අපි කටයුතු කරගෙන යනවා. ඕ. ගාමිණී සිල්වා මහතා එහි සභාපති වශයෙන් කටයුතු කරන්නෙ. මම කටයුතු කරන්නෙ එහි ලේකම් වශයෙන්. අපි මේ ආයතනය 1990 මුලින්ම පිහිටෙව්වට පස්සෙ ඔතෙලො නාට්‍යය තමයි මුලින්ම ඉදිරිපත් කළේ. 423 වැනි ෂේක්ස්පියර් ගුණ සමරුව සමඟ යි 1990 අප්‍රේල් 23 වැනි දින අපි මෙය ආරම්භ කළේ. ඉන් අනතුරුව සෑම වර්ෂයකම අප්‍රේල් 23 වැනිදා ෂේක්ස්පියර් ගුණ සැමරුමට සමගාමීව වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කරනවා. ෂේක්්ස්පියර් නාට්‍ය පාසල් මට්ටමින් ඉදිරිපත් කිරීම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ඇතුªළු ඒ අතර වෙනවා.

ඔබ නිර්මාණය කළ චිත්‍රපටය ගැනත් කතා කරමු නේද ?

චිත්‍රපට ක්ෂේත්‍රයේ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් ඔස්සේ තමයි මම ‘මරු කතර’ චිත්‍රපටය නිර්මාණය කරන්න පෙලඹෙන්නෙ. එය මේ වසර අවසාන වනවිට තිරගත වීමට නියමිත යි. ඊට අමතරව තව ළමා චිත්‍රපටයක් කරන්නත් සැලසුම් කරනවා. දැනටමත් එහි පිටපත ලියා අවසන්. ඉතින් ඒ චිත්‍රපටයේ කටයුතුත් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා.

පුංචි තිරයේ දායකත්වය ගැනත් මතක් කරමු

ටෙලි නාට්‍ය දෙසිය පනහකට විතර මේ වනවිට මම දායක වී තියෙනවා.

මේ දිනවල මගෙම ටෙලි නිර්මාණයක වැඩ කටයුතුත් සිදුවෙනව. එයත් ඉදිරියේ දී ප්‍රේක්ෂකයන් ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා

කතරගම ප්‍රේමා නාට්‍යයේ පසුබිම ගැන තව ටිකක් පැහැදිලි කරමු

සත්‍ය සිදුවීම් පාදක කරගත් කතා ඇසුරෙන් නිර්මාණ ගොඩනගන්න හරිම කැමැතියි. මේක අපි පෙර කතා කළ විදියට එබඳු නිර්මාණයක්. ඒ නිර්මාණය තුළ අපි ලොකු සංවාදයක් ගොඩනඟල තියෙනවා විප්ලවය හා නව වෙනසක් ගැන. පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා මේ නාට්‍යය ගොඩක් ඉලක්ක කරනවා. විශේෂයෙන් නූතන දේශපාලන, ආර්ථික, සමාජයීය ප්‍රශ්න කළමනාකරණය ගැන ලොකු සංවාදයක් මෙහි ගොඩනැඟෙනවා. එය දරුවන් හඳුනාගැනීම ගොඩක් වැදගත්.

මේ නාට්‍යයේ කතාව පිටපත රචනය හා අධ්‍යක්ෂණය මගේ. එසේම මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගන දායකත්වය දෙනු ලබන්නේත් මවිසිනුයි. නිල්මිණි පෙරේරා මේ පිටපත රචනා කිරීමේදී මට ලොකු සහායක් ලබාදුන්නා. සිනමාවේ හැට හැත්තෑව දශකයේ අවසාන පුරුකක් වූ ක්ලීටස් මෙන්ඩිස් රූපණවේදියාණන් අවුරුදු විසිපහකට පසු මේ නාට්‍ය ඔස්සේ වේදිකාවට සම්බන්ධ කරගැනීමද විශේෂයි.

එදා මෙදා තුර රංගන ජීවිතයේ දායකත්වය පිළිබඳ ඇති හැඟීම මොකක්ද ?

විශාල කැපවීමක් ඔස්සේ පැමිණි ගමනක් මේ. අපේ ඇරැඹුම අදට වඩා ගොඩක් වෙනස්.

ඒ වෙනස විශාල යි. නිර්මාණකරණයේදී හෝ රංගනනයේදී අපි ගොඩක් හැදෑරුවා ඉගෙන ගත්තා. නිර්මාණයක් වෙනුවෙන් මාස ගණන් ගත කළා කැප වුණා. නිර්මාණයට සම්බන්ධ රංගන ශිල්පීන් එක්ක අපට ලොකු සම්බන්ධයක් තිබුණා නිර්මාණ කාර්යය පුරා. ඒක නිර්මාණයක පරිපූර්ණත්වයට හරි වැදගත් සාධකයක්. නිර්මාණ ජීවිතයේ ගොඩ නගාගත් විනය අදටත් අපට විශාල ආලෝකයක්. ඉතින් ඒ පිළිබඳ ලොකු සතුටක් තියෙනවා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT